සිඟාලෝවාද සූත්‍රයට අනුව අඹු සැමි සබැඳියාව හොඳින් පවත්වා ගන්නේ කෙසේද ?

0
24829
husband_wife_relationship

ප්‍රීතිමත් යුග දිවියක් ගත කිරීමේ අවශ්‍යතාව ඇති ඕනෑම අයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුලින් තම පවුල් සංස්ථාව ස්ථාවරව හා සතුටින් පවත්වා ගැනීමට ඕනෑ හැටි පුළුවන. පවුල් ජීවිතයක පදනම සකසා දෙන අගනා බෞද්ධ සූත්‍ර දේශනාවක් ලෙස සිඟාලෝවාද සූත්‍ර දේශනාව හදුන්වා දිය හැකිය.  සැමියාගෙන් බිරිඳකට හා බිරිඳකගෙන් තම සැමියාට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාව පෙන්වා දෙන මෙම සූත්‍ර දේශනාව තුලින් යහපත් පවුල් පසුබිමක් මෙන්ම වගකීම් නිසි අයුරින් තේරුම් ගත් සැමියෙකු, බිරිදක සමාජයට බිහි වීම තුලින් පවුල් පසුබිම තුල ගොඩනැගෙන ගැටලු ද අවම කර ගැනීමට ඔබට පුළුවනි.

ඉතින් ප්‍රිතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම උදෙසා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම සිඟාලෝවාද සූත්‍රයට අනුව ස්වාමිපුරුෂයා විසින් තම භාර්යාවට පස් අයුරකින් තම යුතුකම් ඉටු කල යුතුය. සියලුම පවුල් සංස්ථාවන් හී පුරුෂ පාර්ශවය මෙම යුතුකම් තම බිරිඳ වෙනුවෙන් ඉටු කිරීම තුලින් පවුල් ජීවිත තුල ආදරය, සෙනෙහස මෙන්ම තම බැඳීමද ශක්තිමත් කර ගැනීමට ඔබ සැමට පුළුවන.

සිඟාලෝවාද සූත්‍ර දේශනාවට අනුව සැමියෙක් විසින් බිරිඳකට ඉටු කල යුතු යුතුකම් 


  1. භාර්යාවට ගරු කිරීම හා සැලකිලිමත්ව කතා කිරීම
  2. තම බිරිඳට අවමන් නොකිරීම
  3. වෙනත් ස්ත්‍රීන් සමඟ අනාචාරයේ නොහැසිරීම
  4. යස ඉසුරු පවරා දීම ( මෙයින් අදහස් කරනු ලබන්නේ ගෙදර දොර කටයුතු වල භාරකාරත්වය නිසි ලෙස තම බිරිඳට ලබා දීමයි )
  5. ආභරණ සපයා දීම

ඉහත සඳහන් කල පස් ආකාරයෙන් සැමියෙක් විසින් තම බිරිඳට සංග්‍රහා කල යුතුය. එපමණක්ම නොව බිරිඳක් විසින් තම සැමියාට ඉටු කල යුතු යුතුකම් පහක් ද සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුලින් පෙන්වා දී ඇත. යහපත් බිරිඳක් ලෙස ඔබද ඔබගෙන් තම සැමියාට ඉටු කල යුතු යුතුකම් මොනවාද යන්න දැන සිටීම තුලින් ඔබගේ පවුල් දිවියේ ප්‍රීතිමත් බව එලෙසම පවත්වා ගැනීමට ඔබට හැකිය.

සිඟාලෝවාද සූත්‍ර දේශනාවට අනුව බිරිඳක් විසින් තම සැමියාට ඉටු කල යුතු යුතුකම් මේ අයුරින් පෙන්වා දිය හැකිය 


  1. මනාව කටයුතු සංවිධානය කරන ඇත්තියකු වීම.  ( මෙමගින් අදහස් කරනු ලබන්නේ ගෙදර දොර කටයුතු මෙන්ම වෙනත් භාහිර සමාජ කටයුතු ද පිළිවෙලක් ඇතිව සිදු කිරීමට වග බලා ගැනීමය. )
  2. ස්වාමියාගේ පිරිවර ජනයාට මැනවින් සංග්‍රහා කිරීම . ( තම සැමියාගේ පවුලේ නෑ හිත මිතුරන් හට නිරතුරා සැලකීමට හා යුතුකම් ඉටු කිරීමට වග බලා ගත යුතුය )
  3. වෙනත් පුරුෂයන් සමඟ අනාචාරයේ නොහැසිරීම.
  4. සැමියා සපයා ගෙනත් දුන් වස්තූන් ආරක්ෂා කිරීම ( තම සැමියා මහන්සි වී උපයන මිල මුදල් මෙන්ම රන් රත්තරං බඩුද ආරක්ෂා කර ගනිමින්  මනා ලෙස විය පැහැදම් කිරීම යහපත් භාර්යාවකගේ වගකීමකි )
  5. සියලු කටයුතු වලට දක්ෂ හා කාර්යශූර වීම. ( ගෙදර දොර කටයුතු වලට මෙන්ම දරුවන්ගේ සියලු  කටයුතු ද මනාව සොයා බලා ඉටු කිරීම )

ඉහත සදහන් කල පස් අයුරින් යහපත් බිරිඳක් ලෙස ඔබද ඔබගේ සැමියාට යුතුකම් ඉටු කල යුතුය.
පවුල් සංස්ථාවක පැවැත්ම කෙරෙහි වැඩි වගකීමක් ඇත්තේ භාර්යාවටය. එම නිසා තම යුතුකම් වගකීම මනා ලෙස තේරුම් ගෙන තම  පවුල වෙනුවෙන් කැපවීම කාන්තා ඔබ අප සැමගේම වගකීමකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here