සමහර පිරිමින්ට කලක් යන විට තම බිරිද එපා වන්නේ ඇයි?

0
14201
සමහර පිරිමින්ට කලක් යන විට තම බිරිද එපා වන්නේ ඇයි?

කතා බහෙන්, මුහුණේ ඇති පියකරු බවෙන්, කොමල බව, ඇදුම් වල ගැලපීම හා පිරිසිදුකම මත අපි එකිනෙකාට ප්‍රිය කරන්නේය. කොතරම් ප්‍රිය කලත් කොතරම් සුන්දර වුවත් ඇතැම් ස්වාමිවරුන්ට, පෙම්වතුන්ට තම බිරිද , පෙම්වතිය කලක් යන විට එපා වන්නේය. මීට බලපාන හේතු ගණනාවක් තිබේ.

තමන්ගේ ලස්සන පෙනුම ගැන අහංකාරකමින් පෙලෙන කාන්තාවන් අප අතර බොහෝ සිටිති. ඔවුන්ට ඇත්තේ අහංකාරකම නමැති මෝඩ සිතුවිල්ල පමණි. බොහෝ පිරිමින් කාන්තාවන් අනවශ්‍ය ලෙස ආඩම්බරකමට කැමති වන්නේ නැත.

ඇතැම් කාන්තාවන් තොර තෝංචියක් නැතිව කතා කරන්නේය. තැනේ හැටියට නුවණක්කාර විදියට හැසිරෙන්න ඉගෙන ගන්න. කලබල නොවී සංසුන් වී සිටීමට හා කතා කිරීමට දැනට නොහැකි නම් අද පටන්ම පුරුදු වන්න.

සෑම පුර්ෂයෙක්ම ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රථම කොට සැනසීමකි. ඒ නිසා ඔබේ වචනයෙන්, හැසිරිමෙන් දයාව, කරුණාව පෙන්වීම හා ඔහුගේ සිතට සහනය දෙන අන්දමින් කටයුතු කරන්න. ඇතැම් කාන්තාවන් සිටි කොතරම් ගැටළු පැමිණියත්, අනෙක් අයගේ සිනාවට ලක් වුවත් කෝප ගන්නේ නැත. සෑම විටම ඒ සියල්ලටම මිහිරි සිනාවක් පාන්න. එවිට ඔබේ සුන්දර සිනාව නිසා බොහෝ දෙනා ඔබට ප්‍රිය වේවි. ඇතැම් කාන්තාවන් ස්වාමියා නිවසට ආ සැනින්ම ගෙදර ප්‍රශ්න ගැන කියවන්නට පටන් ගනී. තවත් කාන්තාවන් ඔහුට සලකන්නේ ඉතාමත් පහත් ආකාරයටය. එවිට ඔබේ ස්වාමියා පිට කෙනෙකුගෙන් ඔබගෙන් නොලැබෙන ආදරය සොයන්නට පටන් ගනී.

විවහා වී දරුවන් ලැබුණු පසු බොහෝ කාන්තාවන් රූපය පිලිබදව සැලකිලිමත් වන්නේ නැත. එසේ සිදු කරන්න එපා. නිතරම පිරිසිදුව ලස්සනට සිටින්න. එවිට ඔබ පිලිබදව පවතින ආදරය තව තවත් වැඩි වේවි. එසේම ඇතැම් කාන්තාවන් දරුවන් ලැබුණු පසු ඉක්මනින්ම කේන්තියට පත් වේ. මොන තරම් ගැටළු පැමිණියත් සිනාමුසු මුහුණෙන්. ක්‍රියාශීලීව කටයුතු කරන්න.

ඔබ කොතරම් රූමත්, උගත් හා විශාල දෑවද්දක් හිමි කාන්තාවක් වුවත් තම සැමියාට රසවත් කෑමවේලක් උයා දීමට නොහැකි නම් ඔහුගේ සිත දිනා ගැනීමට ඔබට බැරිය. බොහෝ පිරිමින් වර්ණනා කර කතා කරන්නේ බිරිද රසට උයා දෙන ආහාර වේල ගැනය. මෙහෙකාරියක් සිටියත් ඔබේ පරික්ෂාව යටතේ උයන පියන කෑමවේලෙන් සැමියා සතුටු කිරීමට ඔබ දක්ෂ විය යුතුය. අනෙකුත් වැඩ පසෙකලා ඔහුට රසට ආහාර වේලක්වත් සකස් කර දීමට නොහැකි නම් ඔහුට ඔබ එපා වීම සාධාරණය.

එක් උගත්, වැදගත් මහත්මයෙක් තම බිරිද තරම් රූමත් නැති කාන්තාවක් සමග අනියම් සබදතාවයක් පවත්වා ගෙන ගියේය. මෙම පුද්ගලයා තම කාර්යාලයේම වැඩ කරන ලිපිකාරියක් සමග මෙලෙස අනියම් සබදතාවයක් පටන් ගත් අතර එම බිරිද දුටු විට මෙතරම් රූමත් බිරිදක් සිටිය දී අනියම් සබදතාවයක් පවත්වා යන්නේ ඇයි දැයි සිතීමට පුළුවනි. බොහෝ දෙනා මොවුන්ගේ අනියම් ප්‍රේමය පිලිබදව දැන සිටි අතර ඔහුගේ විවාහක බිරිද තද කනස්සල්ලකින් පසු වුයේය. නමුදු ඔහු එම සබදතාවය දිගටම පවත්වා ගෙන ගිය අතර තම බිරිදට වඩා ඇයට ආදරේ කරන්න ද පටන් ගත්තේය. එතරම් රූමත් නොවූ මෙම කාන්තාවට මොහු වසග වුයේ මන්දැයි  සොයා බැලීමේ දී කරුණු 02ක් හෙළි විය.

පළමුව එම කාන්තාව තම බිරිදට වඩා පහත්ව හා ගරුත්වයෙන් යුතුව ඔහුට ලිංගික ජීවීතයක් ලබා දී ඇත. දෙවෙනි කාරණේ නම් ඇය ඉතා උනන්දුවෙන් රසවත් කෑම ඔහුට සකස් කර දී ඇත. එම නිසාම ඔහුගේ ඕනෑකම් හා ආශාවන් අවංක හදවතින් යුතුව තේරුම් ගන්න.

ආදරේ කළ යුත්තේ ආදරේ ලැබීමේ අදහසින් නොවේ. එවිට එය ගනුදෙනුවකි. සැබෑ ආදරය යනු පෙරලා එවැනිම ආදරයක් බලාපොරොත්තු නොවන උත්තරීතර ධර්මතාවයකි. ඔබ ආදරේ කල ද ස්වාමියා ආදරේ නොකිරීමට පුළුවනි. නමුදු එවිට කළයුත්තේ දිගින් දිගටම ආදරේ ලබා දීමය. සැබෑ ආදරේ යනු සියයට සීයක්ම දීමය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here