ඇස් වලට හානි ගෙනෙන නරක පුරුදු ගැන ඔබත් දැන සිටීම වැදගත්

0
7670
eye_care

ඇස් දෙක කියන්නෙ අපි කාටත් තියෙන වටිනාම ශරීර අවයවයක්. කියමනටත් කියනවා නේ හිඟා කන්න වුනත් ඇස් දෙක පේන්න තියෙන්න ඕන කියලා. ඉතින් ඒ ඇස් දෙක රැක ගන්න එක අපේ වැඩක් වගේම ඇස් දෙකට හානි වෙන වැරදි පුරුදු මොනවාද කියලත් අපි හොඳින් දැන සිටීම වැදගත් කියලයි මට නම් හිතෙන්නෙ. ඉතින් එහෙනම් බලන්න ඔයත් මේ වැරදි පුරුදු වලට හුරු වුන කෙනෙක්ද කියලා.

නිතර නිතර පරිඝණක භාවිතය


දවසෙ වැඩි වෙලාවක් ඔයා ගත කරන්නෙ පරිඝණකය ඉදිරියෙද? එහෙනම් ඉතින් ඒ දේ නම් ටිකෙන් ටික අඩු කර ගන්න ඔයාට සිදු වෙනවා. පරිඝණක තිරය දෙස  වැඩි වේලා බලා සිටීම තුලින්  ඇස් වල වියළි බවක් ඇති වෙනවා. ඒ තුලින් ඇස් පෙනීම දුර්වල වන අතර  එයට විසඳුමක් ලෙස පරිඝණකය භාවිතයේදි පරිඝණක කන්නාඩි භාවිතා කිරීම සුදුසු වේ.

හිරු එළියට  නිරාවරණය 


හිරු එළිය මගින් ඇස් වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් ඇස් දෙක එක එල්ලේ හිරු එළියට නිරාවරණය නොකොට ඔබට පුළුවන් නම් අව් කණ්ණාඩි භාවිතා කරන්න. හිරු එළියෙන් නිකුත් කරන යම් යම් කිරණ ඇස් වල පටල මත අන්ධතාවක් ඇති කරන නිසා ඇස් වල පෙනීමේ මට්ටම දුර්වල වෙන්න වුනත් ඉඩ තියෙනවා.

ආලේප භාවිතය


අපේ ගොඩක් කාන්තාවන් නම් මෙම වැරදි පිළිවෙත කරනවා. ඇස් මත හෝ මූණෙහි ඔබ ගල්වන ආලේප අව්වට, දහඩියට පිච්චුනාම ඒවා  දහඩිය සමඟ ඇස් වලට වුනත් යන්න ඉඩ තියෙනවා. එක එක කෙමිකල් අඩංගු මේ ආලේපන නිසා අපි ඇයි අඩු වයසින්ම අන්ධයින් වන්නෙ.ඒ නිසා රාත්‍රියට එහෙම ඔය එක එක ක්‍රිම් වර්ග ගල්වද්දි ඇස්‍ වටේ ඒවා නොගල්වා ඉන්න වග බලා ගන්න.

අදුරේ දුරකථන, පරිඝණක භාවිතය


අපේ ගොඩක් තරුණ තරුණියන් නම් මේ වැරැද්ද සිදු කරනවා. රාත්‍රියට නිදා ගන්න ඇඳට යද්ද‍ෙ සියලු විදුලි ආලෝක නිවා දමා දුරකථනය , ලැප් ටොප් එක පමණක් අරගෙන යනවා. ඉතින් ඔබ දන්නවද අදුරේදි මේ උපකරණ වලින් නිකුත් කරන එළිය ඔබගේ ඇස් වලට හානි සිදු කරන බව. ඇස් වල පටල විනාශ වෙන්නත් මෙය හේතුවක් වෙනවා.ඒ නිසා අද සිට කවදාවත් අදුරේ දුරකථන , ලැප්ටොප් භාවිතය සිදු නොකරන්න වග බලා ගන්න.

රූපවාහිනි නැරඹීම 


අපේ ගොඩක් පොඩි දරුවන්ටත් ඇස් පෙනීමේ දුර්වලතා තිබෙනවා. එයට එක් හේතුවක් තමයි රූපවාහිනිය නරඹන විට ඔවුන් රූපවාහිනිය ඉදිරියේ සිටම එය නැරඹීම. ඉතින් අර රූපවාහිනිය හරහා නිකුත් කරන ආලෝක ධාරාව දරුවන්ට වගේම වැඩිහිටි අයගෙ ඇස් වලටත් දරා ගන්න අමාරුයි. එහිදි ඔබට වුවත් පෙනීමේ දුර්වලතා වලට මුහුණ පාන්න සිදු වේවි. ඒ නිසා අද පටන් රූපවාහිනිය නරඹනවා නම් රූපවාහිනියට අඩි පහක් දහයක් වත් දුරින් ඉන්න.

ඒ විතරක් නෙමෙයි ඇසට රොඩ්ඩක් එහෙම ගියාමත් බොහෝ දෙනා එක එක දේවල් වලින් ඇස් දෙක සෝදනවා.ඒ දේවල් එතරම් හොඳ මදියි. මොකද  ඇස කියන්නෙ ඉතා සියුම් පටල තියෙන ගොඩක් හොඳට ආරක්ෂා කර ගන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා ඇස් දෙකට හානි ගෙනෙන කිසිම දෙයක් කරන්න එපා. ජීවත් වෙලා ඉන්න කම් හරි හම්බ කරන් කන්න අපට තියෙන වටිනම වස්තුව ඇස් දෙක. ඇස් දෙක අපේ පණ වගේ ආරක්ෂා කර ගන්න ඕන.
ඉතින් ඔබත් මේ වැරදි පුරුදු වලින් මිදී, ඔබගෙ ඇස් දෙකත් පෙනීමේ දුර්වලතා වලින් ආරක්ෂා කර ගන්න වගබලා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here