Facebook ලෝලී ඔබ සඳහා

Facebook ලෝලී ඔබ සඳහා

Facebook ගිණුම් හිමියන් වන ඔබ සැම දැන ගත යුතු කරුණු කාරණා අතර මේවාද ඇත. මෙලොව බොහෝ දෙනා අද වන විට සමාජ ජාල වෙබ් අඩවි වල පරිශීලකයන් බවට පත්ව අැත. කුඩා පාසල් දරුවාගේ සිට මැදිවිය ඉක්ම වූ සියලුම දෙනා බොහෝ සෙයින් මෙම සමාජ ජාල වෙබ් අඩවි සමඟ කටයුතු කරති. ඒ අතර Twitter, Google, Instergam, හා facebook යන සමාජ ජාල වෙබ් අඩවි ප්‍රධාන වේ. මේ අතරිනුත් ලොව ජනගහනයෙන් විශාල පිරිසක් facebook ගිණුම් හිමියන් වෙති. අද සමාජයේ සිටිනා පිරිසගෙන් facebook ගිණුමක් නොමැති කෙනෙක්  නැති තරම්ය. එකම පුද්ගලයාට නම් කිහිපයකින් facebook ගිණුම් දෙක තුනක් වත් ඇත. ඉතින් මම හිතුවා මේ තත්ත්වයත් එක්ක අද වන විට බොහෝ දෙනා අතර කතාවට ලක්වෙන මෙන්න මේ facebook ගැන ඔබ නොදන්නා පැත්ත ගැන කථා කරන්න.
2004, පෙබරවාරි මස 04 වන දින  ආරම්භ කරන ලද facebook ජාලයේ ප්‍රධාන මූලස්ථානය එක්සත් ජනපදයේ වන අතර Menlo Park, හා California වල සංස්ථා මූලස්ථාන පිහිටුවා ඇත.  මෙහි නිර්මාණකරු වන්නේ  හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ  එවකට අධ්‍යාපනය ලද මාර්ක් සකර්බර්ග් නම් පුද්ගලයාය. මේ වන විට ලොව වැඩිම ආදායමක් උපයන සමාජ ජාල වෙබ් අඩවිය ලෙස facebook නම් කල හැකිය. එයට ඔබෙත් මගෙත් දායකත්වය නොඅඩුව ලැබෙනු ඇතැයි මා හොදින්ම දනිමි.මොකද අප සියලු දෙනා facebook තුලට පිවිසෙන සෑම වාරයක් පාසාම එයින් යම් කිසි මුදලක් එම වෙබ් අඩවිය කරනු ලබන අයට එකතු වේ.

ඔබ දන්නවාද facebook තුල නිල ලාංජනය මේ වන විය F  අකුර වුවත් එය පටන් ගත් කාලයේදී facebook  මුල්ම ලාංජනයට ඇතුලත් කර ඇත්තේ ජනප්‍රිය නළු Al Pacino ගේ මුහුණු ජායා රූපයක් බව.
ඒ වගේම තමයි මාර්ක් සකර්බර්ග් රතු හා කොල වර්ණ අන්ධතාවයෙන් පෙලෙන නිසා facebook වල මූලික වර්ණය නිල් මත පාදක වී තියෙනවා.

2015, අගෝස්තු මස 12 වන දිනට පමණක් facebook පරිශීලකයන් ගණන බිලියන 1.59ක පිරිසක් වෙලා තියෙනවා.  2012 වර්ෂයේ පෙබරවාරි මස පමණක් facebook ජාලය ඩොලර් බිලියන 104ක මුදලක්  උපයලා තියෙන බවට වාර්තා ලැබී තියෙනවා. එය 2015 ජූලි මස වෙත්ම ඩොලර් බිලියන 250ක වෙළෙද පොළ ප්‍රාග්ධනයක් උපයා ඇති බවට එම සමාගම නිවේදනය කොට තියෙනවා.

මෙපමණ මුදලක් ඉපැයුවත් facebook හී නිර්මාණකරුවා වන මාර්ක් සකර්බර්ග් හට ලැබෙනුයේ ඇමෙරිකානු ඩොලර් එකක වැටුපක් බවයි ඔහු නම් පවසන්නෙ. කෙසේ වෙතත් facebook ජාලය අක්‍රීය වන සෑම මිනිත්තුවකටම එම සමාගමට අහිමි වන ආදායම ඇමෙරිකානු ඩොලර් 25000කි.
Smart phone එකක් හිමි සෑම පුද්ගලයෙක්ම  අඩුම තරමින් දිනකට 15 වතාවක් වත් facebook තුලට ප්‍රවිෂ්ට වෙනවා  කියා ඔබ දැන සිටියද.
Facebook පරිශීලකයන් අතර 8.7% ක් ව්‍යාජ නම් වලින් පෙනී සිටින අතර. Facebook ගිණුම් hack කිරීමේ උත්සායෙන් දිනකට 600,000ක පමණ පිරිසකගෙන් පැමිණිලි වාර්තා වේ.

Facebook ගිණුම් තුල මාර්ක් සකර්බර්ග්ව block කල නොහැකි අතර  facebook  unfriend කිරීමේ block කිරීමේ හේතු මත විවිධ රටවල මිනීමැරුම් පවා වාර්තා වී ඇත.

2011 වර්ෂයේදී එක්සත් ජනපදයේ පමණක් ගොනුකළ දික්කසාද නඩු වාර්තා වලින් 1/3ක සදහන් වී ඇත්තේ facebook යන්නය.
ගතවන සෑම මිනිත්තුවකම මිලියන 1.8 කට වඩා වැඩි like ප්‍රමාණයක් facebook තුල ඇති වේ. Facebook හී like බොත්තම මුලින්ම නම් කිරීමට අදහස් කර ඇත්තේ Awesome යනුවෙනි.  මේ වන විට like යන්න modify වී තව දුරටත් එය Love, wow, ha ha, sad, angry යන mood ද එක්වෙන සේ සකසා ඇත.
ඔබ නොදන්නා තව කාරණයක් තමයි අප facebook තුලට පිවිස එයින් log out වූවාට පසු අප පිවිසි site මොනවාද යන්න facebook ජාලය විසින් track කර  බලනවා. ඒ නිසා හොද පරිස්සමෙන් facebook තුල කටයුතු කරන්න.
පවතින facebook  ගිණුම්  අතර මිලියන 30කට අධික ගිණුම් මිය ගිය පුද්ගලයන්ට අයත් බව ඔබ දන්නවාද?.
ඔබ අප සියලුම දෙනා දන්න කාරණයක් තමයි අපේ දේපළ අප මිය ගිය පසු අපි කැමති කෙනෙක්ට අයිති වෙන විදියට පවරන්න පුළුවන් කියලා. ඒත් ඔබගේ facebook ගිණුම ඔබ මිය ගිය පසු එසේ වෙනත් කෙනෙක් හට පැවරිය හැකි බව ඔබ දැන සිටියාද.

මේ සදහා facebook setting ගොස් එහි  Security click කර Legacy contact හී නියෝග පිළිපදින්න .
ඔබට ඔබේ facebook ගිණුම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී  ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇමතිය හැකි අතර ඔබගේ ගිණුම් විස්තරද ඒ හරහා දැන ගැනීමට හැකියි.
011-269 1692 අංකය හරහා ඔබගේ facebook පැමිණිලිද ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here