සුදු වෙන්න කැමති ඔබට ස්වාභාවික සත්කාරයක්

0
9273
සුදු වෙන්න කැමති ඔබට ස්වාභාවික සත්කාරයක්

කාන්තාව කියන්නෙ ලොව පිනට පහල වුන කෙනෙක් කියායි මම නම් සිතන්නෙ. ඉතින්  කාන්තාවන් වන අප කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. කවුරු කවුරුත් අතර කතා බහට ලක් වෙන සුන්දර චරිතයක් වෙන්න. එහෙම නේද ?.  ඉතින් මේ සුන්දර වෙන්න වෙර දරන අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් සුදු වෙන්න කියලා කරන්න පුළුවන් හැම දේම කරනවා. සුදු වෙන්න ඔබ ඔය කරන දේවල් අතර ඔබගෙ සුන්දරත්වයට හානි වෙන දේවල් පවා සමහර අවස්ථා වලදි කරන්න ඔබ  පෙලඹෙන්න පුළුවන්. මොකද ඔබගෙ අරමුණ සුදු වෙන එක නිසා ඔබ වැඩි දුර හිතන එකක් නෑ සමහර ක්‍රම මගින් ඔබගෙ සමට හානියක් වේවි කියලා .
ඔබ දැක තිබෙනවාද සමහර මැදිවියෙහි පසුවන කාන්තාවන්ගේ මුහුණ ප්‍රදේශය තුල අදුරු පැහැ වූ ලප කැලැල් තිබෙනවා. මුහුණේ තැනින් තැන මෙම කළු පැහැති පැල්ලම් ඔබෙත් තියෙන්න පුළුවන්.  ඒ කියන්නෙ මුහුණ පුරා එකම කාන්තිමත් පෙනුමක් එකම පැහැයක් නොතිබෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයකින් මිදිලා මුහුණ පුරා එකම විදියෙ දීප්තියක් තියෙනවා නම් කොයි තරම් ලස්සනයිද ?.
හරි ආකාරව මුහුණ පිරිසිදු නොකිරීම වගේම අව් රශ්මියට හසුවීම හා කෘත්‍රිම ආලේපන මගින් ඔබේ මුහුණටත් මෙම තැන තැන දුර්වර්ණ වූ ස්වභාවයක් ලැබෙන්න පුළුවන්.
ඔබගේ මුහුණේ තැනින් තැන මතු වුන අවලස්සන දුර්වර්ණ වීම් වලක්වා ගැනීමට නම් ක්ලෙන්සර් හෝ ඩීප් ක්ලෙන්සර් භාවිතා කර මුහුණ පිරිසිදු කර ගැනීමට හැකියි. ඒ වගේම සමට ගැලපෙන ස්වාභාවික ආලේපන වර්ගයක් තෝරා ගෙන භාවිතා කිරීමට ඔබට හැකියි. ඉතින් අද මම කියන්නෙ අන්න ඒ විදියට ගෙදර  ඉදගෙන ඔබටම සාදා ගත හැකි  සුදු වෙන්න පුළුවන්  ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර ක්‍රමයක් ගැන.
මේ සදහා ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතාම ලෙහෙසියෙන් සොයා ගැනීමට හැකියි. ස්වාභාවික දේවල් කවදත් කෘත්‍රිම දේට වඩා සමට මෙන්ම ශරීරයට වුනත් හිතකරයි වගේම ලැබෙන ප්‍රතිඵලත් ඉතා වැඩියි.

අවශ්‍ය ද්‍රව්‍ය
කෝමාරිකා මද සාරය කෝප්ප භාගයක්
දෙහි යුෂ තේ හැදි 02ක්
මුදවන ලද කිරි මේස හැන්දක්

දැන් මෙම කෝමාරිකා මද සාරය භාජනයකට දමා හොදින් පොඩි කර  ගන්න. පසුව එයට කිරි හා දෙහි යුෂ එක් කොට හොදින් මිශ්‍ර කර ගන්න.එම මිශ්‍රණයට කහ කුඩු ස්වල්පයක් එක් කර නැවත මිශ්‍රණය හොදින් කලවන් කරන්න
පසුව මෙම සාදා ගත් ආලේපනය මුහුණේ හා ගෙල ප්‍රදේශයේ හොදින් ආලේප කරන්න. එය විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඒ වගේම මෙය ක්ලෙන්සර් එකක් ලෙස දිනපතා පාවිච්චි කරන්න වුනත් ඔබට හැකියි.

මෙම ස්වාභාවික ප්‍රතිකාර වට්ටෝරුව නිතර නිතර භාවිතා කිරීමට ඔබට හැකි නම් ඉතා හොද ප්‍රතිඵල ලබ‍ා ගැනීමට ඔබට පුළුවන්. ඇත්තටම මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත නිසා ඕනෑම ආකාරයේ සමක් හිමි කෙනෙක්ට භාවිතා කරන්න හැකියි .
නිවසේදීම පිළියෙල කර ගැනීමට හැකි මෙම අගනා ස්වාභාවික ආලේපනය ඔබට ඔබ අපේක්ෂා කර සුදුවන් සමක් ලබා ගැනීමට උපකාරී  වේවි. ඉතින් ඔබට  හැකි මෙම ස්වාභාවික ප්‍රතිකාර වට්ටෝරුව දිනපතා පාවිච්චි කරන්න හොද ප්‍රතිඵල  ලබ‍ා  ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here