විධිමත් මුලුතැන් ගෙයින් ලැබෙන වාසි මෙන්න

woman_at_kitchen

කාන්තාවගේ හැකියාව, පිළිවෙල සහ පිරිසිදුකම මැන ගැනීමට තිබෙන හොඳම ස්ථානය මුලුතැන්ගෙයයි. සමහර කාන්තාවන්ගේ මුලුතැන්ගෙය දැක්කාම මොන තරම් රහට ගුණට ඉව්වත් කෑම කන්න ඇති වෙන්නේ අප්‍රියතාවයක්. ඒ නිසා මුලුතැන්ගෙදර පිළිවෙල සහ පිරිසිදුකම පවුලක පැවැත්මට ඉතාම වැදගත්. විධිමත් මුලුතැන්ගෙදරකින් ඔබට ලැබෙන වාසි මොනවාද….?

වැඩ කර ගැනීම පහසුයි

නිවසේ වැඩ කටයුතු කරන විට පහසුව ඉතාම වැදගත්. ඒ නිසා විධිමත් විදිහට බඩු මුට්ටු අසුරා තැබීමට මුල් තැන දෙන්න. අද වගේ බිම ටයිල් නොකල, පැන්ට්‍රි කබඩ් නොතිබුන අතීතයක වුනත් මුලුතැන්ගෙයි බඩු වෙනුවෙන් නියමිත ස්ථාන තිබුනා. ලුණු පොල් කට්ට ලිප ළග, කරවල හාල්මැස්සන් වෙනුවෙන් දුම් මැස්ස අසල ඇසුරුමක්, ඒ විදිහට ඔබත් විධිමත් විදිහට මුලුතැන්ගෙයි හාල් තුනපහ පටන් අවශ්‍ය කලමනාවන් නිසි තැනක තබන්න. එවිට වැඩ කිරීම ඉතාම පහසුයි.

වෙහෙසක් නැහැ

අනේ උදේට උයන්න ගියාම හැතැප්ම ගානක් දුවන්න වෙනවා. මේ කියමන ඔබෙන් පිටවෙනවා නම් කොතැනක හෝ වැරැද්දක් තිබෙනවා. ඔබට මේ අන්දමින් එහා මෙහා යෑමට සිද්ධ වෙන්නේ පිලිලෙක් වගේම ක්‍රමානුකූල විදිහට පිලවෙල නොවුන මුලුතැන්ගෙයක් ඔබේ පාලනය යටතේ තිබෙන නිසයි. ඒ නිසා සියල්ල තමා සමීපයට සැනින් ගත හැකි සේ මුලුතැන්ගෙය ක්‍රමානුකූලව සකස් කර ගත් විට කිසිම වෙහෙසක් නොමැතිව ඔබට ඔබේ කටයුතු කර ගැනීමට පුලුවන්.

කාලය ඉතිරියි

ඔබට උයනවාට වඩා වැඩි කාලයක් අවශ්‍ය කලමනාවන් සහ උපකරණ සෙවීමට ගත වෙනවා නම් ඇත්තටම එබේ මුලුතැන්ගෙය විධිමත් නැහැ. පිහිය හොයන්න වෙලාවක්… හැන්ද … හාල්.. රතුළූණු කෝ… ඊයේ ගෙනාව අමුමිරිස් නැහැ… මේ විදියට නිරපරාදේ ගෙවෙන කාලයෙන් ප්‍රයෝජන ගැනීමට නම් විදිමත් බවක් ඇති කර ගැනීම ඉතාම අවශයයි. හැම දෙයක් වෙනුවෙන්ම තැනක් තබා ගනන්. එළවලු. හාල් තුනපහටත් තැනක් තිබෙනවා නම් සොයන්න ගත වෙන කාලය නොදැනීම ඉතිරි වෙනවා.

පිරිසිදුයි

විධිමත්ව තිබෙන මුළුතැන් ගෙය පිරිසිදු කිරීම ඉතාම පහසුයි. අතීතයේදී නම් මුලුතැන්ගෙය දේවාලයක තත්වයට තබා ගැනීමට කාන්තාවන් උනන්දු වුණා. බාල කාලයේ පටන්ම ගැහැණු දරුවන් මුලුතැන්ගෙය හොදින් පිරිසිදු කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. එහෙම නැත්නම් සිරියාකාන්තාව රාත්‍රියට ඇවිත් කෙල ගහනවා යන අදහස තිබුන නිසා හොදින් පිරිසිදු කිරීම අනිවාර්යෙන්ම සිද්ධ වුණා. ඒ නිසා මීයන්,කරපොත්තන්, කූඹි වැනි සතුනුත් නොදැනීම ඉවත් වුණා. විදිමත්ව තිබෙනවා නම් පිරිසිදු කිරීම පහසුය. අනවශ්‍ය ගොඩ ගැසීම් නැහැ. ඉවතලන දේ ඒ වෙලාවට ඉවතට ගියා. වැඩකටයුතු අවසාන වෙද්දී පිරිසිදු කිරීමත් අවසාන වුනා.

සෞඛ්‍යටත් හොදයි

ආහාර විෂවීම නිසා වැලදෙන බොහෝ රෝගාබාධ අපිට වලක්වා ගැනීම එතරම් අපහසු නැහැ. උයන පිළිවෙල, පිරිසිදුකිරීම, ආහාර සංරක්ෂනය, උයන විට විෂබීජ ඇතුලු වීම වැනි හේතුන් නිසා ආසාත්මිකතාවයන් ඇති වීම ඉතාම පහසුයි. නමුත් විධිමත්බව නිසා මේ අඩුපාඩු මග හරවා ගැනීම එතරම් අපහසු නැහැ. අපේ අපිරිසිදුබව නිසා පාචනය, වමනය වැනි රෝගාබාධයන්ට පවුලම ගොදුරු වෙන්නපුලුවනි. ඒ නිසා ආහාර වසා තැබීම, නරක් වුන දේ ඉවත් කිරිම, පිසින භාජන ක්‍රමවත්ව තබා ගැනීම සහ ඒවායේ පිරිසිදුබව නිසා විෂබීජ තොර කලාපයක් මුලුතැන්ගෙය මුල් කර ගෙන ගොඩ නැගෙනවා.

සතුට

මුලුතැන් ගෙය විධිමත්ව තිබුනොත් ඔබට අසනීපයක් , වෙනත් අවශ්‍යතාවයක් වෙතොත් කාට හෝ කියා උයන පින දේ වෙනුවෙන් උදව් ගන්න පුලුවන්. ඔබට දුරක සිට වුව ද්‍රව්‍ය තිබෙන තැන කියන්නත් පුලුවන්. විධිමත් මුලුතැන්ගෙයි සියල්ල ලේබල් කරන නිසා කාට වුනත් එහි වැඩකටයුතු කරන්න අපහසු නැහැ. ඒ නිසා ක්‍රමවත්බව නිසා ඔබේ සහයට කවුරුන් හෝ සම්බන්ධ කර ගැනීම එතරම් අපහසු නැහැ. එයින් ඔබේ හිතටත් සැහැල්ලුවක් ඇති වෙනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here