ඔබත් මෙවැනි රැවටිලිකාරයින්ට හසුවීමට පෙර අවධානයෙන් සිටීම වැදගත්

0
2432

ඇත්තටම අද සමාජය දෙස බැලුවම  රැවටිලිකාරයින් හැම තැනම ඉන්නවා.  කතාවෙන්  හිනාවෙන් ඒ කෙනා මොන වගේ පුද්ගලයෙක්ද කියලා  මැන ගන්න අපිට ලොකු අත්දැකීමක් නැති වෙන්න පුළුවන්. ඒත් අපි හැම දෙයක් ගැනම මනා අවබෝධයකින් හා මනා අවධානයකින් සිටියොත් මේ සමාජෙ ගැවසෙන මිනිසුන් අතර  හොඳ කවුද නරක කවුද කියලත් දැන ගන්න බැරිකමක් නෑ.
ඔයාල දන්නවා ඇති, මතක ඇති  අර  දඩුවම් මුදලාලි, සක්විති රණසිංහ වගේ අයත් හොඳ මූන පෙන්න ගෙන කී දෙනෙක් මුලා කරාද, කී දෙනෙක්ගෙන් නම් මුදල් කඩාවඩා ගත්තද?  ඇත්තටම අපේ කාන්තා උදවිය වගේම පුරුෂ පාර්ශවයේ අයත් මෝඩ වැඩ  නොකරනවාම නෙවෙයි. වැඩි පොලියට, අඩු ගානට, රැවටිලා තියෙන පනම් දෙක තුනත් නැති කර ගන්නෙ මොකටද? .  ඉතින් අද womanly.lk එක මගින් මම හිතුවා ඔයාලා ඔය නිතර දෙවේලේ අහුවෙන වංචාවන් ගැන ඔයාලව දැනුවත් කරන එක හොඳයි කියලා. බලන්න ඔයත් මේ වගේ දේවල් වලට හසු වෙලා තියෙනවද කියලා, නැතිනම් මෙවැනි  දේවල් වලට හසු වෙන එක නවත්තාලන්නයි මේ වෑයම.

  • වැඩි පොළියක් ගන්න අඩු මුදලක් තැන්පත් කරාද ?

    ඇත්තටම මේ වගේ ජාවාරම් වලට බොහෝ දුරට අපේ කාන්තාවන් වගේම පිරිමි පාර්ශවයත් හසු වෙනවා. සක්විති රණසිංහ , දඩුවම් මුදලාලි වගේ අය තමයි හොඳම උදාහරණය. මතක ඇතිනේ  වැඩි පොලියක් බැංකුවලටත් වඩා වැඩියෙන් ලබා දෙනවා කියලා ගොඩක් දෙනෙක් ගෙන් සල්ලි අරන් අන්තිමට  පොලිත් නෑ තිබුණු  සල්ලිත් නෑ කියලා  ඇඩුවා. ඉතින් ඔබට විශ්වාසදායී බැංකුවක ඇරෙන්න වැඩි පොලියක් ගන්න කියලා නොදන්න අය ළඟවත්, එක එක්කෙනා මෙහෙය වන සමාගම් වලවත් ඔයාලගෙ මුදල් තැන්පත් කරන්න යන එක ඔයාට පසුවට ලොකු පාඩුවක් වෙන මෝඩ තීරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් ඉන්න.

  • දිනුම් වාසනා

    ඇත්තටම දැන් ලොකු ජාවාරමක් යනවා ඔබට මිලියන ගණනින් මුදල් දිනුමක් ඔබ භාවිතා කරන සිම් පත හරහා ඔබට ලැබෙනවා කියලා. එහිදි ඔවුන් ඔබගේ දුරකථනයේ  ez cash, m cash  වැනි ගිණුම් හරහා ඔබට යම් මුදලක් තැන්පත් කරන්නට අණ දී ලක්ෂ ගණනින් ඔබගේ මුදල්  සූරා කන මෙම ජාවාරම් කරුවන් රට හැමතැනම ඉන්නවා. ඉතින් ඔබ භාවිතා කරන සිම් පත මොකක් වුවත් ඔබට ලක්ෂ ගණනින් දිනුම් ඇතැයි කියලා  දුරකථන ඇමතුමක් එහෙම ආවොත්  කලබල නොවී ප්‍රථමයෙන්ම ඔබ කලයුත්තේ ඔබගේ සිම්පත හා සම්බන්ධ ප්‍රධාන මුලස්ථානය හරහා පාරිභෝගික සේවා නියොජිතයෙකුගේ සහාය ලබාගෙන ඔබට එවැනි දිනුම් අවස්ථාවක් ඇත්දැයි සොයා බලන එක. එහෙනම් එවැනි දුරකථන ඇමතුම් වලට නොරැවටී  මොළය පාවිච්චි කර කටයුතු කිරීමත්  ජාවාරම් කරුවන්ගෙන් බේරි සිටීමත් තියෙන්නෙ ඔබගේ අතේ බව මතක තියා ගන්න.

  • සෑම ටිකට් පතකටම දිනුමක්

    ඇත්තටම මෙය ටිකක් විනෝදය පිරි දෙයක්. වගේම ඇස් බැන්ඳුම් වැඩක්. ඔබ ගොඩක් වෙලාවට දහස් ගණනින් සූරන ටිකට් පත් මිලදී ගෙන වාසනාව හොයපු කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ඔබ දන්නවද ඔය හැම ටිකට් එකටම දිනුමක් කියලා ප්‍රචාරය කරවමින් දහස් ගණනින් ඔබගෙන් මුදල් කඩා ගන්න ජාවාරමක් බව. ප්‍රධාන නගර වල, බස් නැවතුම්පොළවල් වල මහජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වල සූරන ටිකට් දස දහස් ගණනින් තියාගෙන ඔබව මෝඩයින්ට අන්දවන මෙම ක්‍රියාවන්ට හසු නොවන්න.

  • මුලින් ගාණක් ගෙවා පසුව භාණ්ඩ ලබා ගන්න

    ගොඩක් දුරට ඔබගේ නිවසටත් එනවා ඇති සමහර උදවිය එක එක ආයතන වල නම් කියම්න් ඒ ආයතන වල කාඩ්පත් අරගෙන ඔබට බොහෝ සුරංගනා කතා කියලා ඔබව අන්ද කරලා මුලින් දහක් ගෙවන්න, දෙදහක් ගෙවන්න කියලා කාඩ් එකක් දීලා පසුව ඔබට ගිහින් බඩු අරගන්න කියන.  ඇත්තටම කවදාවත් නාදුනන අය එහෙම ඇවිත් සුරංගනා කතා කිව්වට ඒවාට රැවටිලා මුදල් ගෙවලා පසුව ගිහින් බඩු ගන්න යන ඒවට නම් රැවටෙන්න එපා. බඩු ඔබේ අතට පත් කරගත් පසුව මුදල් ගෙවන්න. නැත්නම් ඔබට මුදලුත්, බඩුත් දෙකම නැති වෙන්න පුළුවන්.

  • අපි අර කැම්පස් එකේ අපිට ලකුණු ටිකක් මදියි අනේ අපෙන් මොනවා හරි ගන්න .

    මේ විදියට කියාගෙන ඔයාගෙ ගෙදරටත් තරුණ ළමයි එනවද? ඇත්තටම ඒ කැම්පස් වල නෙවෙයි ඇඩ්වර්ටයිසින් ආයතන හරහා එවන ළමයි. විභාග වලට ලකුණු ගන්න ගෙවල් ගානේ ගිහින් බාල බඩු විකුණන්න ඕන නම් හැමෝම විභාග පාස් වේවි.

  • ඔබේ සිංන වෙන යන රණ් භාණ්ඩ අපි බේරා දෙන්නම් දුක් වුණා ඇති එන්න අපි ඔබේ පිහිටට ඉන්නවා

    ඉතින් ඔයත් මේ වගේ තැන් වලට පිහිට හොයන් යන්නද කල්පනාව. දන්නවද මේ වගේ වැඩ කරන ජාවාරම්කරුවන් ඔබගේ රන් භාණ්ඩ බේරා ගෙන එවැනිම වෙනත් භාණ්ඩ නිපදවා    ඔබට හොර රත්තරං බඩු දෙන බව. එහෙනම්     පොලී ගෙවලා හරි පුළුවන් දවසක ඔයාගෙ රත්තරං බඩු ඔයාම බේර ගන්න.

මෙම   වංචනික ක්‍රියාවන්ට ඔබත් හසු වුනාද? එසේ නම්    තවත් කෙනෙක් මේවාගේ ගොදුරක් වෙන්න කලින් ඔබ අනිත් අයත් දැනුවත් කරන්න. මෙම ලිපිය ඔබේ මිතුරන් අතරේ Share කරන්න කාරුණික වන්න

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here