ඔබත් වාහානයක් මිලදී ගැනීමට සිහින බලනවාද?

ඔබත් වාහානයක් මිලදී ගැනීමට සිහින බලනවාද?

ඇත්තම කිව්වොත් අපේම කියලා වාහානයක් ගන්න එක මේ ලෝකෙ සිටින කා හටත් ඇති වටිනාම සිහිනයක්. කඩේකට ගිහින් ඇදුමක් පැලදුමක් ගන්නවා වගේ නම් ලේසි නෑ වාහානයක් ගන්න එක. අපි වාහානයක් ගත්තත් එය නඩත්තු කරන එක නම් සුළු පටු නෑ. ඉතින් මේ දේවල් එක්ක බැලුවම මම හිතුවා ඔයාලගෙම කියලා වාහානයක් මිලට ගන්න සිහින දකින ඔබට මෙන්න මේ කරුණු  ටිකත් කියන්න ඕන කියලා. එය ඔබගේ සිහිනය යතාර්ථයක් බවට පත් කර ගන්න පහසුවක් වේවි.
ඇත්තටම ඔබ ගන්න හීන දකින වාහානය Brand New එකක්ද? මම ඇහුවෙ වෙළඳපලට ආපු අලුත්ම වර්ගයේ වාහානයක්ද? නැතිනම් Second hand වාහානයක්ද? ඒ කියන්නෙ වෙනත් කෙනෙන් කලින් පාවිච්චි කරපු එකක්ද?  ඉතින් ඔබ ගන්නට සිහින දකින වාහානය මේ අතරින් කුමක් වුනත් එය කල් ඇතිව තීරණය කර තියෙන එක නම් හොදයි.  මොකද එතකොට ඔබට පුළුවන් ඔබේ අතේ ඇති ගානට ඔබට හරියන වාහානයක් මිලදී ගන්න. ඒ වගේම වාහානයේ තත්වය ගැන අපිට හොද  අවබෝධයක් ලබා ගන්නත් එය පහසුවක් වේවි. කොහොම වුනත් ඔබ වාහානය මිලදී ගන්නට ප්‍රථම මේ දේවල් ටිකත් පිළිපැද්දා නම් ඔබට එය මහත් අත් වැසිල්ලක් වේවි.

දැනට වෙළඳපොලේ ඇති වාහාන වල වටිනාකම ගැන හොඳින් අවබෝධයක් ලබා ගන්න.
ඔබ ලබා ගන්නා වාහානය කුමක් වුනත් එය කුමන වර්ගයක වුනත් එහි වෙලෙදපොල  අගයන් ගැන ඔබ හොදින් දැන සිටිය යුතුය. මොකද මම අර මුලින් කිව්වා වගේ ඔබ මිලදී ගන්නට යන්නේ second hand වාහානයක් නම් වෙලෙදපොලේ එය ඇති මිලටම ඔබ මිලදී ගන්න අවශ්‍ය නෑ. වෙළදපොල මිලට වඩා අඩුවෙන් ඔබට එය මිලදී ගැනීමට පුළුවන්.

වාහානය මිලදී ගැනීමට පෙර ඔබේ අතේ ඇති මුදලට සරිලන මාර්කට් එකක් සහිත වාහාන වර්ග වෙලෙඳපොලේ ඇත්දැයි සොයා බැලීමට උත්සුක වන්න. ඒ සඳහා ඔබට පුළුවන් අන්තර්ජාලයේ සහායද ලබා ගන්න. ikman.lk, hitad.lkcarmudi.lkautolanka.lk වගේ වෙබ් අඩවි වලින් ඔබට හැකී ඔබේ අතේ තියෙන ගාණට වාහානයක් select කර ගන්න.

ඇත්තෙන්ම අපේ සමහර උදවිය යාන වාහාන මිලදී ගන්නෙ තවත් අත්තම්කාරයෙකු හරහා ඒ කියන්නෙ බ්‍රෝකර්වරයෙක් හරහා වෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවාද ඔබට සොයා බලා ඔබ දහසකට ලබා ගන්නා භාණ්ඩය බ්‍රෝකර්වරයෙක් හරහා මිලදී ගත්තොත් දෙදහසක් පමණ වෙනවා කියලා. නිකම් බොරුවට මොකටද තව ගානක් වෙන කෙනෙක්ට යන විදියට වැඩ කරන්නේ ඒ නිසා ඔබ වාහානයක් මිලදී ගන්නේ නම් ඔබේ අත් උදව්කරු ඔබම වන්න එය ඔබේ සාක්කුවෙන් මුදල් යනවා වෙනුවට ඒ යන්න තියෙන මුදලත් ඔබේ සාක්කුවටම දා ගන්න පුළුවන් වේවි.

ඔබ වාහානය මිලදී ගැනීමට පෙර ඒ අංශයේ හසල දැනුමක් ඇති විශ්වාසී කෙනෙක් සමඟ ගොස් ඔබ මිලදී ගැනීමට සිටින වාහානය හොදින් පරික්ෂා කරවන්න. මොකද ඔබ මිලදී ගන්නෙ පෙර පාවිච්චි කරන ලද වාහානයක් නම් අනිවාර්යයෙන් එය හොදින් බලා ගත යුතුයි. මොකද වාහානයේ අලුත් කොටස් වෙනුවට පරණ කොටස් එක් කර ඔබ මුලා කරන්න පුළුවන් විදියෙ කපටීන් සිටින සමාජයක් මේ. ඒ නීසා වාහාන ගැන හොඳ දැනුමක් තියෙන කාර්මිකයෙකුගේ සහාය මේ වෙලාවට ඔබට ගොඩක් වටිනවා.

වාහානය මිලදී ගැනීමට පෙර ඒ හා සම්බන්ධ සියලු නීතිමය වටපිටාව සකස් කර තබා ගන්න. ඔබ වාහානයක් මිලදී ගන්න කලින් ඔබට අවශ්‍ය ගමන් බලපත්‍ර කල් ඇතිව අරන් තියා ගන්න.ඒ වගේම ඔබ මිලදී ගන්නා වාහානයේ සියලු නීතිමය කටයුතු ඔබගේ නීතිඥ මහතා ලවා සිදු කර ගන්න. තවද ඔබ මිලදී ගන්නා වාහානයේ Valuation Report එකක් ගන්න අමතක කරන්න එපා. වාහානයේ තත්වය හා වටිනාකම සහතික කරන්න පුළුවන් එකම දේ මෙම valuation report එක.

ඔබ අතේ ඇති මුදලට වාහානයක් ගත්තත් එම වාහානය නඩත්තු කිරීමේ හැකියාවක් ඔබට ඇත්නම් පමණක් එය මිලදී ගන්න. මාසික පඩිය විසි දහක් වෙලා වාහානයේ වාරිකය තිස් දහක් උනොත් නම් ඔබ මාසෙන් එරෙනවා. ඒ විතරක් නෙවෙයි දුම් වාර්තා ගන්න, රක්ෂණ වාරික පවත්වාගෙන යන්න මේ දේවල් අනිවාර්යයෙන් කල යුතු නිසා ඔබට ඒ දේවලුත් කිරීමට හැකි වටපිටාවක් අැත්නම් පමණක් වාහානයක් මිලදී ගත්තට කමක් නෑ.

ඉතින් මෙන්න මේ දේවල් ගැනත් සලකා බලලා හොඳ තීරණයක් ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here