ඔබත් ඔබේ Beauty Bag එකේ මේ දේවල් අනිවාර්යයෙන්ම ගෙනියනවද ?

ඔබත් මේ දේවල් අනිවාර්යයෙන්ම ඔබේ Beauty Bag එකේ ගෙනියනවද ?

තම රූපය ගැන වද වෙන, ලස්සනට ඉන්න කැමති හැම තරුණියක් ළඟම තියෙන පොදු දෙයක් තමයි එයාලගෙ Beauty Bag එක.  කොහේ කොතන ගියත් අපේ කාන්තා පාර්ශ්වය නම් මේ Beauty Bag එක නම් අරන් යන්න අමතක කරන්නෙම නෑ. උදේ ගෙදරින් පිටත්ව සවසට නැවත ගෙදරට එන තෙක් ඔබට අවශ්‍ය වෙන හැම දෙයක්ම වගේ මේ Beauty Bag එකේ දාගෙන නේද යන්නෙ. ඉතින් මේ විදියට ඔයත් අරගෙන යන ඔයාගෙ Beauty Bag එකේ මෙන්න මේ කියන දේවලුත් තියෙනවද බලන්න. නැතිනම් මෙන්න මේ අවශ්‍යම දේවල් ටික ඔයාගෙ ඔය Beauty Bag එකට එක් කර ගෙන තියා ගන්න .  ඇත්තටම සමහර  උදවිය නම් හිතන්නෙ Beauty Bag කියන්නෙ එයාලගෙ Makeup Box එක කියලා. Makeup Box එකට එහා ගිය ඔයාට නිතර නිතර ඕනෑ වෙන තවත් දේවල් මේ Beauty Bag එකේ තියෙනවා….   බලන්න කෝ ඔයත් මේ දේවල් අරන් යනවද කියලා ඔයාගෙ Beauty Bag එකේ

• Wet Wipes

ඔබේ ගමන අතරතරදි දහඩිය කුණු දූවිලි පිස ගන්න තෙත ටිෂූ එකක් එහෙම තිබුනොත් වටිනවා නේද? යාර ගණන් ලොකු රෙදි කෑලි අරන් යනවට වඩා ස්මාර්ට් නේද ටිෂූ එකක් අරන් යන එක. ඒ වගේම ඔයාගෙ මේකප් Mistakes ටික fix කරන්නත් තෙත ටිෂු එක තමයි හොඳම. ඒ නිසා ඔන්න ඔයාගෙ Beauty Bag එකට අමතක නොකර Wet Wipes නැතිනම් තෙත ටිෂු පැක් එකක් දා ගන්න.

• Lips බාම්

වියළි කාළගුණයත් එක්ක බලද්දි නම් Lips බාම් එක ගොඩක් වැදගත් වෙනවා. දෙතොල් වේලීම, ඉරි තැලීම වගේ තත්වයන් වලදි Lips බාම් එක නම් අපට සහනයක්. කෝමාරිකා, පිපිඤ්ඤා අඩංගු ලිප් බාම් එකක් එහෙම ඔයාගෙ Beauty Bag එකට නම් අවශ්‍යයෙන්ම දා ගන්න අමතක කරන්න එපා.

• Sunscreen

හිරු රශ්මියට සම වියළෙන නිසා අනිවාර්යයෙන් අමතක නොකර Sunscreen එකක් ඔයත් ඔයාගෙ Beauty Bag එකට දා ගන්න. සම රැළි වැටීම වගේම සමේ සෛල විනාශ වීමත් මෙමගින් වලක්වා ගන්න පුළුවන්.

• සනීපාරක්ෂක තුවා

අපි කාන්තාවන් විදියට හැම දෙයක් ගැනම හොඳ විමසිල්ලෙන් ඉන්න ඕන. බැරි වෙලාවත් ගෙදරින් පිට ඉන්න වෙලාවකදි මාසික ඔසප් වීම සිදු වුනොත් සමාජය ඉදිරියෙ අපි ටිකක් අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතිව ඔයාගෙ Beauty Bag එකෙත් සනීපාරක්ෂක තුවා දෙක තුනක් තියා ගන්න.

• Hand cream

රැකී රක්ෂා කරන කාන්තාවන්ට නම් වැඩි වශයෙන් AC එකේ එහෙම ඉඳගෙන තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒ වගේ අවස්ථා වලදි අපේ අත් එහෙම ඉක්මනින්ම වියළෙනවා. ඉතින් මේ තත්වයෙන් මිදෙන්න පොඩි Hand cream බෝතලයක් එහෙම ඔයාගෙ Beauty Bag එකට දා ගන්න.

• Makeup Items

ඔයා එදිනෙදා Use කරන BB Cream එක, මස්කාරා එක, Eye  liner එක, Rose Powder, ලිප්ස්ටිකක් එක වගේ අනිවාර්ය Makeup Items ටික ඔයාගෙ Beauty Bag එකට එක් කර ගන්න.

• ෆර්පියුම් 

මේ තියෙන රස්නෙත් එක්ක දහඩිය දාලා දහඩිය ගඳ ගහන්නත් පුළුවන්. ඉතින් බස් වල වගේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයට නම් මේ ගැටලුව තියෙනවා. ඒ නිසාම අපට පුළුවන් පොඩි කොලෝන් බෝතලයක් හරි අපේ ෆර්පියුම් එක හරි ඒ වගේ අවස්ථා වලදි use කරන්න. ඒ නිසා ඔයාගෙ ඔය Beauty Bag එකේ පොඩි කොලෝන් එකක් හරි ෆර්පියුම් එකක් හරි දා ගෙන අරන් යන්න පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here