ඔබ ලබා ගන්නා ආහාර වර්ග අතර ඌෂ්ණ හා ශීත ආහාර වර්ග ඔබ හරි හැටි දැන සිටියාද ?

0
19976
gl_eating_junk

ඇත්තටම අපි ලබාගන්නා ආහාර වර්ග ඌෂ්ණ හා ශීත ආහාර ලෙස කොටස් දෙකකට  වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඔබ ආහාර ලබා ගනිද්දි ඔබේ ශරීර සෞඛ්‍ය තත්වයට ගැලපෙන පරිදි ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. එය නීරෝගී පුද්ගලයෙකු බිහි කිරීමට හොඳම මාර්ගයක්. ඉතින් අපි වෛවර්ණ විදියෙ ආහාර වර්ග රාශියක් ලබා ගන්නවා වගේම දිනකට කොපමණ ආහාර ගන්නවද ? ඒ අතර අපේ ශරීර සෞඛ්‍ය තත්වයට සරිලන ආහාර වර්ග මොනවාද කියලා ගෙදර දොර වැඩ කරන කාන්තාවක් ලෙස ඔබත් හොඳ හැටි දැන සිටියොත්  හොඳයි කියලයි මට හිතෙන්නෙ. මොකඳ ගෙදර ඉන්න සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව තියෙන්නේ ගෘහණියක් වන ඔයාගෙ අතේ නිසා හරි දේ හරි හැටියට ඔබේ පවුලේ උදවිය වෙනුවෙන් ලබා දීම ඔබගේ වගකීම වෙනවා.
ඉතින් එහෙනම් බලන්න මේ ආහාර වර්ග අතර ඔබට ගැලපෙන වගේම නොගැලපෙන ආහාර වර්ගත් තියේද කියලා.

ඇත්තටම  ඇතැම් පුද්ගලයන්ගේ ශරීරය ඉතාම ඌෂ්ණයි.  වැඩිපුර  දහඩිය දැමීම, ඇතැම් ආහාර වර්ග ලබාගත් පසු ශරීරයේ පලු දැමීම, කැසීම ඇති වීම, ඇලර්ජි තත්වයන් ඇති වීම වැනි තත්වයන් බහුලවයෙන් ඇති වන්නේ ඌෂ්ණ ශරීරයකට හිමිකම් කියන උදවියවේ. එවැනි අය සඳහා කිසිවිටකත් ඌෂ්ණ සහිත ආහාර නිරන්තරයෙන් ලබා දීම පාලනය කල යුතුය. දෛනිකව ඔබත් ඌෂ්ණ සහිත ආහාර ලබා ගැනීම තුලින් ඔබගේ ශරීර අභ්‍යන්තරයේ පවා යම් යම් රෝග තත්වයන් ඇති විය හැකිය. එම නිසාවෙන් ඌෂ්ණ සහිත ආහාර වර්ග හඳුනා ගනිමින් එම ආහාර වර්ග පාලනය කිරීමට ඔබට පුළුවන්. ඇත්තටම මොනවාද මේ ඌෂ්ණ සහිත ආහාර වර්ග.

  • ටින් කල ආහාර
  • සාඩින්
  • මස් කල ටින් ආහාර
  • මීට් බෝල්ස් වර්ග
  • ටින් කල සෝස්
  • ඉස්සන්
  • දැල්ලන්
  • කකුළුවන්
  • ඌරුමස්
  • බල මාළු
  • තෝරා මාළු
  • බල කරවල
  • තක්කාලි දමන ලද ආහාර
  • සෝස් එකතු කරන ලද ආහාර
  • දෙල්
  • මාළු මිරිස්
  • ගහල
  • මුරුංගා

ඉතින් ඉහත සඳහන් කල ආහාර වර්ග අතර අප එදිනෙදා ලබා ගන්නා ආහාර වර්ගත් තිබිය හැකියි. නමුත් අප ආහාරට ගැනීමට කොතරම් ප්‍රියකරන ආහාර වර්ගයක් වුනත් එය අපට අහිතකර නම් එයින් වැලකී සිටීම අපගේම යහපතට හොඳයි නේද ? මෙවැනි ඌෂ්ණ සහිත ආහාර එක දිනකට දෙක තුනක් ලබා ගැනීම තුලින් ඔබගේ ශරීරයේ යම් යම් ඇලර්ජි තත්වයන් ඇති විය හැකි අතර.ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ඔබගේ ආහාර රටාව පවත්වා ගැනීමද ඉතා වැදගත් කරුණකි.

ශීත ආහාර

අප අතර සිටින ඇතැම් පුද්ගලයන් අතර බොහෝ සෙයින් සෙම් රෝග වලන් පෙළෙන අය ඇත. එවැනි පුද්ගලයන් මෙන්ම ගර්භනී තත්වයේ පසුවන මව්වරුන් සඳහාද මෙම ශීත ආහාර ලබා දීම පාලනය කල යුතුය. සෙම් රෝගයන්ගෙන් පෙළෙන අය සඳහා ශීත ආහාර වර්ග ලබා දීම තුලින් ශරීරයේ ඇති සෙම ප්‍රමාණය වැඩි විය හැකිය.එම නිසා තෝරා බේරා ගනිමින් ආහාර ලබා ගැනීමට ඔබ නුවණක්කාර විය යුතුය.
ශීත ආහාර වර්ග අතර : 

  • ශීත කල බීම, යෝගට්, අයිස්ක්‍රීම්, ශීත වතුර
  • වම්බටු
  • වට්ටක්කා
  • ලීම කරල් / මෑ කරල්
  • මුකුණුවැන්නා
  • බටු
  • සාරණ
  • නිවිති
  • තම්පලා
  • මී කිරි / එළකිරි
  • බිත්තර (ගම් බිත්තර වලට සෙම වැඩිය)

මෙවැනි ආහාර වර්ග රාශියක්ම ශීත ආහාර ලෙස හදුනා ගත හැකි අතර සෙම් රෝග ඇති උදවිය සදහා මෙම ආහාර වර්ග ලබා දීමේදි සැලකිලිමත් විය යුතුය.
ඉහත සඳහන් කල ආහාර ඒ ඒ උදවියගේ ශරීර තත්වයන් අනුව ලබා දීමට කාන්තා ඔබ නුවණක්කාර වීම අතිශය වැදගත්ය.

කරවිල, තුඹ, රාබු, නෝකෝල්, ගෝවා මල්, පිපිඤ්ඤා , ගොටුකොළ , ගෝවා, කැරට්, බෝංචි , කංකුං, දිය බෙරලිය, පතෝල, වැටකොළු, පොලොස්, කෙසෙල් මුව, දඹල, වැනි ආහාර වර්ග ඕනෑම අයෙකුගේ ආහාර වේලකට එක් කර ගැනීමට හැකි නම් එය ඔබට පූර්ණ හිතකර ලෙඩ රෝගයන් ගෙන් තොර සෞඛ්‍ය තත්වයක්  ලගා කර ගැනීමට ඉවහල් වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here