යහපත් ආර්ථිකයකට කාන්තා ඔබ ව්‍යවසායිකාවන් කරවන “බිම්මල්” වගාවෙන් හෙට ලොව දිනමු

0
8599
mushroom-cultivation

වර්තමානයේ කෘෂි කාර්මික ‍ක්ෂේත්‍ර යොදාගෙන ව්‍යාපාර ආරම්භ කර  ආර්ථික වාසි අත්පත් කරගන්නා පිරිස් වෙති. කුඩාවට තම ව්‍යාපාරය පටන්ගත් ද ඉන් හොඳ ආදායක් ලබමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමේ අරමුණින්ය. ඉතින් ගෙදර ඉන්න කාන්තා ඔබටත් සරු පල හෙට දිනකට තමන්ගේම කියලා පොඩි කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නම් එහෙම එය ඔබට ඔබේ හෙට දවසට අත්වැලක් වේවි. ඉතින් ගෙදර ඉන්න කාන්තා ඔබට ඔබේම කියලා ලාභදායි ව්‍යාපාරයක් ලෙස “බිම්මල් වගාවක්” ආරම්භ කරන්න අද womanly.lk අපෙන් අත්වැලක්.

බිම්මල් දිලීරමය ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙවැනි දිලීර වගර්‍ අප්‍රාණික ශාක හෘ සත්ව කොටස් මත ජීවත්වේ. එමනිසා මෙවැනි දිලීර මෘතෝප ජීවීන් වශයෙන් හැඳින්වේ. මේ අනුව අප විසින් ආහාරයට ගනු ලබන විවිධ බිම්මල් වර්‍ග මෘතෝප ජීවී කාණ්ඩයට අයත් මිනිසාට ප්‍රයෝජනවත් දිලීර වල හටගන්නා විශේෂිත කොටස් ලෙස සැලකිය හැක. ඈත අතීතයේ සිටම ස්වහාවිකව හට ගත් බිම්මල් මිනිසා ආහාරයට ගෙන තිබේ. නමුත් දැනට වසර කිහිපයකට පෙර සිට ආහාරයට නිරතුරුවම බිම්මල් යොදාගැනීම කෙරෙහි අප සමාජය තුළ පවතින උනන්දූව ක්‍රමයෙන් වැඩිවෙත්ම බිම්මල් වගාව සඳහා යොමුවීමක් දක්නට ලැබේ. දිලීරයන්හි පවතින ලක්ෂණ අනුව විද්‍යාත්මකව දිලීර වර්ගීකරණය කර තිබේ. ඒ අනුව ආහාරයට ගනු ලබන බිම්මල් අයත් වන්නේ බැසීඩියොමයිටීස් කාණ්ඩයටය. මෙම බැසීඩියොමයිටීස් කාණ්ඩයට අයත් වන දිලීර අතුරින් ආහාරයට ගන්නා බිම්මල් අයත් වන්නේ ඇගාරිකාලේස් ගණයටය. මෙම ගණයට අයත් වන බිම්මල්ද නැවත මාංසල හා මාංසල නොවන යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. මාංසල කොටසට අයත් වන සමහර බිම්මල් වර්ග පමණකි ආහාරය සඳහා සුදුසු වන්නේ.

බිම්මල් වගාව ඉතාම ලාභදායි මහන්සි නැතුව ආදායමක් දිනපතාම ලබා ගත හැකි පෝෂ්‍යදායි ආහාරයකි.එමෙන්ම බිම්මල් කියන්නෙ වස විස නැති හොද පෝෂ්‍යදායි ආහාරයක්. දැන් ජනතාව මස් මාළු වැඩිය කන්නේ නැහැ.ප්‍රෝටින් බහුල බිම්මල් වලට ඒ නිසා ඉල්ලුම වැඩියි. හොටල් වල ඉතා ඉහළ මිලකට අලෙවි වන ඉතා රසවත් ආහාරයක්. රතු පාට බිම්මල් ද තිබෙනවා. මෙහිද විශබීජ යෑමෙන් පුළුවන් තරම් වළක්වන්න ඕන. බිම්මල් වගාව සෑම කාන්තාවකටම හොද ආදායමක් ලබා දිය හැකි ව්‍යාපාරයක්

බිම්මල් වගා කරන ආකාරය ගැන දැන ගනිමු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පියන සහිත පිරිසිදු ග්‍රීස් බැරලයක්.
    (මෙය අවශ්‍ය වන්නේ ලී කුඩු මළු හුමාලයෙන් තම්බා ගැනීම සඳහාය.‍)
  • තෙතමනය හා අඩු උෂ්ණත්වයක් රදා පවත්වා ගත හැකි ස්ථානයක්.
    ‍මෙ සඳහා මඩුවක් සකස් කර ගත හැකිය. එය කොටස් දෙකකින් යුක්ත වන ආකාරයට සකසා ගත යුතුය. එය භාවිතා කරන්නේ දිලීර වර්ධනය වන තෙක් පොලිතීන් මළු ගබඩා කර තබා ගැනීමටය. මෙය බීජෞෂණ කුටිය (Incubation Room) ලෙස හැඳින්වේ. අනෙක් කොටස විශාලත්වයෙන් වැඩි විය යුතු වන අතර මනා ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා ගත යුතුය. අස්වනු නෙළීම සිදු කරන දිලීර අඩංගු බඳුන් මෙතුළ තැම්පත් කරනු ලැබේ. මෙය හඳුන්වනුලබන්නේ නෙලන කුටිය (Cropping Room) යනුවෙන්ය. මඩුවේ වහලය සඳහා පොල් අතු යොදාගත හැකි අතර එහි බිත්ති පොළවේ සිට අඩි 3-4 ක් පමණ උසක් දක්වා ගඩොලින් හෝ පොල් අතු වලින් අහුරා ගත හැකිය. වහලය දක්වා වූ අනෙක් කොටස දැල් වලින් හෝ ගෝනි වලින් අහුරා ගත හැකිය. එසේ සකස් කර ගනු ලබන්නේ තෙතමනය හා ආලෝකය නිසි පරිදි පාලනය කර ගැනීම සඳහාය. මඩුව තුළ පොළව මතුපිටට අඟල් දෙකක් පමණ ඝනකමින් යුත් පිරිසිදු වැලි තට්ටුවක් අතුරා ගත යුතුය. මේ සඳහා උණ ලී හෝ වෙනත් ලී පටි යොදා ගත හැකය. මෙම රාක්ක අතර පහසුවෙන් ගමන් කිරීමට හැකි පරිදි සකස් කර ගත යුතුය.
  • නිරෝගී සරු බිම්මල් බීජ සපයා ගැනීම.
    මෙම බීජ සපයා ගැනීම සඳහා පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි කෘෂි කර්ම දෙපාර්තුමේන්තුවේ පිහිටි බීජ මධ්‍යස්ථානයෙන් හෝ රත්මලානේ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකිය. බිම්මල් වගාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ උසස් ගුණාත්මකභාවයෙන් යුත් බීජ පැකට් තෝරාගැනීම තුළින්ය. උසස් ගුණාත්මයෙන් යුත් මුතුබෙලි බිම්මල් බීජ පැකට් තුළ ඒකාකාර සුදු පැහැයකින් යුතුව දිලීර වර්ධනය වී ඇති ආකාරයක් දැකගත හැකිය. බිම්මල් බීජ ගබඩා කිරීමේදී එය උණුසුම් නොමැති කාමරයක පිරිසිදු මේසයක් මත සති දෙකක් පමණ කාලයක් තබා ගත හැකිය. මුතුබෙලි බිම්මල් බීජ නම් ශිතකරණයක පහළ කොටසෙහි සති හයක් පමණ කාලයක් ගබඩා කොට තබා ගත හැකිය.
    බිම්මල් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වගා කළ හැකිය. එනම් පොලිප්‍රොපිලීන් බඳුන් වල ලී කුඩු මත වගා කිරීම හා තැටි තුළ ඇති පිදුරු මත වගා කිරීමයි. මෙහිදී විස්තර කරනු ලබන්නේ මුතුබෙලි බිම්මල් වගාව සඳහා පහසු මෙන්ම අවම වියදම් දැරිය හැකි ක්‍රමය වන පොලිප්‍රොපිලීන් බඳුන් වල ලී කුඩු මත වගා කිරීමයි.
ගැටලු හදුනා ගැනීම

බීජෞෂණ සමයේදි කළු ඉටි රෙද්දකින් වසා දැමූ පසු එය දිනපතාම නිරික්ෂණය කළ යුතුය.මන්ද කූඹින් මීයන් සහ වේයන් වැනි සතුන් මීට හානි කිරීමට ඉඩ ප්‍රස්ථා වැඩි නිසාය.මල් හටගන්නා අවධියේදි විශේෂයෙන් කුරුමිණි වර්ග හා කෝදුරු වර්ග මගින් මල් වලට හානි සිදු කල හැකිය. මේ සදහා මුල සිවම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම භාවිතය වැදගත් වේ.එමෙන්ම කෘමි උවදුරු සදහා ස්වාභාවික සිදු කර ගත හැකි පිලියමක් වන්නේ සාමාන්‍යය ව්‍යවහරයේ බාලොලියා කටු කිගුරු වැනි නම් වලින් හදුන්වනු ලබන උද්භිත විද්‍යාත්මකව ලැන්ටානා කැමරු නමින් හදුන්වන ලබන ශාකයේ වියලි පත්‍ර කැබලි සහ පත්‍ර යුෂ මගින් බිම්මල් වගාවන්හි පළිබෝධ පාලනය සාර්ථකව සිදුකරගත හැකි බව සොයාගෙන ඇත. එමෙන්ම කෘමි උවදුරු අධිකව පවතින්නේ නම් සල්ෆර් දියකර ඉසීම සිදු කල හැකියතමේ ආකාරයට බිම්මල් වගාව ආශ්‍රිත ගැටළු මඟ හරවා ගත හැක.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here