රෝස මල් වගාකරුවන් දැනගත යුතුම අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්

0
17744
roses

රෝසියේසිස් කුලයට අයත් වන රෝස මල් විවිධ වර්ණයෙන්, හැඩයෙන්, ප්‍රමාණයෙන් හා වෙනස් වෙනස් සුවඳින් යුක්තය. රෝස මල් වර්ග පනහක් හැටක් අතර ප්‍රමාණයක් දැනට ලොව ඇති අතර, ඒ අතර,

හයිබ්‍රීට් රෝස
කුරු රෝස
වැල් රෝස
පඳුරු රෝස

දැනට ලංකාවේ බොහෝ මල් වගාකරුවන් ආදායම් ලබන රෝස වර්ග වේ.  නුවරඑළිය , බදුල්ල , බණ්ඩාරවෙල, හැටන්, මහනුවර  යන  කඳුකර  ප්‍රදේශයන් ආශ්‍රිත දේශගුණය මත වැඩි ලෙස රෝස මල් වගාවන් පවත්වා ගෙන යති. විදේශීය විනිමයක් ලෙසට හා  ස්වයං ව්‍යාපාර අවස්ථාවක් ලෙසට රෝස මල් වගා කරන  වගාකරුවන්  එහිදී  දැනගෙන සිටිය යුතු මූලික කරුණු කිහිපයක්  අද womanly.lk තුළින්  ඔබට කියන්න ඕන කියලා මම කල්පනා කරා.  එහෙනම් ආදායමක් ලෙසට රෝස මල් වගා කරන ඔබත් මේ දේවලුත්  සිහියට අරගෙන තවත් සාර්ථක ලෙස ඔබේ වගා කටයුතු  පවත්වා ගෙන යන්න වගබලා ගන්න.

  • දේශගුණය

    සීත දේශගුණයක් සහිත වීම රෝස වගාවට බෙහෙවින් වැදගත් වෙනවා. මොකද රෝස ශාකය නිරන්තරයෙන් රෝගයන්ට ගොදුරු වන නිසා තෙත පස රෝස වගාවට සරිලනවා. මේ නිසා වැඩි කාලයක් පර නොවී රෝස මල්  තියා ගන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සීත දේශගුණය එක්ක තෙත පසේ වගා කරන රෝස ශාක වල මල් වැඩි ප්‍රමාණයක් හට ගැනීමේ ප්‍රවණතාවත් ඉහලයි.

  • සරිලන පස හඳුනා ගැනීම

    ඇතැම් රෝස වර්ග වල හානියට හේතු වන්නෙ පස. මොකද පස තුල සිටින සත්තු⁣න්ගෙන් ශාකයට වන හානිය වගේම පසේ තත්වයත් ශාකයේ හානියට බලපානවා.  ඒ නිසා රෝස වගාවෙදි   පොහොර  යෙදීම, පස සකස් කිරීම වැනි හේතුන් මූලික වෙනවා.
    රෝස වගාවේදි  පස හඳුනා ගැනීම බෙහෙවින් වැදගත් වෙන්නෙ ඒ නිසයි.  නිතරම රෝස වගාවේදි ජලය හොඳින් ඔරොත්තු දෙන ජලය  රදා පවතින පසක් වගාවට යොදා ගැනීම යෝග්‍ය වෙනවා. මොකද රෝස වගාවේදි  ජලය කියන්නෙ මුලිකම සාධකයක්.
    මැටි පස රෝස වගාවට සුදුසුයි වගේම   පාත්ති සකස් කර සාදා ගත් පසත් රෝස වගාවට යෝග්‍යයි. හැබැයි පාත්ති සකස් කරද්දි ඔබ පාත්ති වලට මැටි,  කොහුබත් වගේ ඒවත් එකතු කරන්න මොකද ජලය රදා පැවැත්ම නොවෙනස්ව තිබීම රෝස වගාවට වැදගත්.
    හුණු හා වැලි පස නම් රෝස වගාවට සුදුසු නෑ. නමුත් එම පස  වගාවට සරිලන ආකාරයෙන් පාත්ති ලෙස සකස්කර ගැනීමට ඔබට පුළුවන්.  ⁣පස කොටා  පොහොර එක් කර  ගොම, කොම්පෝස්ට්  වැනි දෑ  සුදුසු පරිදි යොදා  ගනිමින් පාත්ති සකස් කර රෝස පැළ වගා කරන්න ඔබට පුළුවන්.

  • පැළ ලබා ගැනීම

    පැළ ලබා ගැනීමේදී අතු බැදීම, අතු කපා සිටුවීම, පැළ බද්ධ කිරීම , හෝමෝන කිරීම , බීජ මගින් බෝකර ගැනීම වැනි ක්‍රම මගින් පැළ  ලබාගත හැකි අතර   මෙම ක්‍රම මගින්  ලබා ගන්නා  පැළ වෙන් වෙන්ව පාත්ති වල සිටවිය යුතුය.

  • පැළ සිටුවීමේදි සැලකිල්ලට ගත යුුතුය

    ඔබ පාත්ති වල හෝ ගෙවත්තේ ලස්සනට රෝස වගා කළද රෝස පැළ සිටුවීමේ  පරතරය අඩි 03ක්  හෝ 04ක් විය යුතුය.  උසට වැවෙන වැල් රෝස  ශාක  ගස් දෙක අතර අවම අඩි 07ක් වත් පරතරයක් තිබිය යුතුය.
    එමෙන්ම රෝස පැල සිටුවා  මුල් දින දහය සෙවණ ලැබෙන සේ පැළ  තැබිය යුතුය. දිනකට දෙවරක් වත්         වතුර එක් කළ යුතු අතර  පැල සිටුවා  මාස හයක් යන තෙක් එම පැල වලින් පැල ලබා ගැනීම නොකළ යුතුය.

  • පොහොර

    රෝස ශාකයට වැඩිපුර පොටෑසියම් අඩංගු පොහොර යෙදීම තුලින් මල් හට ගැනීම ක්‍රියාකාරී වේ. සති දෙකෙන් දෙකට වගාවන්ට පොහොර එක් කළ යුතු අතර කෘමි සතුන්ගෙන් පැළ  ආරක්ෂා කර ගැනීමට පලිබෝධ නාශක එක් කල හැකිය.

විනිමය ආදායමක් ලෙස හා ස්වයං  ආදායම්  ලෙස රෝස මල් වගාවන් පවත්වා ගෙන යන මල් වගාකරුවන් වන ඔබටත්  අලංකාරය සඳහා රෝස මල් වගා කරන ඔබටත් මෙම කරුණු  වැදගත් වන අතර සාර්ථක මල් වගාවකට  හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here