අත්හදා බලන්න…

woman-cleaning-tips

එදිනෙදා ජීවිතයේ කටයුතු කරන විට අපිට ඒ වෙනුවෙන් සරල උපක්‍රම යොදා ගෙන වැඩ කටයුතු පහසු කර ගැනීමට පුලුවනි.

රෝස අත්තක් පැල කරන්න ඉස්සර

රෝස අත්තක් පැල කිරීමට පෙරාතුව එය අමු අර්තාපල් ගෙඩියක් ගෙන එහි ගසා පැල කරන්න. අර්තාපල් ගෙඩියේ තෙමනය සහ පෝෂණය උරා ගෙන රෝස පැලය ඉතා සරුවට වැඩේවි.

rose

ඉක්මනට රෙදි වේලාගන්න

හිරු එලිය තිබෙන රටක රෙදි සෝදන යන්ත්‍රයේ වියලනය වෙනුවෙන් විදුලිය වැය කරන්න අවශ්‍ය නැහැ. ඒත් හදිසියේ රෙද්දක් වේලා ගැනීමට අවශ්‍ය නම් මේ ක්‍රමය අත්හදා බලන්න. වියලි තුවායක සෝදා ගත් රෙද්ද ඔතන්න. එහි දිය බේරුන පසුව සාමාන්‍ය රෙදි වැලේ කටු ආධාරයෙන් රදවාගන්න.

සපත්තු දුර්ගන්ධයට

සපත්තුවලින් නික්මෙන දුර්ගන්ධය ඉවසා සිටීම එතරම් පහසු නැහැ. සමාජයේ ගැවසෙන විට මේ තත්වය ඔබට විතරක් නොවෙයි, ආශ්‍රය කරන අයටත් අපහසුවක්. ඒ වෙනුවෙන් ඉතා පහසු විකල්පයක් තිබෙනවා. නිවසේ ඉවත දමන තේ tea bags මලු පාවහන් ඇතුලත තබන්න. සමහර විට දුර්ගන්ධය විතරක් නොවෙයි, තෙතමනයත් තිබෙන්න පුලුවන්. එවිට මේ තේ මලල්ට හාල් සහ බේකිං සෝඩා මිශ්‍ර කරන්න. දුර්ගන්ධයයි තෙතමනයයි දෙකම ඉවතට යාවි…

tea

අලුතින් මිළට ගත් සපත්තුව හිරයි

අලුතින් මිළට ගත් සපත්තුව සමහර විට ගෙදර ගෙනාවාම හිරට දැනෙන්න පුලුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් හැන්දෑවට සපත්තු ගැනීමටත් කැමැති නැහැ. හදිසියේවත් සපතත්තුව හිරයි නම්, මාරු කරගැනීමටත් ක්‍රමයක් නැත්නම් මේ විදිහට අත්හදා බලන්න. කඩදාසියක් පොගවා සපත්තුව තදින් වෙලන්න. දැන් එය වියලීමට තබන්න. කඩදාසිය වියලුන පසුව ඉවත් කරන්න.

වේලාවට වතුර බොන්න

සමහර අවස්ථාවලදී අපිට වතුර බීමට මොන තරම් උපදෙස් ලැබුනත් එය අමතක වෙනවා. ඇතැමි රෝගාබාධවලට දිනකට මෙපමණ වතුර ප්‍රමාණයක් බොන්න වෛද්‍ය උපදෙස් ලබා දුන්නත් වැඩ කටයුතු නිසා එය අමතක වෙනවා. වතුර බොන්න ඔබට අමතක වෙනවා නම් මේ උපදෙස ගැන අවධානය දෙන්න. ඔබේ බෝතලයේ වතුර බීමට අවශ්‍ය වේලාව සටහන් කරන්න. දැන් ඔබ වතුර බොන්න කාලය බව ‍බෝතලය විසින් සිහියට නගනු ඇති.

water

වැසිකිලියේ කහට

ඔබේ වැසිකිලයේ කහට හෝ අවර්ණ ස්වභාවය නිසා ඇති වෙන්නේ ඉතාම අප්‍රිතාවයක්. වැසිකිලිය වුනත් වචනයට කියන්නා වගේ බත් වුනත් කෑමට සුදුසු සේ පිරිසිදුව තිබීම අවශ්‍යයි. වැසිකිලයේ බේසම කහට බැඳී ඇත් නම් කොකාකෝලා දියරය දමා රැයක් තබන්න. පසුදින සාමාන්‍ය ක්‍රමයට අවශ්‍ය පිරිසිදු කිරීමේ දියර යොදා ගෙන සෝදා ගන්න.

cocacola

බොත්තම් ගැලවෙනවා නම්

මොනතරම් මිළක් දී ඇදුමක් ගත්තත් එහි බොත්තම් ඔබටත් නොදැන ගැලවී ගියොත් එහි වටිනාකම අවසානයි. සමහර විට මේ බොත්තම් මිළට ගැනීමට හැකියාවකුත් නැහැ. ඒ නිසා ඔබේ ඇදුමේ තිබෙන බොත්තම් ගැලවී නොයන සේ තබා ගැනීමට නම් බොත්තම මතුපිට තිබෙන මැස්මට නිය nail polish ආලේප කරන්න.

සිරුරේ ගන්ධය අපහසුනම්..

ඔබේ සිරුරේ දහදිය ගන්ධය බැහැර කිරීමට නම් දොඩම් බික් දෙකක් ගෙන සමේ ආලේප කරන්න.

orange

ජංගම දුරකථනය ශබ්ද මදිනම්

ඇතැම් අවස්තාවන්හි ජංගම දුරකථනයේ ශබ්දය මදි වූ විට අසන්නා කියන දෙය ඔබට ඇසෙන්නේ නැහැ. සන්නිවේදනය වෙනුවෙන් මෙය ඉතාම අපහසුයි. මේ නිසා  ඔබේ ජංගම දුරකථනයේ ශබ්දය මදි නම් එය වතුර නැති වීදුරුවක තබන්න.

mobile

කටේ දුර්ගන්ධයට

ඔබ උදේ දත් මැද්දත් දවල් වෙන විට මුඛයේ ගන්ධය ඇති වෙන්න පුලුවන්.  කාර්යාලයේ වැඩ කටයුතු කරන විට අතිරෙකව ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ඔබේ මුඛයේ දුර්ගන්ධය මග හරවා ගැනීමට නම් ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න.

eating-apple

උතුරන වතුර පිටතට නොයන්න

වතුර භාජනයක් උතුරන විට එය භාජනයෙන් පිටතට උතුරා යෑමට පුලුවන්. ඒ නිසා ලී හැන්දක් බාජනය මත තබන්න. වතුර නටන විට හැන්ද භාජනයේ ගැටෙන ශබ්දය ඔබට ඇසේවි. එවිට වතුර උතුරා යෑමට පෙරාතුව භාජනය බිමට ගැනීමට පුලුවන්.

boiling-water

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here