ඔබත් ලස්සනට අව් කණ්ණාඩි පළඳින අයෙක්ද ? එසේනම් මේ ඔබේ අවධානය පිණිසයි

0
3467
girl_wearing_sunglasses

ඇත්තටම අද සමාජය දිහා බැලුවොත් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වාම  යන යන සියලු තැන් වලට මෙම අව් කණ්ණාඩි පැළඳීම  ආරක්ෂාවට වඩා විලාසිතාවක් බවට පත් ව ඇත. ඇත්තටම අව්වේ යන වෙලාවට  ඇස් වලට හිරු එළියෙන් වන හානි අවම කර ගන්න අව් කණ්ණාඩි පැලදීම ගොඩක් දුරට නුවණක්කාර  ක්‍රියාවක්. නමුත්  හිරු රශ්මියෙන් ඇස් ආරක්ෂා කර ගන්න කියලා  එක එක මාදිලියේ අව් කණ්ණාඩි පැලදීම  ඔබගේ ඇස් දෙකට හානිදායක වෙන්න ඉඩ තියෙනවා.  වෙළඳපොළ තුල එක එක මාදිලියේ නොයෙක් වෛ වර්ණ විලාසිතාවන්ගෙන් යුත්  එක් එක් මිල ගණන් වල අව් කණ්ණාඩි  ලස්සනට දැම්මා වගේ නෙවෙයි  එයින් ඇස් දෙකට වන හානිය ගැන හිතුවොත්. ඉතින් අව් කණ්ණාඩි භාවිතයට පෙර මේවත් දැන ගන්න එක ඔබේ ඇඟට ගුණයි.

අව් කණ්ණාඩි පැළදීම තුලින් හිරු එළියෙන් ඔබගේ ඇස් වලට වන හානි අවම කර ගැනීමට ඔබට හැකිය. නමුත් අව් කණ්ණාඩි භාවිතයට පෙර  ඔබට ගැලපෙන අව් කණ්ණාඩිය කුමන ආකාරයේ එකක් විය යුතුද යන්න ඔබගේ අවධානය යොමු විය යුතු එක් කරුණකි.

කණ්ණාඩියේ ප්‍රමිතිය

ඇත්තටම අද සමාජයේ පොළකට ගියත්, නගර බද ටවුන් වලත්, කඩමණ්ඩි වලත් එක් එක් මාදිලියේ  අව් කණ්ණාඩි වර්ග විකිණීමට ඇත. නමුත් මෙවැනි කණ්ණාඩි වල ප්‍රමිතිය ඉතා බාල වන අතර එම කණ්ණාඩි නිම කරන ලද  ලෙන්සර්ස්  වලින් නිකුත් කරන  ඖෂධීය බව ඔබගේ ඇස් වලට හානි දායක විය හැකිය. එම නිසා  පදික වේදිකාවල තිබෙන අව් කණ්ණාඩි මිලදී ගැනීම ඔබට හානිදායක විය හැකිය. ප්‍රමිතියෙන් යුත් අව් කණ්ණාඩි මිලට ගැනීමට නම් Optical Shop එකකට යෑම වැදගත්ය.

අව් කණ්ණාඩි ගැනීමට සුදුසු වෛද්‍ය උපදෙස් 

ඔබට අව් කණ්ණාඩි භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔබ ප්‍රථම අක්ෂි  වෛද්‍යවරයකු හමු වී ඔබගේ ඇස් පරික්ෂා කරවා ගන්න. පසුව ඔබගේ ඇස් වලට හරි යන ආකාරයේ අව් කණ්ණාඩියක් තෝරා ගැනීමට  වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා සුදුසුයි. එය ඔබගේ ඇස් වල ආරක්ෂාවටද යහපත් වේ.

අව් කණ්ණාඩිය පිරිසිදුව තබා ගන්න

ඔබ වෛද්‍ය උපදෙස් මත අව් කණ්ණාඩියක් පලදින අයෙක් නම් එම අව් කණ්ණාඩිය නිරතුරුව  පිරිසිදුව තබා ගත යුතු අතර ඔබගේ තනි පාවිච්චියට පමණක් එය යොදා ගත යුතුය. ගමනක් බිමනක් ගොස් නැවත ආ පසු අව් කණ්ණාඩිය පිරිසිදු ලේන්සුවකින් පිහිදා අදාල ස්ථානයේ තැබිය යුතුය. නැවත එය පලඳින්නේ නම් පිරිසිදු කර පැලදිය යුතුය.

විලාසිතාවෙන් තොර ආරක්ෂාවක්  ලබා ගන්න

ගොඩක් අය  Contact Lenses භාවිතා කරනවා. විශේෂයෙන් අපේ කාන්තා උදවිය. ඉතින් මේ Contact Lenses  පැළදීම තරමක් දුරට  විනාශකාරී වැඩක්. ඔබ එවැනි Contact lenses පළදිනවා නම් එහිදී ද වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍යයයි.  ඒ වගේම විලාසිතාවට අව් කණ්ණාඩි භාවිතා කරන ඔබ ඉක්මනින්ම ඇස් අමාරු, ඇස් රෝග වලින් පෙලෙන්නෙක් බවට පත් නොවී වෛද්‍ය උපදෙස් අනුව අව් කණ්ණාඩි තෝරා ගැනීමට හුරු වෙන්න. එය විලාසිතාව එහා ගිය ඔබගේ ඇස් දෙකෙහි ආරක්ෂාව උපරිමයෙන්ම  සලසාවි.

ඉතින් මෙච්චර දවසක් විලාසිතාවට අව් කණ්ණාඩි පැළදගෙන ගිය ඔබ මෙතැන් පටන් ඔබේ ඇස් වල ආරක්ෂාව උදෙසා වෛද්‍ය අනුමැතිය ලත් ඔබට ගැලපෙන අව් කණ්ණාඩියක් පැළදීමට සැලකිලිමත් වීම සුදුසුයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here