ඉගුරු ගැන මේ කරුනු දන්නවද ?

0
10775
benefits-of-ginger

ආහාර රස කිරීමට වගේම ඖෂධයක් විදිහට භාවිතා කරන ඉඟුරු අතීතයේදී හැම ගෙවත්තකම වවා කර ගත්තු රසකාරකයක්. පුංචි ඉඩක. එහෙම නැත්නම් පාවිච්චියට ගත නොහැකි මැටි කොරහක එමෙ නැත්නම් බේසමක හෝ ඇතිලියක මේ පුංචි පැලෑටිය වගා කර ගත්තා. උණ ප්‍රතිශයාව ඇතුළු විවිධ රෝගාබාධයන්හිදී ඖෂධයක් විදිහටත් , ආහාර පිසින විට එහි ඇති වෙන ආසාත්මිකතාවයෙන් සමනය සඳහා වූ අත්බේතක් විදිහටත් ඉඟුරු  ඉතා සුලබව යොදා ගත්තා.

මස් වැනි ආහාර පිසින විට ඉඟුරු කැබැල්ලක් එක් කිරීමට අමතක කළේ නැහැ. ඒත් මඤ්ඤොක්කා සමග ඉඟුරු ආහාරයට ගැනීමෙන් විෂ ඇති වෙන බව අනාදිමත් කාලයක පටන් පිලිගත් ඇත්තක්. ඉඟුරුවල අන්තර්ගත “ජින්ජරික් ඇසිටික්” සමග මඤ්ඤොඤ්කාවල අන්තර්ගත විෂ සංයෝග ප්‍රතික්‍රියා කරන බව ඒ අය විදයාත්මකව දැන සිටියේ නැහැ. ඉඟුරු වගේම ඉඟුරු යොදා සකස් කරන ලද ආහාරපානත් එදාට තහනම් වුණා.

කැඳ පිළියෙල කරන විට ඉඟුරු කැබැල්ලක් එක් කළාම එහි රසය වැඩි වුනා පමණක් නොව සෙම නසන ගුණයක් ලැබුණා.කහට තේ පිලියෙල කරන විටත් ඉඟුරු කැබැල්ලක් එක් කලාම එහි රසය සහ ගුණය වැඩි වුණා. අලුත්ම හඳුනා ගැනීම් අනුව ඉඟුරු අධි රුධිරපීඩනය පාලනයට හිතකරයි. අධි රුධිර පීඩන තත්වයට ගුණදායක නිසා බොහෝ රෝගීන් ඉඟුරු යුෂ තේහැන්දකට මීපැණි තේ හැන්දක් මිහ්‍ර කර පානය කරනවා. හිසරදය ඇති අවස්ථාවලදී ඉඟුරු තේ කෝප්පයක් පානය කළොත් හිසේ කැක්කුම සමනය වේවි. 

ආහාර වෙනුවෙන් එතරම් උනන්දුවක් නැති වේලාවට ඉඟුරු තම්බා ගත් වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කර ගෙන පානය කලා. එහෙම නැත්නම් ඉඟුරු කැබැල්ලක් උණු අලු පල්ලේ තම්බාගෙන එය පොතු හැර කැබැලි කපා මීපැණියේ බහා ආහාරයට ගත්තා. එය ආහාර අරුචිය වෙනුවෙන් හොඳ අත්බේතක්. මේ විදිහට ඉඟුරු යොදා ගැනීමෙන් ආහාර අරුචියට පිලියම් ලැබෙන බවට පිලිගැනීමක් තිබුණා.ඒ වගේම වියළි ඉඟුරු සහ අරළු තම්බා එයට සහිඳ ලුණු එක් කර ගෙන පානය කළා. වමනය, ඔක්කාරය වගේම ගැබිණි මවව්රුන්ගේ උදය කාලයේ ඇති වෙන වමනයට ඉඟුරු ගුණදායකයි.

අද කාන්තාවන්ගේ ඔසප් වේදනාවෙන් දරණ පීඩනය මෙතෙකැයි කියන්න බැහැ. ඒ නිසාම කාන්තාවන් විවිධ අත්බේත්වල පිහිට සොයනවා. ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති විට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. ඒ වගේම කොත්තමල්ලි සමග ඉඟුරු කැබැල්ලක් තම්බා ගත් ජලය පානය කිරීමත් ගුණයි.

සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා. සම රැලි වැටීම සහ සන්ධි රෝග වෙනුවෙනුත් ඉඟුරු  වෙතින් ලැබෙන සහනය විශාලයි.ඉඟුරු සහ ලෙමන් යුෂ කැස්සට වගේම කටහඩ මිහිරි වීමටත් හේතු වෙනවා.

ඉඟුරු වාණිජ බෝගයක් විදිහටත් ව්‍යාපාරික වගාවක් විදිහට ආදායම් උපයා ගත හැකි වගාවක්. ඒ වගේම ගෙවතු විදිහටත් පුලුවන්. මේ කිසිම දෙයකට ඉඩ පාඩු නැත්නම් සඳළුතලයේ මල් පෝච්චියක හෝ සහල් ඇසුරුම් මලුවල වුනත් ඉඟුරු පැලයක් වගා කර ගැනීම එතරම් අසීරු කාර්යක්නොවෙයි…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here