ජීවිතය ජය ගන්න මේ කරුණු 7 ඔබේ ජීවිතයට එක් කර ගන්න

0
14001
ගොඩ යන්න වෙර දරන, ජීවිතය ජය ගන්න.

අප සැවොම හීන දකින්නෙ කිසිදු පීඩාවක් නොමැතිව සතුටින් සමගියෙන් ජීවත් වෙන්න. ඉතින් ජීවත් වීමේ අරමුණ පෙරදැරිව මේ ජීවන ගමනෙදි නොයෙක් කම්කටොලු හැල හැප්පීම් වලට මුහුණ දෙන්න අප කාටත් සිදු වෙනවා. දුකක් නැතිව කාටවත් අත නොපා ජීවත් වෙන්න නම් අපට අපේ ජීවිතය සාර්ථක කර ගන්න වෙනවා. ඉන්න මට්ටමෙන් දශමයක් හරි ඉහලට යන්න වෙනවා. ඉතින් අපි දිවා රෑ නොබලා මහන්සි වෙන්නෙ අපේ අන්තිම කාලයේ හරි හොදින් ඉන්න හිතා ගෙන. ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න, ජීවිතය සාර්ථක කර ගන්න මේ දේවලුත් ඔබේ ජීවිතයට එක් කර ගන්න.

• ඔබේ අරමුණ සඳහා ඉලක්කයක් තබා ගන්න. 

ඔබ යම් හෙයින් ජීවිතය සාර්ථක කර ගැනීමට වෙර දරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කර ගන්න නම් ඔබට අරමුණක් තිබිය යුතුයි. ඒ අරමුණ ඔබේ කඩයිම් රේඛාව බවට පත් කර ගන්න.මම කවදා හරි මේ තැනට එනවා, මම කවදා හරි ඒ තැනට යන්න ඕන ඒ නිසා මම කැපවීමෙන් වැඩ කටයුතු කරන්න ඕන කියන ඉලක්කය ඔබත් ඔබේ ජීවිතේට එක් කර ගන්න.

• අවංක වෙන්න.

ඔබ සාර්ථකත්වය හමුවේ ඉහලම මංතලයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් නම් අවංක භාවය ඔබ තුල තිබිය යුතුය. ඔබ ඔබට වගේම ඔබගේ රැකියාවට, සේවකයන්ට, පවුලට, දූ දරුවන්ට සමාජයට අවංක පුද්ගලයෙක් විය යුතුය. අවංකබව යනු ඔබේ සාර්ථකත්වයට ආශිර්වාදයකි.

• ඔබ ශක්ති සම්පන්න අයෙක් වන්න. 

කිසිම විටකදී ඔබ අධෛර්යමත් වෙන්න එපා.මට පුළුවන්, ඔව් මම ඒක කරනවා, කියන අධිෂ්ඨානයෙන් යුතුව ඔබගේ කටයුතු ඉදිරියට කර ගෙන යන්න.සමාජයේ කට කථා, චෝදනා, තර්ජන ගර්ජන වලට නොසැලී සැඩ මාරුතයක් වීමට උත්සාහවන්ත වෙන්න.

• කල්පනාකාරී වන්න.

අප සියලු දෙනා ජීවත් වන්නේ ඉතා කුරීරු විෂම සමාජයක් තුල කියන එක කිසිම මොහොතක අමතක කරන්න එපා. අපේ සමාජෙ අපට හොඳ මුහුණ පෙන්වන අයගෙන් බොහෝ  දෙනෙක් අපට වරදින තුරු සිහින බලනා අය.ඒ නිසා හොඳ අවධානයක් ඇතිව කටයුතු කරන්න. ඔබ ඔබ හැර වෙන කිසිම අයෙක් විශ්වාස නොකරන්න. සියලුම දේ පිළිබඳ හොද කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න.

• වැරදෙනවට බිය නොවන්න.

ඔබ දන්නවාද? වැරදීම් තුලින් තමයි ජීවිතයට නව පන්නරයක් ලැබෙන්නෙ. අපේ ජීවිතේට යම් හෙයින් අත්දැකීමක් ලබා ගන්න නම් ඕනම දෙයක් ක්‍රියාත්මක කර බලන්න ඕන. මේක මෙහෙම කලොත් වැරදෙයිද?  කියන ආකල්පය නම් කිසිම දිනෙක ඔයාගෙ හිතේ තියා ගන්න එපා. හරියන්න හරි වරදින්න හරි මම මේක කරන්න ඕන කියන දේ නිතරම සිහියට ගන්න. ඔබ දන්නවාද ඇල්බට් අයින්ස්ටයින් 99 වතාවක් බල්බ් එක හදන්න උත්සහා කලා ඔහු එය ජය ගත්තෙ සියවෙනි වතාවෙදි.එදා ඔහු ඒ වෑයම වැරදෙනවට බයේ අත හැරියා නම් අදත් අපි කලුවරේ වෙන්න පුළුවන්.

• දෙයක් සිදු කිරීමට ප්‍රථම හොදින් සිතන්න.

ඔබ යම් දෙයක් ක්‍රියාවට නැංවීමට පෙර ඒ දෙය පිළිබඳ හොදින් හිතන්න. මම මේක කරොත් මෙහෙම වෙන්න පුළුවන්, කියන නිගමනය පිළිබඳ හොදින් සිතන්න.ඔබ  ඒ කරන දෙයින් ඔබටත් අන් අයටත්  හොඳ ප්‍රතිඵලයක් ලැබේ නම් එය සිදු  කරන්න.

• ඔබ ඔබට ගැලපෙන ජීවන සහකරු/සහාකාරිය තෝරා ගැනීමට පසුබට නොවන්න.

කීමටත් කියනවා සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගෑනියෙක් ඉන්නවා කියලා, ඒ වගේම ගෑනියෙක් හරි මිනිහෙක් තෝරා නොගත්තොත් ජීවිතේම අදුරේ කියලා. අන්න ඒ නිසා හැම අයුරකින්ම ඔබට සහාය දිය හැකි කෙනෙක් ඔබේ ජීවිතයට තෝර ගන්න. හරි කෙනා ජීවිතේට තෝර ගන්න නොලැබුනොත් මොන තරම් වෙර දැරුවත්  ඔබට ඔබේ ඉලක්කෙට යන්න අපහසු වේවි.

ගොඩයන්න වෙර දරන ජීවිතයට අලුත් අරමුණක් ඇතිව ඔබේ ජීවිතය අභියෝගයක් සේ සිතා කටයුතු කරන්න.සාර්ථක ජීවිතයකට ඇරඹුම මෙතැන් සිට අරඹන්න.ජය ගන්න ජීවිතය.

සටහන
මල්ෂි  මෙන්ඩිස්

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here