අද සිටින ගැහැනුන්ට, පිරිමින්ට උවමනා වන්නේ මොනවාද

0
4425
men-and-woman

පිරිමි සහ ගැහැනුන් එකිනෙකට වෙනස්ය. ඔවුන්ගේ අවශ්‍යතා, හැගීම් වෙනස්ය. එමෙන්ම එදා සිටි ගැහැණියට පිරිමියාට වඩා අද සිටින ගැහැණිය පිරිමියා වෙනස් වී ඇත. ඔවුන්ගේ උවමනාවන් විවිධාකාරය. මේ සෑම ගැහැනියක්ම පිරිමියෙක්ම එකිනෙකට සුවිශේෂී වේ. ඔවුන්ගේ හැකියාවන් විවිධාකාර වුවද ගැහැනුන් සහ පිරිමින් සසදන විට වඩා හොද යැයි වඩා නරක යැයි අපට කවුරුත් වර්ග කල නොහැකිය. අප සියල්ලන්ම ජීවින්ය.

නමුත් පිරිමින්ට උවමනා දේවල් බොහෝ කල් ගෙවුනත් වෙනස් වී ඇත්තේ ඉතාමත් අඩුවෙනි. 87%ක්ම පිරිමි තමන්ට ඇති වැදගත්ම දෙය ලෙස සලකන්නේ රැකියාවයි. එසේම ලිංගික ජීවිතය පිලිබදව ඔවුන් බොහෝ සිතන අතර ඉතා හොද ලිංගික ජිවිතයක් ගත කිරීමට කැමති වෙති. පිරිමියා වඩා අද සිටින ගැහැණිය සහ එදා සිටි ගැහැණිය සසදන විට අද සිටින ගැහැනියගේ අවශ්‍යතාවයන්, උවමනාවන් හාත්පසින්ම වෙනස් වී ඇත. ඔවුන්ගේ අසාවන්, අවශ්‍යතාවයන් අසීමිතය. අද බොහෝ කාන්තාවන් රැකියාවල නිරත වේ. පිරිමියා සතු මුදල් බලය, පිළිගැනීම ඔවුන්ද බලාපොරොත්තු වේ. මේ රැකියාවල නිරත වන ගැහැනුන් පිරිමින් නොව ඉක්මනින්ම රෝග වලට ගොදුරු වන බව අද සොයා ගෙන තිබේ. සෑම වසරකදී බොහෝ කාන්තාවන් රැකියා විඩාව නිසාම නිවාඩු ලබා ගනී. මේ නිසා කාන්තාවන් රැකියාව නිසාම මානසික ආතතියෙන් පෙලෙන බවත් කාන්තාවන්ගේ මතයයි.

අද කාන්තාවම් මුල් තැන දෙන්නේ රැකියාවටය. දරුවන් සිටින මවක් වුවද තම දරුවන්ට වඩා සිතන්නේ රැකියාව පිලිබදවයි. එතරම් කාන්තාව රැකියාවට වැදගත් තැනක් ලබා දී ඇත්තේ මුදල් නිසාය. මුදල් නොමැතිව ජිවත් විමට නොහැකි නිසා රැකියාවක් අනිවාර්යෙන්ම කාන්තාවන්ට තිබිය යුතු යැයි කාන්තාවන් සිතයි.

පිරිමින් මෙන් නොව ගැහැනුන් එතරම් ලිංගික ජීවිතය පිළිබදවද සලකිලිමත්කමක් දක්වන්නේ නැත. විවාහ වී ටික කලක් යන විට ලිංගික සතුට ගැන සිතන්නේද කාන්තාවන්ගෙන් ඉතාමත් සීමිත පිරිසක් පමණි. තවත් කාන්තාවන් තමා විවාහ වූ සැමියා පිලිබදව එතරම් සතුටට පත් වන්නේ නාඅ. පෙර කාන්තවන් මෙන් නොව අද කාන්තවන් ඉහල රකියවලද නිරත වන අතර අතීතයේ පිරිමියාට ඉතා යටහත් පත්ව සිටියත් අද කාන්තාවන්ට පවුල් තුළ යම් බලයක්, පිළිගැනීමක් ලැබී ඇත.

එදා සිටි පිරිමින් අධ්‍යාපනයේ නිරත වුවද කාන්තාවන්ට ඒ අවස්තාව අහිමි විය. නමුත් අද පිරිමින්ට වඩා අධ්‍යාපනයේ නිරත වන්නේ කාන්තාවන්ය. අද වන විට පිරිමි ළමයි අධ්‍යාපනයට දක්වන කැමැත්ත තරමක් වෙනස් වී ඇත. නිතර දග කරන, එකම ඉරියවුවේ නොසිටන පිරිමි දරුවන් අධ්‍යාපනයෙන් ඈත් වී නරක ක්‍රියාවන් වලට පෙළඹෙනු ඇත. අද ලෝකයේ පෙන්වා දෙන්නේ නිතර පාසල් මගින් පන්නා දමන්නේ පිරිමි දරුවන් බවයි. පිරිමි දරුවන්ට යම් විෂයක් උගන්වන විට එය නොතේරෙයි නම් ඔහු පංතියෙන් පැන දුවයි. නමුත් ගැහැණු දරුවන් සිදු කරන්නේ එම විෂය හිතින් අත්හැර දැමීමයි.

අද කාන්තාවන් ව්‍යාපාර කටයුතු වලද නිරත වේ. එසේ නොමැතිනම් තම ස්වාමියාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් කරයි. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු වී ඇත. ඒ නිසාම රැකියා ක්ෂේත්‍රයේ නිරත වන කාන්තාවන් වැඩි වී ඇත.

ඒ අනුවා පිරිමින්ට වඩා ගැහැණුන්ගේ අවශ්‍යතා වැඩි වී ඇත. අතීතය හා සසදන විට කාන්තාවන් මේ නොව පිරිමින්ගේ අවශ්‍යතා එතරම් විශාල වෙනසකට භාජනය වී නැත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here