ගැහැණු කියවනකොට පිරිමින් නිහඩ ඇයි?

0
4690
talking-woman

ඇත්තටම කාන්තාවන් කියන්නේ උප්පත්තියෙන්ම කතාවට උපන් හපන් තැනැත්තියකි. කාන්තාවන් එකතු වුනාම තොරතෝංචියක් නැතුව කියවනවා. ඒ කාන්තාවන්ගේ ස්වභාවයයි. නමුත් පිරිමින්ට නම් මෙය එතරම් රුස්සන්නේ නැත. ගැහැණුන්ගේ මොලයේ වම් අර්ධ ගෝලයේ ඉදිරියේ ඒ සමගම කුඩා ප්‍රදේශයක දකුණු අර්ධ ගෝලයද පිහිටා තිබේ. මෙය ගැහැනුන්ට කතා කිරීම සදහා තිබෙන විශේෂ ප්‍රදේශයකි. ඒ ආකාරයෙන්ම මොලයේ දෙපැත්තේම කතා කිරීම සදහා ස්ථාන තිබීමෙන් ගැහැනුන්ට හොදට කතා කිරීමට පුළුවනි. කාන්තාවන් කතා කිරීමෙන් අතිශය සතුටක් ලබති. ඒ නිසා ඔවුන්ට කොතරම් කතා කලත් ඇති වන්නේ නැත. කතාව සදහා විශේෂ ප්‍රදේශයක් මොලයේ තිබීම නිසා ගැහැනියගේ මොලයේ අනෙක් ප්‍රදේශ තවත් කටයුතු සදහා ඉඩ සැලසී තිබේ. මේ නිසා පිරිමින් මෙන් නොව කාන්තාවන් කොතරම් කතා කර කර සිටියත් තවත් අමතර වැඩක් දීමේ හැකියාවක් ඇයට ඇත.

විශේෂ කලාපයක් කතා කිරීම සදහා ගැහැණුන්ගේ මොලයේ තිබීම නිසා ගැහැණු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා විදේශ භාෂා ඉක්මනින්ම හා පහසුවෙන්ම ඉගෙනීමටත්, ග්‍රහණය කර ගැනීමටත් හැකියාවක් තිබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. එසේම ඉන් ගැහැණු ළමයි වියරණ, වචන වලට, අකුරු හදුනා ගන්නට, විරාම ලකුණු යෙදීමට පිරිමින්ට වඩා දක්ෂ බව මේ පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.

වම් මොලය මගින් සිරුරේ දකුණු පැත්තේ ශාරීරික කටයුතු පාලනය කරනු ලබයි. බොහෝ දෙනා දකුණතින් ලියන්නේ මෙන්න මේ නිසාය. එමගින් පෙනෙන තවත් දෙයක් නම් බහුතරයක් පිරිමින්ගේ අත් අකුරුවලට වඩා ගැහැණුන්ගේ අත් අකුරු කියවීම පහසු වන තරමටම ලස්සන අකුරු වීමටද මෙය හේතු වී තිබේ. ගැහැනියගේ මොලයේ භාෂා මධ්‍යස්තානය සකස් වී ඇත්තේ කතාව හා ලිවිම වඩා හොදින් කල හැකි ආකාරයටය. මේ නිසා සෑම කාන්තාවක්ම කතා කිරීමට ඉතා දක්ෂ වේ. ඇතැම් විට ඔබට කාන්තාවන් මෙතරම් කතා කරන්නේ ඇයි යන්න ගැටළුවක් පවතින්නට ඇත. මෙනන් මේ හේතුව නිසයි කාන්තාවන් කතාවට මෙතරම් ලැදී වන්නේ. හවසට ස්වාමියා වැඩ ඇරි එන තුරු කාන්තාවන් එදා දවසේ සිදුවීම කියන්නට සිටින්නේ නොඉවසිල්ලෙනි. නමුත් පිරිමියා එසේ නොවේ. ඔහුට අවශ්‍ය තනිව සිටීමටය. මේ නිසාම පවුල්වල ගැටළු ගණනාවක් හට ගනී. ඇත්තටම පිරිමින් එතරම් කතා නොකරන්නේ මන්දැයි ඔබට ගැටළුවක් පැන නගින්නට පුළුවනි.

සුහද කතාවන් සදහා පිරිමින් එතරම් දක්ෂ නොවේ. කාන්තාවන් කතා කරන්නට අරඹන්නේ පිරිමියාට  කලින්ය. අවුරුදු 03ක් වයසැති ගැහැණු දරුවෙක් එම වයසේදීම පිරිමි දරුවෙක් මෙන් දෙගුණයක් වචන දැනගෙන සිටි. ඇගේ කතාව 100%ක් අනෙක් ඇයට අවබෝධ කර ගත හැකිය. බොහෝ දුරට පිරිමියාගෙන් යමක් අසු විට එයට පැන පැන උත්තර දෙන්නේ කාන්තාවන්ය. ඒ කාන්තාවන් උපත්තියෙන්ම කතාවට රුචි නිසාය.

පිරිමින්ගේ කතාව හා භාෂාව මොලයෙන් දක්ෂ ලෙස හසුරවනු නොලබයි. ඔවුන්ගේ වම් මොලය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුවත් කාන්තාවන්ට මෙන් කතාවට විශේෂ ලෙස පිහිටි ස්ථානයක් නැත. පිරිමින් කතා කරන විට කටහඩෙහි ස්වර තුනක් පමණක් භාවිතා කරයි. එහෙත් ගැහැණු ළමයි ස්වර 05ක් පමණ භාවිතා කරයි. රූපවාහිනීයෙන් යම් වැඩසටහනක් පිරිමින් නරඹන විට එම වැඩසටහන පිලිබදව සීමිත කතාබහක් පමණක් සිදු වේ. ගැහැණු අය වැඩසටහන් නරඹන විට ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. ඔවුන් එම වැඩසටහන පිලිබදව විවිධ දේ ගැන කතා කරනවා.

පිරිමින්ගෙන් යම් ප්‍රශ්නයක් ඇසු විට ඊට පිළිතුරු ඉතා කෙටියෙන් ලබා දෙන්නේ මේ නිසාය. එමෙන්ම ගැහැණිය මෙන් නොව පිරිමියා පැයකදී වචන 2000-40000ක් පමණ කතා කරන අතර ශබ්ද 1000-2000ක් පමණ භාවිතා කරයි. ඔවුන්ගේ දිනපතා කතාබහට ඔහු යොදා ගන්නා වචන සංඛ්‍යාව සාමානයෙන් 7000ක් පමණ වේ. එය බොහෝ ගැහැනුන් කතා කරන වචන සංඛ්‍යාවෙන් තුනෙන් පංගුව ඉක්මවා යනු ලැබේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here