කාන්තාවන් අඩ නිරුවත් ඇදුම් අදින්නේ පිරිමින්ගේ අවධානය දිනා ගන්න ද ?

0
8291
girl_with_mini_skirt

ඇත්තටම ඇයි අපි ඇදුම් අදින්නේ ? ඔබගෙන් කවුරු හෝ මෙසේ ප්‍රශ්න කලොත් අනිවාර්යෙන්ම ඔබ කියාවි විලිවසා ගන්න කියා. එය සැබෑවකි. සත්ව ලෝකයේ ඇදුම් අදින්නේ මිනිසා පමණි. ඔබට අප පමණක් මෙසේ කරන්නේ ඇයිදැයි ගැටළුවක් පැන නැගිය හැකිය. මිනිසාට පමණක් උරුම වූ ලැජ්ජා බය පදනම් වූ සදාචාරය යැයි පැවසිය හැකිය. කාන්තවන් අද සිරුර නිරාවරණය වෙන්නට ඇදුම් අදිති. ඇතැම් අය මෙයට දැඩිව විරුද්ධ වේ. තවත් කෙනෙකුට මෙය සාමාන්‍ය දෙයකි. ඒ කොහොම උනත් කාන්තාවන් අඩ නිරුවත් ඇදුම් අදින්නේ පිරිමින්ගේ අවධානය දිනා ගන්න ද

සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා ඇදුම් වලට මුල් තැනක් දෙන්නේ කාන්තාවන්ය. ඇදුම් විලාසිතා ගැන කාන්තාවන් ලොකු උනන්දුවක් දක්වනවා. කාන්තාවන් ලස්සනට අදින්න කැමතියි. අද වෙනකොට නම් මෙය සංකීර්ණ දෙයක් වෙලා තියෙනවා. කාන්තාවන් පිරිමින් විලාසිතා කරන විදිය එකිනෙකට වෙනස්ය.

පිරිමි සිරුර නිරාවරණය වන විදියට ඇදුම් අදින්නේ තරමක් කලාතුරකින්ය. පිරිමියෙක් තම පෙකනියේ සිට දන හිස වැසෙන පරිදි ඇදුමක් ඇදීම අමුතු දෙයක් ලෙස දකින්නේ නැත. නමුත් එම ඇදුමම කාන්තාවක් ඇද සිටියේ නම් එය කෙසේ වේවි ද උඩුකය නිරුවත්ව පිරිමියෙක් ගෙවත්තේ වැඩ කරන විට ඒ අසලින් යන කාන්තාවකට ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ නම් තරමක් එය කලාතුරකිනි. නමුදු අඩු ඇදුමකින් සැරසුණු කාන්තාවකගේ සිරුර දැකීමෙන් පිරිමියෙක් තුළ රාගික හැගීම් අධික වනු ලැබේ.

අද වන විට ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් පෙන්වා දෙන්නේ අඩු ඇදුමින් සැරසුණු කාන්තාවන් දකින්න පිරිමින් ඉතාමත් කැමැත්තක් දක්වන අතර එවැනි කාන්තාවන් භාණ්ඩයක් ලෙස දකින්නට ඔවුන් කැමති වන බවත් මේ හරහා සොයා ගෙන ඇත. අඩු ඇදුමින් සැරසුණු කාන්තාවක් දුටු විට ඔවුන්ගේ මොලයේ උද්දීපනය වන කොටස් අවධි වන බව මේ හරහා කියාපායි. එවැනි කාන්තාවක් දුටු විට ” මම බදා ගන්නවා, තද කර ගන්නවා, හසුරුවා ගන්නවා” වැනි අදහස් ඔවුන්ගේ සිත් තුළ පහල වේ. එසේම මෙම පර්යේෂණයෙන් කාන්තාවන්ගේ අඩ නිරුවත් ජායාරූප පෙන්වා ඇති අතර එවැනි ජායාරූප තප්පරයෙන් ඔවුන්ට හොදින් මතක තබා ගැනීමට හැකි වී ඇත.

මෙකි තොරතුරු අනුව පැහැදිලි වන්නේ අඩ නිරුවත්, එනම් අගපසග නිරාවරණය වන ලෙස සිටින කාන්තාවන් දකින්නට පිරිමින් ඉතාමත් කැමැත්තක් දක්වන බවයි. ඒ හරහා ඔවුන්ගේ ලිංගික ආශාවන් වැඩි වන බවයි. එසේ නම් කාන්තාවන් අඩ නිරුවත් ඇදුම් අදින්නේ පිරිමින් ආකර්ෂණය කර ගන්නට ද

සාමාන්‍යයෙන් සිරුර හැඩය හොදින් කැපී පෙනෙන විදියට, පපුව සහ දෙපා වැනි අංග වඩාත් නිරාවරණය වන විදියට සමහර කාන්තාවන් ඇදුම් අදින්න කැමැත්තක් දක්වනවා. නමුත් කාන්තාවන් මෙවෙනි නිරාවරණය වන ඇදුම් අදින්නේ ඔවුන් ආකර්ෂණය කර ගන්න බව පිරිමින් සිතනවා. නමුත් මෙය වැරදිය. කාන්තාවන් පිරිමින්ට වැඩ විලාසිතා කරන්න ඇල්මක් දක්වනවා. ඔවුන් තවත් අය අනුකරණය කරනවා වැඩියි. තවත් කෙනෙකු ලස්සනට ඇද ගෙන සිටින විට එය තමාට තිබේ නම් හොද යැයි කාන්තාවන් සිතනවා. තමන්ගේ නිරාවරණය වී තිබෙන සිරුර දෙස තමාගේ ස්වාමියා හෝ පෙම්වතා හැර අනෙක් පිරිමින් බලනවාට වඩා ඇය ස්‌වභාවයෙන්ම අකමැත්තක් දක්වයි.

නිරාවරණය වූ ඇදුම් කාන්තාවක් අදිනවා නම් ඇය නරක,පහත් යැයි කීම සුදුසු නොවේ. තමන්ගේ යෙහෙලියන් විලාසිතා කරන විට ඇයටද අවශ්‍ය වෙනවා ඊටත් වඩා කැපී පෙනෙන ලෙස අදින්න. කාන්තාවන් නිතරම තමන්ගේ ඇදුම් ගැන සිතනවා. නමුදු බොහෝ පිරිමින් විශේෂ අවස්ථාවක මිස නිතරම ඇදුම් ගැන සැලකිලිමත් වෙන් නෑ.

කාන්තවන්ට පිරිමි ආකර්ශනීය කර ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. ඇයට අවශ්‍ය අනෙක් ඇය ඉදිරියේ කැපී පෙනිමටයි. එසේ නොමැතිව කාන්තාවන් මෙවෙනි නිරාවරණය වන ඇදුම් අදින්නේ ලස්සනට සිටීමටයි. ඔබ ඇගේ ස්වාමියා හෝ පෙම්වතා හැටියට ඇය කොටට අදින්වාට අකමැති නම් ඇය දිගට ඇදීමෙන් ගොඩක් ලස්සනට පෙනෙනවා යැයි කිව හැකිය. එවිට ඇය කොටට ඇදීමෙන් වැලකි සිටීමට බොහෝ ඉඩකඩ තිබේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here