ලස්සන ගෙවත්තකින් ගෘහණියට වාසි

woman-gardening

ලස්සන නිවසක් වගේම අලංකාර ගෙවත්තක් කාන්තාවට තිබෙන වටිනාකම වැඩි කරනවා. අතීතයේ පටන්ම ගෙවත්තක් පිරිසිදුව, පිලිවෙලට තබා ගැනීම කාන්තාවකගේ වගකීම බැව් පිලිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා. විසිවන සියවසටත් මේ පිලිගැනීම වෙනසක් වුනේ නැහැ. එහෙමනම් අලංකාර ගෙවත්තකින් කාන්තාවට ලැබෙන වාසි සහ වටිනාකම් මොනවාද බලමු….

මනසට සහනයක්

අලංකාර ගෙවත්තක් තිබෙන විට මනසට ඉතාම සැහැල්ලුවක් ලැබෙනවා. මල් පිපුන, කොල පැහැති වර්ණවත් පරිසරය නිසා නෙතට දැනෙන සහනය නොදැනීම මානසිකවත් අපිට සහනයක් ලබා දෙනවා. නිකමට මෙන් ඔබ මෙහෙම හිතන්න..කොන්ක්‍රීට් කැට කැබිලිති තැන තැන තිබෙන  කැලි කසල විසිරී ගිය ගෙවත්තක් දකින විට මනසට ඇති වෙන්නේ පීඩාකාරී සිතුවිල්ලක් නොවේද… එහෙත් මල් ඵල බර වුන විසිතුරු ගෙවත්තක් දකින විට ඇති වෙන්නේ සහනශීලි චිත්‍රයක් නොවේද…? මේ දෙතැන ගැන අත්දැකීමෙන්ම වින්දනය කරන ඔබට දැන් තේරෙනවා ඇති ඔබ නැවතිය යුත්තේ කොතැනකද බව.

සිරුරටත් ව්‍යායාමයක්

ගෙවත්ත සමග කාලය ගෙවන අය නිතරම ඒ ගැන උනන්දු වෙන්නේ දරුටන් හදා වඩනවා වගේ ලැදියාවකින්. පස් බුරුල් කිරීම, අලුත් පැල සිටුවීම, පරණ පැල ඉවත් කිරීම, වතුර, පොහොර දැමීම වැනි කටයුතු නිසා නොදැනීම හාරිරික වයායාමයක් ලැබෙනවා. අද වෛද්‍යවරුන් පවා වයස අවුරුදු 60 ඉක්මවූ විශ්‍රාමගිය අයට ගෙවතු වගාව නිර්දේශ කරන්නේ ඔවුන් නිරෝගි කරන නිසයි. ගෙවතු වගාවේ නිරත උදවිය කොලස්ටරෝල්, හෘදයාබාධ සහ ආඝාත වැනි ශාරිරික රෝග තත්වයන්ගෙන් වගේම මානසික අසහනය, වෙහෙස සහ අවපීඩන ත්වයන්ගෙන්ද නිදහස් බැව් මනෝ වෛද්‍යවරුන්ගේ පිලිගැනීමයි.

ආදායමක් ලබන්නත් පුලුවන්

ගෙවතු වගාවෙන් ඔබට ආදායමක් ලබන්නත් පුලුවන්. පලා වර්ගයේ පටන් ඉඩ වපසරියේ ප්‍රමාණයට මල් පළතුරු වුනත් වගා කර ගන්න පුලුවන්. කුඩා පෝච්චිවල වුනත් මල් සහ විසිතුරු පැල වර්ග සිටුවා අලෙවි කර ගන්නත් පුලුවනි. නිවසේ සිටම ආදායම උපයන ගෙවතු වගාව එක් අතකින් විනෝදාංශයක්. තවත් පැත්තකින් අතිරේක ආදායමක් උපයා දෙනවා.

අහල පහල අය සමග වෙළදපොලක්

ඔබේ ගෙවත්තේ ඇති වගාවන් අසල්වැසියන් සමග බෙදා හදා ගැනීම නිසා සුහදතාවය වර්ධනය කර ගැනීමත් වත් එක් වාසියක්. ඔබේ ගසක තිබෙන අඹ ගෙඩියක්, පැපොල් ගෙඩියක්, එහෙම නැත්නම් පලා මිටක් අසල්වැසියන්ට ලබා දෙන විට ඔවුන්ගේ හොඳ හිත නොදැනීම තහවුරු වෙනවා. මල් වගා කරනවා නම් ඒ ගැන ඇති වෙන මාතෘකා නිසා සමාජ සන්නිවේදනය ප්‍රබල වෙනවා. අද සමාජය හුදෙකලා බවට පත්ව තිබෙන්නේ ඔවුන්ට කතා කිරමට මාතෘකා නැති නිසයි. ඒ වගේම කතා කළ යුතු මාතෘකාවකුත් නැහැ. නමුත් ගෙවත්තක් හැඩ කරන සමාජයක් බිහි වුනොත් ඔවුන්ට න් අසල්වැසියන් සමග නකතා බහට ආයේ ඉතින් වෙනත් යමක් නම් අවශ්‍ය වෙන එකක් නැහැ.

උත්සව සහ විවිධ අවස්ථාවන් සමරන්න

ඉඩ වපසරියක් සහිත ගෙවත්තක් ඔබට තිබෙනවා නම් නිවසේ විවිධ උත්සව එහි සමරන්න අවස්තාව ලැබෙනවා. කොටුවුන පරිසරයකට වඩා එලිමහනේ උත්සවයක් පැවැත්වීම නිසා ලොකු පිරිසකට වුනත් නිදහසේ හැසිරෙන්න පුලුවන්. නිවස තුළ තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ගෙවත්තට උත්සවසිරියක් ගැනීමට තරම් වටිනාකමක් ලබා දීම කාන්තාවකගේ කටයුත්තක්.

කුලියට දීමටත් පුලුවන්

ඔබේ ගෙවත්ත සැලසුම් සහගතව කලමනාකරණයකින් සකස්ව තිබෙනවා නම් එය විවිධ උත්සව වෙනුවෙන් කුලියට දී අමතර ආදායමක් ලබා ගන්නත් පුලුවන්. අද බොහෝ දෙනෙක් එලිමහන් තැන්වලට ප්‍රිය කරන නිසා ප්‍රියමනාප ගෙවත්තක් යම් ඉඩපාඩු ඇතුව තිබෙනවා නම් ඒ වෙනුවෙන් ඉල්ලුමක් ඇති වෙන්න පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here