සුව නොවන කුරුළෑ ආසාදන නිසා ඔබත් පීඩා විදිනවාද ?

0
6429
සුව නොවන කුරුළෑ ආසාදන නිසා ඔබත් පීඩා විදිනවාද ?

කාන්තාවන් බොහෝ දෙනෙක්ට තිබෙන බහුල ප්‍රශ්නයක් තමයි මේ කුරුළෑ ආසාදනය. කුරුළෑ ආසාදන නිසා ඔබත් මානසිකව පීඩා විදිමින් සිටිනවා  වෙන්න පුළුවන්. මෙම කුරුළෑ හට ගැනීමට හේතු වන කරුණු හා ඒවා සුව නොවීමට හේතු  මොනවාද යන්න ඔබ මොහොතක් හෝ සිතා බැලුවාද ?.  ඉක්මන් විසදුම් සොයා ඔබ කරන ලද සමහර පිළියම් නිසාවෙන් පවා මෙම කුරුළෑ ආසාදන වැඩි වෙන්න පුළුවන්.

කුරුළෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී සමහර අවස්ථා වලදී  ඔබ වැරදි මත දරන්නෙක් වෙන්න පුළුවන්. මොකද එම වැරදි ප්‍රතිකාර රටා නිසා ඔබට ඔබේ සමට හානියක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. කුරුළෑ කියන්නෙ වයසත් එක්ක ඇති වන රෝගයක් නිසා සමහර උදවිය හිතන්න පුළුවන් ඊට ප්‍රතිකාර අනවශ්‍යයි කියලා. මොකද ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අනුව කුරුළෑ ඇතිවීම පටන් ගනී. එය හෝමෝනමය ක්‍රියාකාරිත්වයක් වුවද එයට ප්‍රතිකාර කල යුතුය. එසේ නොමැති නම් ඒ නිසා හට ගන්නා කුරුළෑ වලවල්  ලප කැළැල්  දුරු  කිරීම තරමක් අපහසු වන නිසාය. එමෙන්ම අවුරුදු  15 හා ඊට එහාට ගිය තරුණ වියේ පසුවන දරුවන්ට මෙම ආසාදන නිසා ඇති වන මානසික ආතතියද එමටය. කුමන වයස් මට්ටමක පසු   වුවද මෙම රෝග තත්වයට ප්‍රතිකාර ගැනීම අවශ්‍යමය.

තරුණ වියේ පසුවන දුවා දරුවන් සිතනු ලබන්නේ කුරුළෑ ඒමට පටන් ගන්නේ දූවිලි විෂ බීජ හේතු කොට ගෙන බවය. එම නිසා ඔවුන් නිතර නිතර එක් එක් මාදිලියෙ සබන් වර්ග  ෆේෂ් වොෂ් වර්ග භාවිතා කර මුහුණ සේදීමට හුරුව ඇත. ඔබ දන්නවාද නිතර නිතර මුහුණ සේදීම මගින් කුරුළෑ ආසාදන වැඩි වන බව. දිනකට දෙවතාවක් සමට ගැලපෙන ෆේෂ් වොෂ් එකක් යොදා ගෙන මුහුණ පිරිසිදු කිරීම සිදු කරන්න. ඔබේ සම තෙල් සහිත හෝ වියළි සමක්ද යන්න නිසි ආකාරව දැන ගෙන එයට සරිලන පිරිසිදුකාරකයක් තෝරා ගැනීමට ඔබත් දැනුවත් වන්න. සාමාන්‍යයෙන් ph අගය අඩු  පිරිසිදුකාරකයක්  භාවිතා කරන්න.

කුරුළෑ යනු බෝවන රෝගයක් නොවන අතර එයට දිගින් දිගටම වෛද්‍ය ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නෙ නෑ. මොකද කුරුළෑ යනු කලින් කලට මතුවන ශාරීරික රෝගී තත්වයක්. එම නිසා ඔබ එයට බෙහෙත් වලටම හුරු වන්න යන්න එපා. එමගින් ඔබට දීර්ඝකාලීන අතුරු ආබාධ ඇති විය හැකියි. ඒ වගේම තමයි බටහිර වෛද්‍ය  විද්‍යාවට අනුව සකසා ඇති බෙහෙත් වල අතුරු ආබාධ තිබෙන්න පුළුවන්. අනිසි ඖෂධ භාවිතය තවත් ආබාධ රාශියකට උපකාරයක් වෙන්න ප්‍රථම එම ඖෂධ ගැනීමට තිත තබන්න. එක එක විටමින් පෙති දීර්ඝකාලීනව භාවිතා කිරීම  කාන්තා ඔබට එතරම් හොද දෙයක් නෙවෙයි. එමගින් ඔබ වඳ භාවයට වුනත් පත් වෙන්න ඉඩ තිබෙනවා.
වෙළඳපොළේ තිබෙන නොයෙකුත්  ආලේපන වර්ග භාවිතය මගින් ඔබේ සමේ සරුභාවය පවා තුරන් වන්න ඉඩ තිබෙනවා. ඒ වගේම සමට  නොගැලපෙන ආලේපන පාවිච්චිය නිසා කුරුළෑ ආසාදන වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් කුරුළෑ හට ගන්නේ සමේ ඇති තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථින් අවහිර වීමෙන් ඇති වන ආසාදන තත්වයක්.  නිසි ප්‍රතිකාර ක්‍රම මගින් කුරුළෑ පාලනය, කුරුළෑ නැවත ඇති වීම  වලක්වා ගැනීම , කුරුළෑ ලප කැලැල් ඉවත් කිරීම  සිදුකළ හැකිය.
අපගේ  සම මතුපිට විවෘත වන ස්නේහස්‍රාවී ග්‍රන්ථින්  ඇති අතර මෙයින් තෙල් සහිත දියරයක් සම මතුපිටට ස්‍රාවය කරයි. එම ස්‍රාවය සම තෙත්ව හා මෘදුව තබා ගන්නා අතර මෙම ග්‍රන්ථින් අවහිර වීමෙන් හා ආසාදනය වීමෙන් කුරුළෑ ඇති විය හැකිය.  නමුත් මෙය රෝගී තත්වයක් නොවන බවද සදහන් කල යුතුය. අඩු නින්දක් ලැබීමද කුරුළෑ හට ගැනීමට හේතු වේ. එමෙන්ම  කාන්තාවන්ගේ මාසික ඔසප් ක්‍රියාවලිය සිදුවන කාල පරාසය තුල කුරුළෑ අධික ලෙස ඇතිවිය හැකිය. එම අවස්ථා වලදී ඒවා  පාලනය කිරීමද අසීරුය.

උපත් පාලන පෙති, ශරීර වර්ධන හෝමෝන, ඝන තෙල් සහිත රූපලාවණ්‍ය  ආලේපන, කුරුළෑ නිතර ඇල්ලීම හා පොඩි කිරීම  තෙල් හා සීනි අධික ආහාර ගැනීම් වැනි  හේතු නිසාවෙන් කුරුළෑ ආසාදනය වැඩි විය හැකිය.

කුරුළෑ ලප කැළැල් සදහා කෙමිකල් පීලින් ප්‍රතිකාර ක්‍රමය හා තවත් ප්‍රතිකාර වර්ග ඇති අතර සමට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමයක් මගින් එයට විසදුම් ලබා ගත හැකිය.
මින් පසු කුරුළෑ නිසා පීඩා නොවිද ඔබත් මෙම ක්‍රියාවන්ට අනුගත වන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here