ඔබගේ සතුටට බාධා ගෙන එන මෙම කරුණු 04න් ඈත්ව කටයුතු කරන්න

0
4694
happy_girl

සතුට ”  ඇත්තෙන්ම සතුට කියන්නෙ අපි කාගෙත් ජීවිත වලට ආලෝකයක්. මිල මුදල්, රන්  රත්තරං වලට වත් ලබා ගත නොහැකි  අපරිමිත වටිනාකමක් සතුට කියන මේ අකුරු තුනට ලබා දෙන්න පුළුවන් කම තියෙනවා. බොහෝමයක් දෙනා හිනා වෙලා ජීවත් වුනත් ඔවුන් හිත ඇතුලින් නොයෙකුත් දේවල් නිසා තම සතුට අහිමි කර ගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ මොහොතක් හෝ කල්පනා කර බැලුවද ඔබේ සතුටට බාධාවක් වුනේ මොකක්ද කියලා. තමන්ට තියෙන විදියට කාලා බීලා ඇඳලා පැළඳලා  තමන්ගෙ ගෙදර උදවිය එක්ක නිදහසේ රටට ලෝකයට ණයක් නැතිව ඉන්න පුළුවන් නම් ඊට වඩා සතුටක් නෑ කියලයි අපේ වැඩිහිටි උදවිය නම් කියන්නෙ.  ඇත්ත… රටට ලෝකයට ණයක් නැතිව ඇත්නම් කාලා නැත්නම් නිදහසේ ඉන්න පුළුවන් නම් ඒක අපි හැමෝගෙම ජීවිත වලට ලැබෙන සතුටක්.

ඉතින් මෙන්න මේ කියන සතුට නැති කර ගන්නෙත් ඔයාලාගේම වරදින්. ඔයාගෙ ජීවීතේ සතුටට බාධා ගෙනෙන මෙන්න මේ කාරණා 04න් මිදී කටයුතු කරන්න පුළුවන් නම් මේ ලෝකෙ සතුටින්ම ජීවත් වෙන්න වාසනාව තියෙන කෙනා ඔයා වෙන්න පුළුවන්.

1. අධික තණ්හාව

ඇති දේටත් නැති දේටත් ආසා කරමින්  නැති දේවල් ලබා ගැනීමට සිහින මවමින් ජීවත් වෙනවා  නම් ඒ දේ ඔබගේ ජීවිතයේ සතුට අහිමි කරන ප්‍රධාන හේතුවක්. අර අයට අරවා තියෙනවා, මේවා තියෙනවා කියමින් අන් අය කරන දේම ඔයත් කරන්න ගියොත් නම් ඔයා ලෝක අමාරුවක වැටෙනවා. මොකද තණ්හාව කියන කිළිටි චේතනාව ඔයාගෙ සිත පුරා මුල් දුවලා නම් ඒකෙන් වෙන්නෙ ඔයාගෙ සතුට ඔයාට අහිමි කරන එක. ඒ නිසා කිසිම දෙයකට වැඩියෙ ආශා කරන්න යන්න එපා. ඒ දේ ඔයාගෙ කර ගන්න බැරි වුනොත් ඔයා ඒ දුකෙන්ම මානසික රෝගියෙක් වෙන්නත් බැරි නෑ. ඒ නිසා තියෙන දේ රැක ගෙන හිතේ සතුට හැමදාටම පවත්වා ගන්න නුවණක්කාර වෙන්න.

2. සියලුම දේ ඔබට රිසි අයුරින් සිදු විය යුතුයි යන මතය

ගෙදර හරි ගෙදරින් පිටදි හරි  ඔයාගෙ සහභාගිත්වයත් පෙර දැරිව යම් දෙයක් සිදු කරනවා නම් ඒ දේ ඔයාට ඕන විදියටම සිදු කරන්න ඕන කියන හැගීම ඔබ තුලත් පවතිනවාද ? එසේ නම් එය ඔබගේ සතුට අහිමි කරන අනෙක් ප්‍රධානතම කරුණය. කිසිම දිනක ඔබට ඕන හැටියට කිසිම දෙයක් සිදු කරන්න යන්න එපා. බැරි වෙලාවත් ඔබේ මතයට සිදු කරනු ලබන දෙයින්  යම් වරදක් වුවහොත් සියලු දෙනා ඔබ තනි වරදකරු බවට පත් කරාවි. එතනදි ඔබේ සිතේ සතුට නැති වෙනවා වගේම ඔබට ඔබ ගැනම කළකිරෙන්න සිදු වේවි. මොකද ඔබ  කරේ වරදක් කියලා ඔබේ සිත ඔබටම වඳ දෙන්න ගත්තොත් ඔබ ඔබට කිසිදු දිනක සමාවක් නම් දෙන එකක් නෑ. ඒ නිසා කිසිම දිනෙක ඔබේ තනි මතයට  කටයුතු කරන්න යන්න එපා. කටයුත්තක් කරනවා නම් සියලු දෙනාගේම සහයෝගය හා උපදෙස්  අරගෙන එය සිදු කරන්න.

3.  අන් අය ඔබට අවශ්‍ය ආකාරයට හැඩගැසිය යුතුය යන මතය

ඔබගේ ජීවිතයේ සහකරු , මාපියන්, දූ දරුවන් වගේම අන් අයද ඔබට අවශ්‍ය  ආකාරයට හැඩ ගැසිය යුතුය යයි ඔබ සිතන්නේද ?  ඔබ එසේ සිතුවද  එය ඔබට අවශ්‍ය ලෙස සිදු නොවීම තුලින් වන්නේ ඔබගේ සිතේ සතුට ඔබට අහිමි වීමයි. කිසිම දිනක අන් අය ඔබට අවශ්‍ය ලෙස හැඩගැසිය යුතුයි යන පහත් මානසිකත්වයකින් කටයුතු නොකරන්න. යම්‍  යම් පුද්ගලයාගෙන් පුද්ගලයාට උරුමව ඇත්තේ ඔහුට හෝ ඇයටම හිමි හැසිරීම් රටාවක් වන අතර තමන්ගේ අභිමතය පරිදි අන් අය හැසිරවීම නොකරන්න.

4.  තමන්ට ඇති දෑට වැඩියෙන්  දේවල් බලාපොරොත්තු වීම

බොහෝමයක් දෙනා සිතා සිටින්නේ තමන් මහළු වියේහිදී  රිසි සේ සැප සම්පත් ලබා නිදහසේ ජීවත් වීමට නම්  පුළුවන් කාලයේදී වැඩි වැඩියෙන් ධනය රැස් කිරීම කල යුුතු බවය. නමුත් වැඩි ධනයකට උරුමකම් කියන බොහෝමයක් ධනවතුන් සිටිනුයේ සිතේ බියකිනි. සොර සතුරන් ගෙන් තමන්ට මෙන්ම තම දේපල වලටද ඇති තර්ජන ගර්ජන නිසා වැඩිපුර  ධන ධාන්‍ය ඉපයීම තුලින් වන්නේ ඔබගේ ජීවිතයේ ඇති සතුට පහව යෑමය.  ධනය වැඩිපුර ඉපයුවද  පිටත  සමාජයට එය ප්‍රදර්ශනය නොවන ආකාරයෙන් ජීවත් වීම ඔබගේ වගකීමකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here