ටෙලි‍ෆෝන් බිල දරන්නම බැරිද?

0
1862
telephone-bill

ඔබේ නිවසේ වියදම් ලැයිස්තුව ගැන සලකා බැලුවොත් එයින් ඇතැම් වැය ශීර්ෂ ඔබට පාලනය කර ගැනීම එතරම් අපහසුතාවයක් නොවෙයි. ඒ අතරින් දුරකථනය ගැන නම් සදහන් නොකරම බැහැ. අද ස්ථාවර දුරකතනයටත් වඩා ජංගම දුරකථනය නිසා වැඩ කටයුතු පහසු වුනත් වියදම නම් නොදැනීම ඉහල නගිනවා. ස්ථාවර දුරකථනයක් තිබෙන විට අපි ඇමතුම් ගන්නේ බොහොම සැලසුම් සහගතවයි. දිවා කාලයට නිවෙස්වල බොහෝ දෙනෙක් නොමැති නිසා ඒ කාලයට ඇමතුම් ගැනීම නැවතෙනවා. ඒ වගේම ඇමතුමකට අපිට පිලිතුරු දෙන්න නොහැකි වුනොත් අවශ්‍ය පහසුකම් නැත්නම් ඒ ඇමතුම ලබා දුන් තැනැත්තා ගැන අපි නොදන්නා නිසා නැවත ඇමතුම් ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් ජංගම දුරකථනයකින් ඇමතුම් ලබා ගැනීමේදී වෙලාවක් කලාවක් අපිට නැහැ. ඒ නිසා මාසය අන්තිමට වගේම පැකේජයක් නොමැතිව පාවිච්චි කරනවා නම් කාඩ් සහ රීචාර්ජ් වෙනුවෙන් විශාල වැය බරක් දැරීමට සිද්ධ වෙනවා.ඒ නිසා දුරකථන ඇමතුම් වෙනුවෙන් අපි සීමාවන් පනවා ගන්නේ කොහොමද… ?

ලාබදායක දුරකථන ජාලකට සම්බන්ධ වෙන්න

ඔබදුරකථන සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී වඩාත් ලාබදායක දුරකථන ජාලයකට සම්බන්ධ වෙන්න. මේ වෙනුවෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඔබට තිබෙනවා. ඔබ ඇසුරු කරන අයගෙන් හෝ වෙනත් සන්නිවේදන ආරංචි මගින් ලාබදායක ජාලයකට සම්බන්ද වෙන්න.

සිම් දෙකක් තිබුනත් වරදක් නැහැ

ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම් එකම ජාලයකදී දුරකථන ගාස්තු අඩු නිසා එම පහසුකමෙන් ඔබ ප්‍රයෝජන ලබා ගන්න. දැන් ඇති දුරකථන මගින් සිම් දෙක තුනක් බාවිතා කළ හැකි බැවින් ඔබට ඒ පහසුකම් භාවිතා කිරීමෙන් දුරකථන ගාස්තු අවම කර ගැනීමට හැකි වේවි.

අවශ්‍ය අවස්ථාවදී පමණක් ඇමතුම් ගන්න

ඔබට දුරකථනය තිබූ පමනින් නිරන්තරව ඇමතුම ලබා ගැනීමට යොමු නොවන්න. ඇමතුමක් ගත යුත්තේ ඒ වෙනුවෙන් අවශ්‍යතාවයක් ඇතොත් පමනි.

ඇමතුමට පෙර කථා කල යුතු දේ ගැන හිතන්න

ඇමතුම ලබා ගැනීමට පෙරාතුව ඔබ කථා කළ යුත්තේ මෙනවාදැයි සිතන්න. බොහෝ දෙනෙක් ඇමතුම් ලබා ගත්තාට කථා කළ යුතු දෙයට වඩා කථාව අනවශ්‍ය අංශ වෙතට යොමු වෙනු ඇත.

ඔබ කෙලින්ම හඳුන්වා දෙන්න

දුරකථන ඇමතුමක් ගත් වහාම මුලින්ම ඔබ විසින් ඔබව හදුනා දෙන්න. ඇමතුම ගන්නේ ඔබගේ අවශ්‍යතාවය නිසා බැවින් මුලින්ම ඇමතුම ලබා ගන්නා හඳුන්වා දීම සදාචාරාත්මක ලෙසිනුත් ඉතා වැදගත් වන්නේය. එමෙන්ම සංවාදය එතැනින්ම ආරම්භ වෙන හෙයින් බිල්පතේ වැය බරින් ඔබට නිදහස් විය හැකිය.

අවශ්‍ය දෙය කථා කිරීමෙන් පසුව දුරකථනය විසන්ධි කරන්න

හැම විටම දුරකථන ඇමතුමක් හැකිතරම් කෙටියෙන් අවසාන කිරීමට හැකි නම් අනවශ්‍ය වැය බරකින් ඔබ නිදහස් වෙනු ඇත. අනවශ්‍ය අන්දමින් කතා බහ දිගු වුනොත් අපිට කථා කළ යුතු දෙය විටෙක අමතක වීමට පුලුවන් බැවින් කිව යුතු දෙය මුලටම ගන්න.

පණිවිඩයේ ස්වභාවය අනුව වේලාව තෝරා ගන්න

ඔබ දුරකථන ඇමතුම ලබා ගැනීමට පෙරාතුව දුරකථන ගාස්තු අඩු කාලවේලාවන් ගැන විමසිලිමත් වෙන්න. හදිසි පණිවඩයක් නම් කාලවේලාව ගැන මූලිකත්වය දීමට නොහැකි බව සැබෑව. ඒත් හැකිතරම් ගාස්තු අවම තාලවේලාවන් වෙනුවෙන් යොමු වුනොත් ඔබට අනවශ්‍ය වැය බර අවම කර ගැනීම එතරම් අපහසුවක් නොවේ.

ඇමතුම අවසාන වූ පසුව දුරකථනය විසන්ධි කරන්න

බොහෝ අවස්ථාවන්හිදී ඇමතුම ලබා ගැනීමෙන් පසුව දුරකථනය විසන්ධි නොවුනහොත් බිල්පත වැඩිවීමහෝ මුදල් වැය වීම අපට පාලනය කර ගත නොහැකි වෙනු ඇත. කථාව සමග එය අමතකව ගියොත් ස්වයංක්‍රිය ලෙසින් විසන්දි වෙන තෙක්ම බිල ඉහළ යෑමක් සිදු වෙන නිසා මේ ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වේ.

ඇමතුම අවසානයේදී ඔබ කථා කරන ලද කාලය ගැන බලන්න

ඇමතුම අවසාන වූ පසුව ඒ වෙනුවෙන් ගෙවන ලද කාලය සහ මුදල ගැන බලන්න.එහි අඩු වැඩි වීම අනුව ඔබට හට දිනයේ බිල්පත පාලනය කිරීමට යම් අවබෝධයක් ලැබේවි. අද කතා කාලය අනුව ගෙවිය යුතු බිළ ගැන ඇති දළ සටහන අනුව හෙට දවසේ කිසියම් ස්වයං සීමාවක් පනවා ගැනීමේ අවශ්‍යතාවය ඔබටත් දැනෙන්නට නම් එක් එක් ඇමතුමට පසුව ඒ වෙනුවෙන් වූ වැය ගැන සලකා බලන්න.

නොදරුවන්ට දුරකථනය හසු වීමට තබන්න එපා

දුරකථනයක් පිලිබදව හරිහැටි වැටහීමක් නැති දරුවන්ට එය හසුවීමට තැබීමෙන්ද අනවශය ලෙසින් වියදම් පාර්ශවය ඉහළ යනු ඇත. මෙය ස්ථාවර දුරකථනයටත් බලපාන කරුණකි. අද දුරකථන ජාලගත සම්බන්ධතාවය ඉතා ඉහල බැවින් සම්බන්ධතාවය අධිකව ඇත. ඒ නිසා සෑම අංකයකින්ම ඇමතුමකට සම්බන්ධ විය හැකි  නිසා මේ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.

මහමග ගමන් කරන විට සහ වාහන පදවන විට ජංගම දුරකථන ගනුදෙණුවලින් දුරස් වෙන්න

අද බොහෝ මාර්ග අනතුරුවලට හේතුව වී ඇත්තේ පදිකයන් සහ වාහන පදවන උදවිය විසින් ජංගම දුරකථන හා සංවාදයේ යෙදීමයි. නීතිමය  ලෙසින් පවා එය පාලනය කරන තරමටම අද තත්වය දරුණු වී තිබේ. ඒ නිසා හැකි තරම් එවන් අවස්තාවන්ගෙන් දුරස්ථව සිටීම ඉතාම වැදගත්.

වැරැදි අංක වෙනුවෙන් කථාව දිගු කළ යුතු නැත

බොහෝ විට අපි අමතන අංකය වැරැදි සහගත බව දැනෙයි නම් ඒ ඔස්සේ තව තවත් ප්‍රශ්න කිරීම් අවශ්‍ය නැත. බොහෝ විට අපි ඒ මතම රැදී කරුනු විමසීම නිසා අනවශ්‍ය ලෙසින් බිල්පතේ වැය ශීර්ෂය ඉහළ යෑම සිදු වේ. එවන් අවස්ථාවන්හිදී ඉතා කාරුණිකව ඇමතුම විසන්ධි කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here