ෆිටෝන් (Fit-on) කරන්නේ පරිස්සමින්

ෆිටෝන් කරන්නේ පරිස්සමින්

වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමඟම සිදු වන අපරාධ දුෂණ ප්‍රමාණය ඉහළ ගොස් ඇත. කාන්තාවන් වශයෙන් අප ලොකු කුඩා භේදයකින් තොරව පෞද්ලිකත්වය ආරක්ෂා කරගත යුතුමය. රෙදි වෙළෙඳ සැල් වල ෆිටෝන් රූම් වල, වැසිකිලි නාන කාමර හා හෝටල් කාමර තුල කැමරා සවි කර කාන්තාවන්ගේ නිරුවත රසවිඳින මන්ද මානසිකයන් ඒ තුලින් තම ලිංගික ආශාවන් සන්තර්පණය කරගනියි. ඉන් නොනැවතී අනුන්ගේ නිරුවත මුදල් කරමින් ඔවුන්ගේ ජීවිතද වියවුල් කරන්නට තරම් මොවුන් සාහසිකය.ඔබට මතකද පසු ගිය කාලයක අපේ රටේ සිදු වූ එවැනි සිදුවීමක්. වෙළෙඳ සැල් හිමියා ෆිටෝන් රූම් එකේ සවි කරන ලද සූක්ෂම කැමරාවක් තුලින් එම කාන්තාවගේ ඉරියව් සියල්ල නරඹා අනතරුව එම විඩියෝ පට පෙන්වා ඇයව බියට පත් කොට ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීම තුලින් ඇයට අත්වුනු තත්ත්වය ඉතාමත් ශෝචනීයය. මේ සියල්ල සිදු වුයේ ඇගේ පෞද්ගලිකත්වය අන්පුද්ගලයකු අතට පත් වීම නිසාවෙන්ය.  ඇත්තටම දැන් දැන් මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාව තුල ද සීග්‍රයෙන් ඉහළ යන නිසාවෙන්ම ඔබේ පෞද්ගලිකත්වය අන්සතු වන ආකාර කිහිපයන් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.

පින්හෝල් කැමරා

ඉතා කුඩා සිදුරක වුවද සඟවා තැබීමේ හැකියාව නිසාවෙන්ම මෙම කැමරා පහසුවෙන් තවත් කෙනෙකුට සොයා ගත නොහැක ලෙස සඟවා තැබිය හැකිය. වෙළෙඳ සැලක ෆිටෝන් රූම් එකක, හෝටල් කාමර තුල, වැසිකිලි හා නාන කාමර තුල සූක්ෂමව මෙම කැමරා සවි කර තිබිය හැකිය. මල් සැකසුම් වල, බිත්ති සැරසිලි වල සේම මේසය මත තබන විදුලි පහනක වුවද මෙම කැමරා සඟවා තැබිය හැකිය.මෙම සූක්ෂම ලෙස සඟවා ඇති පින්හෝල් කැමරාවක් ඔබට පහත පරිදි හඳුනාගත හැකිය.

■    ඔබ අදාල ස්ථානයට පිටත සිට ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගන්න. එය සම්බන්ධ කර ගත හැකි නම් අදාල ස්ථානයට පිවිස නැවත ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගෙන බලන්න. ඔබට ඇමතුම සම්බන්ධ කරගැනීමට නොහැකි වූවා නම් එම ස්ථානයේ පින්හෝල් කැමරාවක් සවි කර තිබිය හැකිය.

■    පින්හෝල් කැමරාවක් ඇතැයි සිතෙන ස්ථානයක සම්පුර්ණයෙන්ම විදුලි පහන් නිවා දමා ඉතාමත් විමසිලිමත්ව සිසාර බලන්න. එවිට රතු හෝ කොළ පැහැති කුඩා ඛෑෘ බල්බයකින් නිකුත් වන ආලෝකයක් දක්නට ලැබුණේ නම් එම ස්ථානයේ පින්හෝල් කැමරාවක් සවි කර තිබිය හැකිය.

ටූ වේ මිර (2  way mirror)

වෙළෙඳ සැලක ෆිටෝන් රූම් එකක, හෝටල් කාමර තුල, වැසිකිලි හා නාන කාමර තුල තිබෙන කණ්ණාඩිය ගැනත් ඔබ විමසිලිමත් විය යුත්තේ ටූ වේ මිර නැතහොත් දෙපැත්තම පෙනෙන කණ්ණාඩි සවි කර තිබිය හැකි අවදානම නිසාවෙන්මය. මෙහිදී  කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනේ. එනිසා පහසුවෙන් කණ්ණාඩියේ අනෙක් පසින් ඔබව පැහැදිලිව දැක ගන්නට හැකියාවක් හිමිවේ. මෙවැනි කණ්ණාඩි හඳුනාගත හැකි ක්‍රම කිහිපයක් ඇත.

■    එල්ලා ඇති කණ්ණාඩිය බිත්තියෙන් වෙන්ව වෙනමම එල්ලා ඇත්දැයි බලන්න. එසේ නම් එම කණ්ණාඩිය පිටු පසින් බිත්තිය නිරීක්ෂණය කරන්න. කණ්ණාඩිය බිත්තියෙන් වෙන්ව එල්ලා නොමැති නම් බොහෝ විට එල්ලා ඇත්තේ ටූ වේ මිර එකක් විය හැකිය.

■    ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලිතුඩු තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්බය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් එය සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් ඔබේ ඇඟිලි තුඩු කෙලින්ම ප්‍රතිබිම්බයෙහි සෘජුවම ගැටෙයි නම් එය ටූ වේ එකකි.

■    අදාල ස්ථානයේ විදුලි පහන් නිවා දමා ඔබේ ජංගම දුරකථනයේ ෆෑලෑෂ් ලයිට් එක දල්වා එය කණ්ණාඩියේ මුහුණතට එල්ල කරන්න. එය ටූ වේ මිර එකක් නම් ඔබට පැහැදිලිවම අනෙක් පස පෙනෙනු ඇත.

ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීම ඔබ සතුය. එනිසාවෙන්ම ඔබේ වටාපිටාව පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්ය. පෞද්ගලික ස්ථාන වල මෙවැනි තත්ත්වයක් ඔබ හඳුනා ගත හොත් වහාම ලඟම ඇති පොලිස්ථානයට දැනුම් දෙන්න.

(අන්තර්ජාලය ඇසුරෙන්)

About The Author

Previous articleසමහර පිරිමින්ට කලක් යන විට තම බිරිද එපා වන්නේ ඇයි?
Next articleසිහිනයත් යතාර්ථයත් අතර බැඳුනු පාලම – Virtual Reality
මම දිශාන්ති වෙදගේ. මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here