ධවල මන්දිරය ඇතුලත ගින්න සහ වියරුව

fire-and-fury

පිදුරු හෙවිලි කළ පැල්පතේ ඇති සාමය මහ මන්දිරයේ නැතැයි කියන කියමන ඇත්තක් බව ඔබට ඒත්තු ගැනීමට බොහෝ සාක්ෂි ඇති. ඇත්තටම පවුලක සමගිය සාමය තිබෙන්නේ නිවසේ වපසරිය සහ පහසුකම් මත නොව එහි වාසය කරන සාමාජිකයන්ගේ හදවත් තුළ බව මේ සිදුවීමෙන් ඔබට තව දුරටත් තහවුරු වෙනු ඇති.

මෙවර පැවැති 60 වැනි ග්‍රැමී සම්මාන උලෙලේ සුපිරි තරුව බවට පත් වුයේ ගායක බෘනෝ මාර්ස් වුනත් මෙහි වඩාත් කතා බහට ලක් වුනේ එහි පෙනී සිටි ජනාධිපති අපේක්ශිකාවක් ලෙස තරග කරන ලද “හිලරි ක්ලින්ටන්” වීම විශේෂයක්. ඇය පෙනී සිටියේ “මයිකල් වුල්ෆ්” විසින් රචනා කරන ලද “ෆයර් ඇන්ඩ් ෆියුරී ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්” කෘතියත් අතැතිවයි. එහිදී ඇය ට්‍රම්ප්ගේ ක්ෂණික ආහාර වට්ටෝරුව ප්‍රේක්ෂකයන් ඉදිරියේ කියවන විට සභාව පුරාම පැතිරී ගියේ හාස්‍යය පිරි සිනාවක්. ඒ අනුව ට්‍රම්ප්ගේ ක්ෂණික ආහාර වට්ටෝරුවේ පහත දැක්වෙන ආහාර සන්නාමයන් ඇතුලත්,

  • මැක්ඩොනල්ඩ්
  • කෙන්ටකි ප්‍රයිඩ් රයිස්
  • පිට්සා
  • ඩයට් කොකා කෝලා

“Fire and fury : inside the Trump white house” මේවාට අමතරව ඔහු රාත්‍රියට බිග් මැක්ස් බර්ගර් දෙකක්, ‍ෆිලට් ඕ ෆිෂ් සහ මිල්ක් ෂේක් ආහාරයට ගන්නා බව සදහන් වෙනවා. මෙම ග්‍රන්ථයේ සමකර්තෘ “කොරි ලෙවන්ඩොක්සි” සදහන් කරන අන්දමට මෙම ආහාර වෙනුවෙන් ඔහු කැලරි 2,340 ක් උපයා ගන්නා අතර එය දහනය කිරීමට ව්‍යායාම ගැන එතරම් විශ්වාසයක් නොතබන බවයි. ඔහු කියන්නේ මිනිස් සිරුර හරියට සීමිත ශක්තියක් ඇති බැටරියකට සමාන නිසා එය දහනයට ව්‍යායාම අවශ්‍ය නැති බවයි. එහෙත් කුඩා බගී රථයක් පැදවීම සහ ගෝල්ෆ් ක්‍රිඩාවේ නිතර වීම ඔහු ව්‍යායාම විදිහට කරන ලබන කටයුතු විදිහටත් මෙම කෘතියේ දැක්වෙනවා.

බිරිඳ සමග ගණුදෙණුව

අපි සාමාන්‍යයෙන් හිතන්නේ සැමියා විසින් ලබා තිබෙන සමාජ තරාතිරම බිරිදටත් වටිනාකමක් තිබෙන බවයි. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරින්දෑ මෙලනියාට නම් ඒ සිතුවිලි නැති බව මෙම කෘතියේ දක්වා තිබෙනවා. ඇය කියන්නේ ඩොනප්ඩ් ට්‍රම්ප් ජනාධිපති බවට පත් වීම හරියට අශ්වයාට අං දුන්නාට සමාන බවයි. සාමාන්‍ය ජීවිතයේදී පවා ඔවුන් දෙන්නා නිදා ගන්නේ වෙන් වෙන් කාමර දෙකකයි. ඊට හේතුවත් දෙදෙනා අතර කිසිම විදිහකින් සමීප සම්බන්ධතාවයක් නැති වීමයි.  වෙන දෙයක් තබා තමාගේ සැමියා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා බවට පත් වුන දිනයේ ඇය හඩා වැටුන බවත් මෙම කෘතියේ දැක්වෙනවා.

මිතුරන්ගේ බිරින්දෑවරු සමග යහන්ගත වීම

හැම ගැහැණියෙකුගේම හිතේ  කිසියම් විදිහකින් වූ ආත්මාර්ථයක් තිබෙනවා. තමන්ගේ සැමියා තමාගේම කර ගැනීමේ අහිංසක වූද, දැඩි ආත්මාර්ථයෙන් බැදුන ඒ සිතුවිල්ල ඉදිරියේ මෙලනියා ඉතාම අසරණයි. ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම ප්‍රිය කරනු ලබන්නේ ඔහුගේ මිතුරන්ගේ බිරින්දෑවරු සමග යහන්ගත වීමටයි. ඔහු ඒ ගැන කියන්නේ “ජීවිතය තිබෙන්නේ මිතුරන්ගේ බිරින්දෑවරැ සමග යහන්ගත වෙන විට බවයි..” සමහර පවුල්වල බිරිඳ සහ ස්වාමිපුරුෂයා දත් මදින්නේ එකම බුරුසුවකින්. ඒ තරමටම ඔවුන් අතර මිත්‍රතත්වය ඉහලයි. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතේ තද බියක් තිබුණා. ඔහු දත් බුරුසුව තදින් ආරක්ෂා කළා. ට්‍රම්ප් නිතරම හිතුවේ මෙලනියා විසින් දත් බුරුසුවට වස යොදන්න ඉඩ තිබෙන බවයි.

හැම කාන්තාවක්ම වගේ මෙලනියාත් ඇදුම් ආයිතත්ම් ප්‍රිය කළා.1970 වසරේ “ස්ලොවේනියාවේ” උපත ලද ඇය 47 හැවිරිදි වියේ පසු වෙන අතර ඇමරිකානු පුවැසිබවත් ලබා ගත්තා. වසර 200 කට පසුව ඇමරිකානු ජනාධිපතිවරයාගේ බිරිද බවට පත් විදේශීය කාන්තාවක් ලෙසින් ඇය ඉතිහාසගත වෙනවා.ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ කීපයක් කර ගෙන සිටින අතර ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ඉවන්කා දියනියටයි.

මොනවා වුනත් හෙට දිවුරුම් දෙන දවස නේද…?

“Fire and fury : inside the Trump white house” කෘතියේ දක්වන අන්දමට ඔහු නිතරම බිරිඳ සමග රණ්ඩු සරුවල් ඇති කර ගන්නා චරිතයක්. 2017 වසරේ ජනවාරි 20 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙසින් දිවුරුම් දෙන දිනයේදී පවා මේ දෙදනො අතර එතරම් හිත් හොදක් තිබුනේ නැහැ.ජනවාරි 19 වැනිදා ඩොනල්ඩ් ටම්ප් මෙලනියා සමග ගැටුමක් පටන් ගත්තා. ඊට හේතු වුනේ කාමරයේ උෂ්නත්වය වැඩියි..කරාම වලින් එන වතුරේ පීඩනය මදි වගේ පුංචි සිදුවීම්. මේවා ඇත්තටම මෙලනියාට පාලනය කරන්න පුලුවන් කමක් නැහැ. ඒ වුනත් ඔහු මෙලනියා සමග දිගින් දිගටම වාද කරන්න පටන් ගත්තා. ඇය හැඬු කඳුලෙන් එදා රාත්‍රිය ගත කරන අතර හිතුවේ පහුවදාම නිව්යෝක් යන්නට වුනත් පසුව ඇය විසින්ම ඒ තීරණය අත්හැර දැම්මේ මොනවා වුනත් හෙට දිවුරුම් දෙන දවස නේද..? යන සිතුවිල්ල නිසයි.

මේ කෘතිය රචනා කරන්න පෙරාතුව “මයිකල් වුල්ෆ්” විසින් ධවල මන්දිරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැන තොරතුරු ලබා ගත හැකි පුද්ගලයන් හමුවීමට අවසර ඉල්ලා සිටියා. ඒ වෙනුවෙන් ඔහුට ජනාධිපති මන්දිරයෙන් අවසර ලැබුණා. ඒ වුනාට කෘතිය ප්‍රකාශයට පත් වුනාම ඔහු ආවේගයට පත් වුනේ තමාගේ සැබෑ චරිතය සමාජගත වීම නිසා ඇති වුන ලැජ්ජාවටයි.  වහාම ක්‍රියාත්මක වුන ඔහු ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ මේ තොරතුරු සියල්ලම බොරු චෝදනා බවයි. ඒත් ඔහු ප්‍රමාද වැඩියි. කෘතියේ කර්තෘ මයිකල් වුල්ෆ් කියා සිටියේ මේ හැම සිදුවීමක් වෙනුවෙන්ම වගකීම ඔහු බාරගන්නා බවයි. ඒ විතරක් නොවෙයි, ඒවායේ හඩපට තමා භාරයේ ඉතාම සුරක්ෂිතව තිබෙන බවත් මයිකල් වුල්ෆ් කියා සිටිනවා. ඒ නිසා ධවල මන්දිරය ඇතුලත අඹුසැමියන්ගේ වියරුව බොරුවක් කියන්න බැහැ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here