කාන්තා ඔබත් ඔබගේ විවාහයට පෙර මේ දේවල් පිළිබඳවත් සිතන්න

කාන්තා ඔබත් ඔබගේ විවාහයට පෙර මේ දේවල් පිළිබඳවත් සිතන්න

විවාහය කියන්නෙ අපි හැමෝටම අලුත් ජීවිතයක ආරම්භයක්. තනිකඩ ජීවිතේ උපරිමයෙන් නිදහස භුක්ති විඳපු සියලු දෙනා විවාහ ජීවිතේදි  නොයෙකුත්  ආකාරයේ හැල හැප්පීම් වලට මුහුණ දෙනවා ඉතින් මේ මොනවා වුනත් සාර්ථක විවාහා ජීවිතයකට පිවිසෙන්න ප්‍රථම  මේ දේවල්  ගැනත් දැන ගෙන ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඉතින් මේ දේවල් වලින් ඔබත් විවාහයට පෙර අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරන්න.

ඇත්තෙන්ම ඔබ ආදරය කරලා එයින් පැරදුන කෙනෙක්ද? විරහා වේදනාවෙන්  ජීවිතයට පන්නරයක් ගත්තද? එහෙනම් ඔබ ආදරේ කරපු කාලෙදි ඒ ආදරෙන් පැරදුනේ ඔබ අතින් සිදුවුන යම් යම් අඩු පාඩු නිසා නම් එම අඩුපාඩු හදුනා ගෙන හොඳ සබඳතාවක්  ගොඩ නගා ගැනීමට පෙර උගත් පාඩම් උදව්වට ගන්න.

ඔබ ඔබේ විවාහයට පෙර ඔබේ සහකරු හොදින් ඇසුරු කර බලන්න. ඔබට ගැලපෙන සුදුසුම කෙනා තෝරා ගැනීමට උත්සහාවන්ත වෙන්න. ආදරය කරන කෙනෙක් නම් එයා තමයි මට මැව් කෙනා කියලා හිතාගෙන එයාවම බඳින්න යන්න එපා. මොකද අපි ආදරේ කරලා ජීවිතයක් ගොඩ නැගුවත් ඒක වැරදි තීරණයක් කියලා පසුවට පසු තැවිලි වෙන්ව නම් ඉඩ තියන්න එපා.

සබඳතාවේදි දෙන්නාටම එකඟ නොවීමට අපහසු කරුණු මොනවාද යන්න කලින්ම කථා කරලා විසඳ ගන්න
ඇත්තෙන්ම විවාහා වෙන හෝ ආදරේ කරන යුවලගෙ අදහස් 100%ක්ම ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්. එ් නිසා සුළු සුළු මතභේද ඇති වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපි හැමෝටම විවිධාකාර අදහස් තියෙන්නෙ.  සම්බන්ධයක් ගොඩ නගා ගන්නවා කියන්නේ ඔයාට ඕන විදියටම අනෙක් කෙනා වැඩ කරන්න ඕන කියන එක නෙවෙයි දෙන්නට දෙන්නා තම පවුලෙ සතුට වෙනුවෙන් කැප වෙන එක ඒ නිසා ඔයා මොන තරම් අකමැති අදහසක්  අනෙක් පාර්ශ්වයෙන් ඉදිරිපත් වුනොත් එයාගෙ සතුට ගැනයි ඔයාගෙ පවුල් ජීවිතේ ගැනයි හිතලා  අනෙකාගෙ අදහස් වලටත් ගරු කරන්න පුරුදු  වෙන්න.

දෙදෙනා අතර හොද විශ්වාසයක් ගොඩ නගා ගැනීමට උත්සුක වන්න.
ජීවිතේ අපිට ගොඩක් වෙලාවට වරදින එක දෙයක් තමයි සැකය. පවුල් ජිවිත නිකරුණේ අවුල් වෙන්න සැකයට ඉඩ තියන්න එප‍ා. දෙදෙනාට දෙදෙනා හොද විශ්වාසයක් ඇතිව වැඩ කටයුතු කල යුතුයි. අනවශ්‍ය විදියට සැක කරලා ලෙඩ දාගන්න එහෙම එපා. හොද  විශ්වාසයක් ගොඩ නගා ගන්න.

රණ්ඩු වෙනවා නම් සාධාරණව රණ්ඩු කරන්න.
විවාහයට පෙර දැන ගත යුතු මූලිකම දෙයක් තමයි පවුල් ආරවුල්. ඔයා යම් දෙයකට රණ්ඩු වෙන්න කලින්  හොදට හොයලා බලන්න ඔයා මේ රණ්ඩු කරන්නෙ වැදගත් දේකටද කියලා . රණ්ඩුත් විවාහා ජීවිතේ තියෙන්න ඕන එතකොට ආදරේ වැඩි වෙනවා. හැබැයි නිකන් රණ්ඩු කලොත් නම් ඒ වරදට ඔයා අනිවාර්යයෙන් එයාගෙන් සමාව ගත යුතුයි.

ගෙදර දොර වැඩ කිරීමට හැකියිවැති කෙනෙකු වන්න.
ඔබ කාන්තාවක් විවාහයට පසු සියලු වගකීම් ඔබට භාරයි.ඒ අතර මූලිකම දේ ගෙදර දොර වැඩ කටයුතු. ඉතින් පිළිවෙලකට වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද ගෙදර ලස්සනට තියා ගන්න වගකීම තියෙන්නෙ ඔයාට. ඒ නිසා හැම දේම ඉගෙන ගන්න. හරි විදියට කරන්න ඉගෙන ගන්න…

ඔබ විවාහා වීමට සිටින කෙනාගේ පවුල් පසුබිම හොදින් සොයා දැන ගන්න.
ඔයා විවාහා වුනාට පස්සෙ අයිති මහත්තයාගෙ පවුලට. ඉතින් විවිහයට පෙර ඔහුගේ පවුල් පසුබිම සොයා බලන එක නම් හොදයි. මොකද බොරු ලෝක මවා පාලා එක්කන් ගිහින් අපිවත් අපායට ඇඳලා දාන මහත්වරුත් මේ සමාජෙ ඉන්නවා. දෙයක් වෙන්න කලින් හොයලා බලලා බේරෙන එක හොදයි නේද? වුනාට පස්සෙ අඩනවට වඩා.

විවාහයට පෙර මේ දේවලුත් දැන ගෙන ඉන්න එක හොදයි.ඒක ඔයාට වගේම ඔයා ගොඩ නගන්න හීන දකින අලුත් ජීවිතේටත් වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here