පුද්ගල සම්බන්ධතාවයකදී මානසික වශයෙන් ශක්තිමත් වීමට ඔබට අනුගමනය කල හැකි සරල හා ක්‍රමවත් මාර්ග 5ක්

පුද්ගල සම්බන්ධතාවයකදී මානසික වශයෙන් ශක්තිමත් වීමට ඔබට අනුගමනය කල හැකි සරල හා ක්‍රමවත් මාර්ග 5ක්

ආදරය කෙතරම් සොඳුරුද? එකට එක්ව චිත්‍රපට නැරඹීම, මල් හා චොක්ලට් බෙදා ගැනීම, මුහුදු වෙරළේ අත්වැල්බැඳ ගනිමින් ඇවිදීම වැනි මිහිරි මතකයන්ගෙන් පිරි ඒ ලෝකය අපට කිසිදාකවත් අමතක කල නොහැක. නමුත් අප යුවලක් ලෙස බෙදා ගත යුත්තේ ආදරයේ මල් ඵල ගැන්වෙනෙ “සතුට” පමණද? ඔබ දුක හෝ අසීරු අවස්ථාවන්හිදී කෙසේ කටයුතු කරන්නේද? දෙදෙනාගෙන්ම වඩාත් දුර්වල පුද්ගලයා ඔබ යැයි සිතෙනවාද? ඔබ මීට වඩා මානසිකව ශක්තිමත් විය යුතු යැයි ඔබ කල්පනා කරන්නේද?

සම්බන්ධතාවයක සාර්ථකත්වය තීරණය වන්නේ සමබරතාවය මතයි. කෙනෙකු අනිත් පුද්ගලයාව නිතරම අගය කරයි. ස්වාමි පුරුෂ‍යා නිහඬ පුද්ගලයකු විය හැකි අතර බිරිඳ ඊට හාත් පසින් වෙනස් නිතරම කතා බස් කිරීමට කැමති උද්යෝගි චරිතයක් විය හැක. ඔහු අඩ දබරයක් සමතයකට පත් කිරීම සඳහා මැදිහත් වේ. ඇය කුඩා දේටත් ඉක්මණින් කලබල වෙයි. ඔබගේ සම්බන්ධතාවේ කවුරුන් හෝ අනෙකාට වඩා මානසිකව ශක්තිමත් විය යුතුය. ඒ ඔබද? ඔබේ සහකරුට ඔබව අත්‍යවශ්‍ය වූ අවස්ථාවල ඔබ ඔහු වෙනුවෙන් පෙනී සිටිනවාද? මෙය ඔබ හිතනවාට වඩා සරල දෙයකි. පහත දැක්වෙන්නේ ඔබගේ සහකරු අසරණ වූ අවස්ථාවක ඔබ මානසිකව ශක්තිමත් පුද්ලයෙකු ලෙස හැසිරෙන්නේ කෙසේද යන්න පහත දක්වා ඇත.

ඔබ ගැන සිතන්නට පෙර සහකරුගේ හැඟීම් වලට මුල් තැන දෙන්න.
මෙය බැලු බැල්මට එතරම් ප්‍රායෝගික නොවේ යැයි ඔබට සිතුනත්, ඔබගේ හැඟීම් පසෙකලා සහකරුගේ හැඟීම් වලට මුල් තැන දීම අනිවාර්ය වේ. ඔවුන්ට අත්විඳින හැඟීම් ඔබට ද අදාල විය හැකිය. ඔහුට එම තත්තවයෙන් ගොඩ එන්නට උදව් කර පසුව ඔබ ගැන සිතන්න. මෙයින් ඔහුගේ හැඟීම් හා දැනීම් ඔබේ එවාට වඩා වැදගත් යැයි ඔබ නොසිතන්න. ඔබ කල යුත්තේ, ප්‍රමුඛත්වය දිය යුතු තැනට අවදානය යොමු කිරීමයි.
පසුව ඔබට අනෙකුත් ප්‍රශ්න සම්බන්ධව කටයුතු කල හැක. මෙය ඔබ දෙදෙනාටම යහපත් ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියා මාර්ගයකි.

ඔබගේ හිතට සවන් දෙන්න.
ඔබගේ සහකරුට ඔබ අසීමිතව ආදරය කරයි. ඔබ ඔහුට ආදරය කරන්නේ ඇයි, ඔබ තවමත් ඔහු සමඟ එකට ජීවත් වන්නේ ඇයි යන්න සිහි කරගන්න. ඔහු ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ලැහැස්ති වී සිටින අතර ඔබත් ඔහුට ඔබව අවශ්‍ය වූ විටෙක ඔහු වෙනුවෙන් පෙනී සිට්ය යුතු බව මතක තබා ගන්න. මෙහිදී එක් පුද්ගලයෙකු වත් දුකේදි හා අසරණ අවස්ථාවකදී මානසික වශයෙන් ශක්තිමත් ලෙස කටයුතු කල යුතු වේ. හැන්ගීම් වලට වහල් නොවී, හද පත්ලෙන් ඔබ ඔහුට ආදරය කරනවා නම්, ඕනෑම තත්වයකදී  මනා මානසික ශක්තියකින් ඔබට ඊට මුහුණ දිය හැක.

සන්සුන් වන්න.
මෙය කියන තරම් පහසු දෙයක් නොවේ. නමුත් කලහකාරි අවස්ථාවන්හි ඔබගේ සහකරු ඉදිරියේ සන්සුන්ව හා සංයමයෙන් හැසිරීම අනිවාර්ය වේ. ඔබ ඔහුගේ හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්නට ප්‍රථම හොඳින් හුස්ම කිහිපයක් ගෙන ඔබව පාලනය කරන්නට උත්සාහ ගන්න. දෙදෙනාම හැඟීම්බරව, ආවේගශීලිව හැසිරෙනවානම්, ඔබට ප්‍රශන්යෙන් කිසිසේත් ගොඩ ආ නොහැක. එක් කෙනෙකු වත් සන්සුන් වී අනෙත් කෙනාට ඇහුම් කන් දිය යුතුය. ගැඹුරු හුස්මවල් කිහිපයක් ගන්න. මෙයින් ඔබේ ආවේගශීලි හැන්ගීම් කෙතරම් දුරට පාලනය කල හැකි දැයි ඔබට වැටහෙනු ඇත.

මං ඔයාව විශ්වාස කරනවා.
ඔබ ඔහුව විශ්වාස කරනවා සේම ඔබත් ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. විශ්වාසය සාර්ථක සම්බන්ධතාවයකට අඩිතාලම සපයයි. තත්වය කුමක් වුවත්, ඔබගේ සහකරු අසරණ වූ අවස්ථාවක ඔහු විශ්වාසය තබන්නේ ඔබ කෙරෙහිය. එම නිසා ඔබ ඔහු වෙනුවෙන් දිරිමත්ව පෙනී සිටිය යුතුය. ඔහු කෙරෙහි ඔබට ඇති ආදරය, හා විශ්වාසය පිළිබඳ සිහි කරන විට, නිසැඟයෙන්ම ඔබ ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් වේ. එසේම ඔබට ඔහුව අවශ්‍ය වූ විටෙකදී ඔහුගේ සහාය ද ඔබට අපේක්ෂා කල හැකි බව දැන ගත යුතුයි. විශ්වාසය යනු අන්‍යෝන්‍ය දෙයකි.

අපිට මේක හරි ගස්සන්න පුලුවන්.
ඕනෑම අභියෝගයක් ඉදිරියේ ඔබ දෙපල පරිණත වැඩිහිටියන් දෙදෙනෙකු ලෙස හැසිරෙන්නේ නම් කුමන ප්‍රශ්නයක් වුවද විසඳිය හැකි බව ඔබ දන්නා කරුණකි. කලහකාරි අවස්ථාවක දෙදෙනාම කෑ කෝ ගසමින්, එකිනෙකාට බැන වදිමින් හැසිරීමේ කිසිදු ඵලක් ඇති නොවේ. කවුරුන් හෝ ශක්තිමත් විය යුතුය. ඔබට එම පුද්ගලයා විය හැකිද? ඕනෑම අවස්ථාවකදී, ඉහත සඳහන් කල #1 හා #3 ක්‍රියා මාර්ග පිලිපදින්න. ඔබ ශක්තිමත් වැඩිහිටියෙකු ලෙස ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ. ඔබේ සහකරු ට එසේ කටයුතු කල නොහැකි නම් අඩුම තරමේ ඔබවත් පරිණත කෙනෙකු ලෙස එම තත්ත්වය පාලනය කල යුතුය. මිනිත්තුවක් ගෙන සන්සුන් වන්න. හොඳින් හුස්ම කිහිපයක් ගන්න. ඔබට කාමරයෙන් පිටතට යාමට අවශ්‍ය වන්නේ නම්, එම ස්ථානයෙන් අයින් වන්න.

ඕනෑම අවස්ථාවකදී, මානසිකව ශක්තිමත් පුද්ගලයා වන්නට ඔබ උත්සාහ ගත යුතුයි. එය හිතන තරම් අපහසු දෙයක් නොවේ. ඕනෑම සම්බන්ධතාවයක රහස, සමබරතාවයි. කෙනෙකු අසරණ වූ විට ඔහුගේ/ඇයගේ සහාය සඳහා අනෙත් කෙනා අත දිගු කල යුතුයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here