ලස්සන වෙන්න කැමති ඔබට අපෙන් ආයුර්වේද රහස් කිහිපයක්

0
14929
ලස්සන වෙන්න කැමති ඔබට අපෙන් ආයුර්වේද රහස් කිහිපයක්

අද සමාජ වටපිටාව එක්ක බැලූ කල අපි දන්නවා ගොඩක් කාන්තාවන් ලස්සනට ඉන්න ලස්සන වෙන්න නොයෙක් දේවල් කරනවා කියලා. සමහර ගෑණු ළමයින්ට එක එක විදියෙ රූපලාවණ්‍ය  ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම්  ලස්සන වෙන්නෙ කොහොමද, ලප කැළැල් නැති කර ගන්නෙ කොහොමද ,  සමේ වියළි බව දුරු  කරගන්නෙ කොහොමද යන නොයෙක් ප්‍රශ්න වලින් ඔබ පීඩා විදිනවා වෙන්න පුළුවන්. මෙම අසහනකාරී රූපලාවණ්‍ය ප්‍රශ්න වලට ඔබත් ඉක්මන් විසදුම් සොයන්නෙක්ද ?  නැතිනම් අද වෙළඳපොළේ නොයෙකුත් නම් වලින් භාවිතා වන එකම ආලේපන වලට හුරු වුන කෙනෙක්ද?

ස්වාභාවික අමු ද්‍රව්‍ය යොදා ගෙන ආයුර්වේදයට අනුව මෙම හැම ප්‍රශ්නයක්ම විසදගෙන ලස්සන වෙන්න තරුණ පෙනුම රැක ගන්න පුළුවන් නම් මොන තරම් හොදයිද. ඉතින් මම අද කියන්නෙ ඒ වගේ  ලස්සනට ඉන්න ගෙදර ඉදන්ම කරන්න පුළුවන්  ආයුර්වේද රහස් කිහිපයක්.

ඔබ දන්නවාද සම පිරිසිදු කර ගන්න ආයුර්වේද ක්‍රම වලට අනුව ” එළකිරි”  භාවිතා කරන බව.  ඇත්තටම එය ඔබගේ මුහුණේ  දීප්තිමත් බව රැක දෙනවා වගේම ඔබේ සමේ හා සම මත  ඇති කුහර වල  තැන්පත් වුන දූවිලි  අපද්‍රව්‍ය ඉවත් කර ඔබේ සම පිරිසිදු කිරීමට එළකිරි උපකාරී වෙනවා.  ඔබට පුළුවන් අවශ්‍ය නම් එළකිරි වලට ඔලිව් ඔයිල්,  ආමන්ඩ් ඔයිල්  හෝ දෙහි යුෂ ස්වල්පයක් එක් කර  පිරිසිදු ස්පොන්ච් එකක් භාවිතා කර ඔබේ සම පිරිසිදු කර ගන්න. මෙමගින් ඔබට දීප්තිමත් හා සුසිනිදු සමක් ලබා ගන්න හැකි වේවි.

ඒ වගේම තමයි ඔබ දන්නවද විටමින් පෝෂක ඔබේ සම දීප්තිමත් කර මැරුණ සෛල නැවත ප්‍රාණවත් කරනවා කියලා. ඉතින් ඔබට පුළුවන්  ඔබේ සම වැඩි වැඩියෙන් වර්ධනය කර ගන්න විටමින් පෝෂණ සත්කාරය ඔබේ සමටත් ලබා දෙන්න. කරන්න තියෙන්නෙ ඉතා සුළු දෙයක් විතරයි. දෙහි, ලෙමන්, දොඩම් වැනි විටමින් C පෝෂණ ගුණයෙන් අනූන මෙවැනි දේවල් භාවිතා කර ඔබට පුළුවන් ඔබේ සම පිරිසිදු කර ගන්න. දෙහි හෝ ලෙමන් ගෙඩියක් ගෙන හොදින් මුහුණ  ප්‍රදේශයේ අතුල්ලා මද වේලාවකින් පසුව සෝදා හරින්න. නැතිනම් මද රස්නය සහිත වතුර භාජනයක් ගෙන එයට දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක් එක් කර මුහුණ  සේදීම සදහා යොදා ගන්න.  විටමින් පිරි මෙම අමු ද්‍රව්‍ය තුළින් ඔබට පැහැපත් නීරෝගී  හා දිදුලන සමක් ලබා ගැනීමට හැකිය. එමෙන්ම  දෙහි, ලෙමන්, දොඩම් යුෂ පානය කිරීමට ගැනීම ද බොහෝ සේ ගුණදායි වේ.

ඔබේ සමෙහි ඇති ලප කැළැල් ඉක්මනින් ඉවත් කර  ගැනීමටත්  සුසිනිදු හා රැලි නොවැටුන සමකට හිමි කම් කීමටත් හොද ප්‍රතිකාරයක් ලෙස ඔලිව් ඔයිල් භාවිතා කල  හැකිය.  දිනපතා ඔබ රාත්‍රි නින්දට යෑමට විනාඩි  10කට වත් පෙර මෙය කර බලන්න ඉක්මන් ප්‍රතිඵල එමගින් ඔබට ලැබෙනු ඇත.

දිනපතා නින්දට පෙර රත් කර ගත් ඔලිව් ඔයිල් ස්වල්පයක් අල්ලට ගෙන හොඳින් ගෙල ප්‍රදේශයේ සිට මුහුණ  පෙදෙස ඉහලට සම්බාහනය කරන්න. නොකඩවා සති 2ක් මෙය සිදු කර    ඔබටත් අදහාගත නොහැකි විශ්මිත වූ ප්‍රතිඵල ලබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here