අව්වට කළු වුන සම නැවත පැහැපත් කර ගන්නේ කෙසේද?

0
11799
අව්වට කළු වුන සම නැවත පැහැපත් කර ගන්නේ කෙසේද?
Sunburned woman at beach

ඔබ දන්නවාද අව්වට වගේම දැඩි රස්සනයක් මුළුතැන්ගෙයි වැඩ කරන අවස්ථාවලදිත්  එල්ල වෙනවා කියල? මොකද කිව්වොත් අව් රශ්මිය වගේම දැඩි  රස්නයක් ලිපෙන් එන ගිනි රස්නය නිසාත් ඇති වෙන්න පුළුවන්  එමගින් ඔබේ සම අවපැහැ ගැන්වෙන්න තියෙන ඉඩ ගොඩක් දුරට වැඩියි.
කාන්තාවන් ගොඩක් දෙනෙක් වගේ හරිම අකමැතියි අව්වෙ ඉඳන් වැඩපල කරන්න. ඒ වගේම අව් රශ්මිය තියෙන වේලාවල් වලදි අපේ කාන්තාවන් එළියට නම් බහින්නෙ නෑ නේද. ඔබ එසේ කරන්නෙ ඔබගෙ සම ගැන වගේම ඔබගෙ සුන්දරත්වය ගැනත් වැඩිපුර අවදානයෙන් ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා මම හිතුවා  අව් රස්නය නිසා සම කළු වෙන භයෙන් ඉන්න ඔබට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් ගැන කියන්න ඕන කියලා.

ඔබ දැනටමත් වෙළඳපොළෙන් මිලදී  ගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වර්ග වල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙසට මේවා යොදා ගන්නවා. ඉතින් මේ බලසම්පන්න ඖෂධ දෙක තමයි කෝමාරිකා හා පොල් තෙල්. මෙම අමුද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා සම ආශ්‍රිත ඇති වන ඕනෑම  ප්‍රශ්නයකට විසදුම්  දෙන  ආලේපනයක් හදන හැටි අපි බලමු. මෙම ආලේපනය  අව්වට කළු වුන සමට විතරක් නෙවෙයි  ඉරි තැලුන සමේ ආසාදන වලට පවා ගොඩක් හොදයි. ඒ වගේම සමේ රැලි වැටීම් හා  කුරුළෑ නිසා ඇති වුන කුරුළෑ කැළැල් මකා ගැනීමට ද මෙය වටිනා ප්‍රතිකාර ක්‍රමයක්. තවද සමේ තෙතමනය නිවැරදි ප්‍රමාණය නඩත්තු කරමින් සම සජල කර  තිරිහන් භාවයට පත් කරයි.

මෙම ආලේපනය සාදා ගැනීමට පොල් තෙල් යෙදා ගැනීමේ වාසි කිහිපයක් ද පවතී. එනම්  සමේ තෙතමනය පවත්වා ගනිමින් වයසට යාමේ ක්‍රියාවලි වේගය අඩු කරන්න පොල් තෙල් කියන්නෙ හොදම ස්වාභාවික ඖෂධයක්. ඒ වගේම වියළි සමට ආලේප කල හැකි හොදම ලෝෂන් එක වන්නෙත් පොල් තෙල් බව ඔබ දැන සිටියාද. පොල් තෙල් කියන්නෙ ප්‍රති බැක්ටීරියා හා ප්‍රති දිලීර ගණයෙන් අනූන දෙයක්. ඔබේ සමට ස්වාභාවික දිස්නයක් ලබා දීමටද පොල් තෙල් වලට හැකියාව තිබෙනවා.
දැන් අපි බලමු කොහොමද මේ දිව්‍යමය ආලේපනය සාදා ගන්නෙ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය
සූරාගත්  කෝමාරිකා මඳ කෝප්ප 1/3 ක්
පිරිසිදු පොල් තෙල් කෝප්ප භාගයක්
රෝස, වැනිලා, ලැවන්ඩාර් වැනි සුවඳකාරක වර්ගයක්.

ආලේපනය සාදා ගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට කෝමාරිකා මඳ  හා පොල් තෙල් දමා ගන්න. ඉන් පසුව එය විනාඩි  5ක් හෝ 10ක් අතර කාලයක් හොඳින් මිශ්‍ර  කරන්න. උකු ගතියට දීප්තිමත් වර්ණයක් ලැබෙන තුරු හොඳින් මිශ්‍ර කර ගත යුතුය. දැන් එම මිශ්‍රනය හොඳින් වැසිය හැකි වීදුරු බදුනකට දමා කාමර උෂ්ණත්වයේ තබන්න. එයද විනාඩි 20ක් පමණ කාමර උෂ්ණත්වයේ තැබිය යුතු වෙනවා. මෙම ආලේපනය ඔබට ඕනෑම මොහොතක සාදා ගැනීමට පහසු ආලේපනයක්.

ඔබ සාදාගත් ආලේපනය භාවිතා කරන ආකාරය .

ඔබ මෙය ආලේප කිරීමට කලින් හොඳින් මුහුණ  අත පය පිරිසිදු කර ගත යුතුයි. වෙනත් ආලේපන  භාවිතා කරන අන්දමට මෙයද ඔබ කැමති ඕනෑම වේලාවක භාවිතා කරන්න. නමුත් ඔබට හැකි නම් මෙය නෑමට පසුව ආලේප කරන්න එමගින් ඔබට වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම ආලේපනය කිසිම සැකයකින්  තොරව පාවිච්චි කිරීමට  ඔබට පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here