සැබෑ ශ්‍රි ලාංකීය රසය හෙවත් “හෙළ බොජුන්”

0
4263
hela-bojun

අපේ උදවිය බෝ නොවන රෝගවල ගොදුරක් බවට පත් වීමේ ප්‍රවනතාවය ආරම්භ වුනේ දේශීය ආහාර රටාවෙන් අපි දුරස් වුනාම බව අනිවාර්යෙන්ම පිලිගත යුතු ඇත්තක්. ඒත් මේගැන මැසවිලි නගනවාට වඩා ඒ වෙනුවෙන් විකල්ප සොයන්න අපි කවුරුත් යොමු වුනේ නැහැ. මෙහි මූලික පියවරක් විදිහට 2012 වසරේ මහනුවර පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයේදී සැබෑ ශ්‍රි ලාංකිය රසය හඳුන්වා දෙමින් “හෙළ බොජුන්” සංකල්පය ආරම්භවුණා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතාගේ සංකල්පයක් විදිහට මුල පුරනලද මේ “සැබෑ ශ්‍රි ලාංකිය රසය” ගැන අදහස් ඉදිරිපත් කළේ කෘෂිකර්ම නිළධාරී එස්. ටී. ජේ බණ්ඩාර මහතායි.

අපිට කන්න බොන්න ඕනෑ තරම් ස්ථාන අපේ රටේ තිබෙනවා. මහනුවර සිට කොළඹට යනතෙක්ම කිසිම අඩුවක් නැහැ. ඒත් කන බොන දේ ගැන විශ්වාසයක් නැත්නම් කෘතිම රසකාරක,වර්ණක, වගේම අපිරිසිදු තත්වය යටතේ පිසින ආහාර නිසා මුදල් වැය කරල කන බොන දේ නිසාඅවසානයේදී අපි ලෙඩ රෝග ඉල්ලා වැළඳ ගන්න තැනට පත් වුනොත්… කිසිම තේරුමක් තිබෙනවාද..?  මේ නිසාම සුරක්ෂිතව ආහාරපාන වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි අපිට ප්‍රශ්නයක්ඇති වුණා. හෙළ බොජුන් සංකල්පය ආරම්භ වුනේ ඒ විදිහටයි….

ආරම්භය ඉතාම සුලුවෙන්…

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේදී මේ අලෙවිසැල් පටන් ගත්තේ ඉතාම කුඩා පරිමානයෙන්. කුඩයක් යට මැටි ගෙවල් ඉදි කලා. මුල්කාලයේදී වැඩිමහල් කාන්තාවන් මේ වෙනුවෙන් සම්බන්ධ වුනා. ඒත් සමහර ස්වාමිපුරුෂයන් තමාගේ බිරිද බාහිර සමාජයට සම්බන්ධ වෙනවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා සමහර ස්වාමිපුරුෂයන් මේ තැනට ඇවිත් බිරිදගේ අලෙවිසැල අවසාන වෙන තෙක් රැඳී සිටින තරමටම පටු අදහසින් කටයුතු කළා. මේ කාන්තාවන් පාරිභෝගිකයින් සමග කතා බහ කරන්නේවත් , අඩුම ගනනේ සිනාවෙන්නේවත් නැහැ. ඒ නිසා මේ සංකල්පය ඉදිරියට ගෙන යෑම අපහසු වුණා. ඒනිසා අපිට මුලින්ම මේ කාන්තාවන්ගේ ආකල්ප පිලිබඳ වෙනස්කම් ඇති කරන්න සිද්ධ වුණා.

දැනට ලංකාවේ  විවිධ පලාත්වල “හෙළ බොජුන්” මධ්‍යස්ථානපිහිටුවා තිබෙනවා. මහනුවර, බටඅත, ලබුදුව, මහියංගනය, කෑගල්ල, අනුරාධපුරය, පුලුයන්කුලම, කුණ්ඩසාලේ, පැල්වෙහෙර, නුවරඑලිය, පොලොන්නරුව, අම්පාර එයින්කීපයක්. මේ හෙළබොජුන් අලෙවිසැලක් වෙුවෙන් ඉඩක් ලබා ගැනීමේදී යම් නීති පද්ධතියක්තිබෙනවා.

  • කාන්තා සංවිධානයක සාමාජිකත්වය ලබාසිටීම
  • ආහාර වෙනුවෙන් කිසිම ආකලනයක්භාවිතා කිරීමට නොහැකි බව
  • බැදුම් තෙල් නැවත නැවත භාවිතයටඉඩක් නැති බව
  • පාන්පිටි යොදා ගැනීමට අවසර නැතිබව
  • පිරිසිදුබව
  • පරිසර හිතකාමී දැවටුම් භාවිතය
  • විනය

මේ වෙනුවෙන් කාන්තාවන් තෝරා ගැනීම කෘෂිකර්ම ව්‍යාප්ත නිළධාරී මහතාගේ කාර්යක්. අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ අඩුආදායම්ලාභී කාන්තාවන්ටයි. ඒ වෙනුවෙන් අපේ නිර්නායක තිබෙනවා.

  • පවුලේ තත්වය
  • ආදායම
  • හැකියාව
  • දරුවන් සංඛ්‍යාව
  • නීරෝගී බව

ඊට පසුව අපි පවුල් කළමනාකරණනය ගැනත් ඔවුන් දැණුවත් කරනවා. සැමියා මත්පැන් බොනවා නම් ඒ ගැනත් උපදේශන ලබා දෙනවා. කාන්තාව ආදායම ලබන විට පවුල් කළමනාකරණය සිද්ධ වේනනේ කොහොමද…? ගැන විතරක් නොවෙයි, ආහාර සංස්කෘතිය වෙනුවෙන් අනුගමනය කළ යුතු පුරුදු ගැනත් අපි උපදෙස් ලබා දෙනවා.

  • මුදල් අතින් ඇල්ලීම සෞඛ්‍යානුකූල නොවන බව
  • ගණුදෙණු කරන්නේ කොහොමද…?
  • පාරිභෝගික හැසිරීම ඉදිරියේ කටයුතුකරන අන්දම
  • මුදල් ඉතිරි කිරීම
හෙළබොජුන්හලෙන් ලබන ශුද්ධ ලාභය ඔවුන්ටද…?

ඔව්… අපි බද්දක් කුලියක් අයකරන්නේ නැහැ. පූර්ණ ආදායම ඔවුන්ටයි. සමහර කාන්තා ව්‍යවසායකයින් මාසයකට රුපියල් අනූදහසක් පමණ උපයනවා.

ආහාර වට්ටෝරුව..

අපි ආහාර වට්ටෝරුව ලබා දෙනවා. මේඅනුවම කටයුතු කිරීම අනිවාර්යයි. අපි දන්න විදිහට කියල වට්ටෝරුව වෙනස් කරන්නබැහැ. මිළ, ප්‍රමාණය, හැඩය,බර අවශ්‍ය ප්‍රමිතියටම තිබෙන්න ඕන. කිසිම රසකාරකයක් හෝවර්ණකාරකයක් යොදන්න බැහැ.

පාරිභෝගිකයින් ඉදිරියේම ප්‍රද්ර්ශනය වෙන විදිහට හදන්න අවශ්‍යයිද…?

ඔව්… ඇතැම් ආහාර වර්ග නම් නිවසේදී මිශ්‍රණය හදා ගෙන එන්න අවසර තිබනවා. විශේෂයෙන් තෝසේ වැනි ආහාරවල මිශ්‍රණ නිවසේදී හදා ගෙන එනවා. හෙළ බොජුන් නිසා බොහෝ ආහාර වර්ග ජනප්‍රිය වුණා. ඉඹුල්කිරිබත්, කුරහන් කැඳ, කිතුල් තලප වැනි ආහාර අද දරුවන් හදුනා ගෙන තිබෙන්නේ හෙළබොජුන් සංකල්පය නිසයි.

ආස්මි වලට වුනත් යොදන්නේ සීනිකැරමල්. කට්ලට්වලට පොලොස්, කෙසෙල්මුව වැනි දේවල් යොදා ගන්නවා. පළතුරු යුෂ වෙනුවෙන්අපි ලබා දෙන ප්‍රවර්ධනය ඉතාම විහාලයි. එසන්ස් නැතුව අලිපේර, පැපොල්,දිවුල්, දෙහි,අනෝදා, මිශ්‍ර පළතුරු යුෂ මේ ස්ථානවලින් මිළට ගන්න පුලුවන්. කොළ කැඳ සහ කුරහන් කැඳ, බිම්මල් සුප් වෙනුවෙන් විශාල ඉල්ලුමක් ඇති වුනා කියන්නේ හිතරක ආහාර රටාවක්ට නොදැනීම යොමු වීමක්. පෑන් කේක් වලටත් පාන් පිටි යොදන්න බැහැ. හාල් පිටි වලින්මපමණයි. වඩේ වලටත් උදු, කව්පි යොදා ගන්නවා. 

මේ අවන්හල් විවෘත වේලාව…

සාමාන්‍යයෙන් උදේ හතේ සිට හවස හත දක්වා විවෘතයි. ඒත් පවුලේ අවශ්‍යතාවයන් අනුව වේලාව වෙනස් කර ගන්න අවසර තිබෙනවා. අපි මුල් තැන ලබා දෙන්නේ පවුලටයි. දරුවන්ගේ කටයුතු අනුව උදේ හෝ හවස ගැන තීරණය තමන්ටම ගැනීමට පුලුවනි. මේ කාන්තා ව්‍යවසායකයින් දැන් ආර්ථික අතින් බොහොමශක්තිමත්. මහනුවර කාන්තා ව්‍යවසායිකාවක් තමන්ගේ දරුවන් තුන්දෙනාටම උසස් අධයාපනය ලබා දුන්නේ මේ ආදායමෙන්. අම්පාර මධ්‍යස්තානයේ කාන්තා ව්‍යවසායිකාවකගේ පුතෙක් දැන් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. අම්මා කෙනෙක් අමතර අදායමක් ලබන විට එය දරුවන්ගේඅධ්‍යාපනයට ලොකු රුකුලක්. මේ මධ්‍යස්ථානවල ව්‍යවසායික්වාවන්ට අමතරව පිරිසිදුකිරීම්, අමුද්‍රව්‍ය සැපයීම වැනි අංශවලිනුත් කාන්තාවන්ට අතිරේක ආදායම් මාර්ග ඇතිවෙලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here