සිතේ චකිතයකින් තොරව සම්මුඛ පරීක්ෂණ වලට සහභාගි වෙන්න මේ ටිප්ස් ටික අනුගමනය කරන්න

girl_interview

ඇත්තටම අද සමාජය එක්ක බැලූ කළ  බොහෝමයක් දෙනා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වීම විශේෂත්වයක්. රැකියා වලට අයදුම් කළ පමණින්ම රැකියාවක් සොයා ගැනීම නම් අපහසු කාර්යයක්. ඉතින් අප රැකියාවක් සඳහා අයදුම් කළ පසු එම රැකියාවට අප සුදුසු ද කියා තීරණය කරන්නේ නම් සම්මුඛ පරීක්ෂණයක් හරහා. මොන තරම් සුදුසුකම් තිබුණත් සම්මුඛ පරීක්ෂණයට අප මුහුණ දෙන ආකාරය අනුව තමයි අපේ රැකියාව තීරණය වෙන්නෙ. ඉතින් සම්මුඛ පරීක්ෂණයකට යන්න කලින් මෙන්න මේ කියන දේවල් ටිකත් හරියටම කර ගන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් වේවි ඔයාගෙ අරමුණ කරා ලඟා වෙන්න ජයග්‍රහකයෙක් වෙන්න. එහෙනම් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙද්දි මෙන්න මේ දේවලුත් අනුගමනය කරලා බලන්න.

වටපිටාව 

ඔයා රැකියාව සඳහා තෝරා ගනු ලැබූ ආයතනික වටපිටාව  පිළිබඳ මුලින්ම සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්න කලින්  ටිකක් හොයලා බලන්න. මොකද ඔයා සම්මුඛ පරීක්ෂණයට යන්න කලින් ආයතනික වටපිටාව ගැන  දැන ගෙන ඉන්නවා කියන්නෙ ඔයාට හිතේ චකිතයක් නැතිව සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න පුළුවන් කියන එකයි.

වේලාව

ඔයාට සම්මුඛ පරීක්ෂණය යෙදීලා තියෙන වේලාවට වඩා පැය භාගයක් වත් කලින් ඒ ස්ථානයට යන්න.  මොකද වේලාවටම සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙනවා කියන්නෙ යන්න ඕන වේලාවටම ඔයාට එතනට ලඟා වෙන්න බැරි වෙන්න පුළුවන්. වෙලාවට ටිකක් කලියෙන් ගියාම ඔයාට ඔයාගෙ හිතේ තියෙන භය වගේම ඔයා මවන් උන්න ඒ ආයතනයේ ස්වරූපය අනුව ඊට අනුකූලව ඔයාට සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්නත් පුළුවන්  කියන එකයි.

අවශ්‍ය දෑ

සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගි වීමට සිටින ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙර දින ඔබගේ ඇදුම් ආයිත්තම් සියල්ල වගේම සම්මුඛ පරීක්ෂණයට රැගෙන යා යුතු ඔබගේ සහතික ලියකියවිලි සියල්ල සූදානම් කර ගත යුතුයි.  සම්මුඛ පරීක්ෂණය තිබෙන දවසෙම ඒ දේවලුත් සූදානම් කර ගන්න ගියොත් නම් ඔයාට හිතේ තියෙන තැති ගැන්වුන ස්වභාවයත් එක්ක අවශ්‍ය දේවල් මඟ හැරෙන්නත් පුළුවන්. ඒ නිසා අවශ්‍ය සියලු දේවල් ඊට කලින් දවසෙ පටන් හොදින් හොයලා බලලා සූදානම් කර ගත්තොත් නම් එය ඔබට පහසුවක් වේවි.

ඔබේ හැසිරීම 

සම්මුඛ පරීක්ෂණයක් කියන්නෙ ලොකු වගකීමක් භාරගන්න වගකීමකින් යා යුතු ගමනක්. ඉතින් එහෙම ගමනකදි මුලින්ම ඔයා ඔයාගෙ ඇඳුම් පැළදුම් වල සිට ඔයාගෙ ගමන බිමන කථා බහේ  ඉඳන්ම සැලකිලිමත් විය යුතුයි. ඔයා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙද්දි ඔයාගෙ ඇඳුම ගැන මුලින්ම අවධානය යොමු කල යුතුයි. ඔබ කාන්තාවක් නම් සම්මුඛ පරීක්ෂණයකට යන්න ඔබට හොඳම ඇඳුම චාම් වගේම සරල සාරි එකක්. ඔබ  පිරිමි අයෙක් නම් මහත්මා ගුණ පිරි මහත්මයෙක් විදියට අත් දිගට ඇඳලා ටයි එකක් දාලා සපත්තු දෙකක් දාලා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න. ඒ වගේම කථා බහේදි  ගමනෙදි අනිත් දවස් වලට වඩා ටිකක් සංවර පෙනුමකින් ඉන්න බලන්න.

මැනස්

මැනස් ගැන නම් අපි කවුරුත් දන්නවා. හැබැයි  සම්මුඛ පරීක්ෂණයකට සහභාගි  වෙද්දී නම් මැනස් කියන දේ හොදටම  තියෙන්න ඕන සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගි වෙන්න එම ස්ථානයට යද්දි එක්ස්කියුස් කරලා යන්න. ඔයා එතනට ගිහින් ඔයාට වාඩි වෙන්න කිව්වම ස්තුති කරලා  හෙමිහිට පුටුව පස්සට අරගෙන වාඩි වෙන්න. එකපාරට කඩාගෙන බිඳගෙන ගිහින් වාඩි වෙන්න නම් යන්න එපා.

විනිවිඳ භාවය

ඔයා නිතරම කෙලින් කථා කරන කෙනෙක් වෙන්න. සම්මුඛ පරීක්ෂණයකට ගියාම නිතරම එතන අය අහන ප්‍රශ්න වලට පැහැදිලි හා නිරවුල්  උත්තර ලබා දෙන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබ ලබාදෙන උත්තර අනිත් අයට පිළිගන්න පුළුවන් වෙන්න  ඕන ඔයා කියන්නෙ ඇත්ත කියලා ඒ අය පිළිගන්න ඕන ඒ නිසා  සම්මුඛ පරීක්ෂණය කරන අයගෙ ඇස් දිහා බලාගෙන  ඔයා හොඳ විශ්වාසයෙකින් යුතුව එයාලට පිළිතුරු ලබා දෙන්න.

ඉතින් මෙන්න මේ කියපු දේවල් හොඳින් හිතට අරගෙන ජයග්‍රහායී අධිෂ්ඨානයෙන් යුතුව ඔයා සිතේ චකිතයකින් තොරව සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙලා ලෝකයම ජය ගන්න කෙනෙක් වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here