විදින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නෙම් මේ භවය පුරා…

විදින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නෙම් මේ භවය පුරා......

ඇත්තටම මොකක්ද මේ ජීවිතය ?.ඔබත් නොදකින ඔබේ  ජීවිතය මෙයද ?.  මගෙ ජීවිතේ මට උරුම දුක විතරමද?. මේ ජීවිතේ එපා වෙනවා. මගෙ ජීවිතෙ මට කදුලක්. මේ විදියට ඔයත් ඔයාගෙ ජීවිතේ ගැන හිතපු වාර ඕන තරම් ඇති. ඇත්තටම මොකක්ද මේ ජීවිතේ කියන්නෙ. මං නම් හැමදාම හිතන්නෙ දෙවියන් දීපු වස්තුවක් කියලා. ඔයාලා බලාවි නේද ඇයි මම එහෙම  කියන්නෙ කියලා. බලන්න මේ ලෝකෙ ඉන්න අය දිහා බැලුවම සමහර අය කොච්චර අඩුපාඩු ඇතිව උපත ලබපු අය ඉන්නවද? ඒ අය එක්ක බලද්දි  අපේ ජීවිතේ අංග සම්පූර්ණයි නේද? අත පය ඇද නැතිව සම්පූර්ණ අංග ඇතිව අපිට උප්පත්තියක්  ලැබීලා තියෙනවා. ඉතින් ඒ එක්ක කල්පනා කරලා බැලුවම අපිට ලැබුණු මේ ජීවිතේ දෙවියො දීපු වස්තුවක් කියලා මම කිව්වෙ ඇත්ත කියලා ඔයාලට හිතෙන්නෙ  නැද්ද?
ආ..  ඔයාලා  දන්නවද දෙවියො උනත් මේ ලෝකෙට අංග සම්පූර්ණ මිනිසුන් දායාද කරන්නෙ ඒ අය මේ ලෝකෙට අවශ්‍යයි කියලා හිතන නිසා. අපි මව් කුස පිළිසිඳ ගත් දා සිට අපි වෙනුවෙන් අපේ අම්මා තාත්තා කොච්චර නම් කැප කිරීම් කරනවද. අපිව හරි හැටි නොදැක කුසේ ඉන්න අපට කොච්චර ආදරේ කරනවද ? ඇත්තටම අපි කුසට ආපු ඒ මොහොතේ ඉඳලා අපි ගැන අහස උසට කොයි තරම් හීන මවන්න ඇද්ද ?. ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා පස්මහ බැලුම් බලලා  මව් කුස පිළිසිඳ ගත්තත් අපට එහෙම ප්‍රාර්තිහාර්යක් පාන්න බෑ ඒත් අපි පස්මහ බැලුම් නොබැලුවට රටක් වටින අම්මා තාත්තා කෙනෙක් අපි හැමෝටම ලැබිලා තියෙනවා නේද ? ඉතින් එහෙනම් ඇයි අපි අපේ ජීවිතේ හෑල්ලු කරලා වැඩ කරන්නෙ.
ඇත්තටම මම අද මේ ජීවිතේ ගැන කථා කරන්න හිතුවෙ මේ සමාජෙ  සිදු වෙන ජීවිත නැති කර ගැනීම් නිසා.  ඇත්තටම ඔයාලා හිතනවද ඔයාලගෙ ජීවිතේ කිසි වැඩකට නැති එකක් කියලා.  හරි එහෙනම් මම මෙහෙම කියන්නම් කෝ.. හිතන්න  ඔයා පාරේ ඇවිදගෙන යද්දි ඔයාගෙ ඉස්සරහට එනවා  පොල් කඩන එක තම ජීවන වෘත්තීය කර ගත්ත කෙනෙක්. එයා ඔයාව පහුකරගෙන ටික දුරක් යද්දි ඊළඟට ඔයා ඉදිරියට මුණ ගැහෙනවා ඔයාගෙ ගමේ ඉස්කෝලෙ  සර් කෙනෙක්. එයත් පහුවෙද්දි ඹයාට මුණ ගැහෙනවා  ගෙයක් ගෙයක් ගානෙ ගිහින් පලා විකුණලා ජීවත් වන කෙනෙක්.  ඉතින් මෙහෙම යද්දි මේ විධියට එක එක විදියෙ ජීවන රටාවන් වල නිරත අය ඔයාට මූණ ගැහෙන්න පුළුවන්. මෙයාල අතර ඉන්න  හැමෝම ඔයාට විශෙශ්ෂ නොවෙන්න පුළුවන් ඒත් කවදා හරි දවසක මේ හැමෝම උවමනා වෙන්න පුළුවන් මොකද ඒ හැම කෙනාම එක් විශේෂ කෙනෙක් නිසා. අන්න ඒ වගේ තමයි ඔයත් මේ ලෝකෙට අවශ්‍ය කෙනෙක්. විශේෂයි කියලා දෙවියන් මේ මිහිකතට තිලිණ කරපු වස්තුවක්.

ඇත්තටම කියන්න කණගාටුයි අපේ සමාජෙ ඉන්න ගොඩක් දෙනෙක් හිතන්නෙ එයාලගෙ ජීවිත මේ ලෝකෙට ලැබිලා තියෙන්නෙ එයාලගෙ අවාසනාව , කාලකණ්ණිකම නිසා කියලා. එහෙම හිතන සමහර අය තව කෙනෙක්ගෙ  මායම් වලට අහු වෙලා තමන්ට ලැබුන මේ ජීවිතෙන් වන්දි ගෙවන්න පෙලෙඹෙනවා. ඇත්තටම ඔයාලා හිතන්නෙ ඔයාලට  ඔය ආදරෙයි කියලා කියන හීන  මාලිගා පෙන්නන උදවිය ඔයාලට ඇත්තටම ආදරේ කරනවා කියලද ? හැබැයි සියලුම දේවල් කැප කරලා ආදරේ  කරන  ශිව පාර්වතීලා නැතුව නොවේ නමුත් ගොඩක් ඉන්නෙ ඔබගෙන් ප්‍රයෝජන ගෙන ඔබ මුලා කරන උදදවිය. ඉතින් මේ වගේ අයට අහුවෙලා අවසානෙදි ඔයා ඒකෙ පලිය ගන්නෙ ඔයාට ලැබුන ජිවිතෙන් නම් ඇත්තටම ඔයා තරම් මෝඩයෙක් මේ මිහිපිට නෑ. අපි අපේ ජීවිතේට ආදරේ කරන්න පුළුවන් කෙනෙක් වෙනුවෙන් ජිවිත දානය දෙනවා නම් ඒක එක අතකින්  හොදයි කියමු ඇයි ඉතින් අපිට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් දිවි පුදන්නෙ. මිනිස් ආත්මයක් සහිත මෙවැනි ජීවයක් ලබන්න හැමෝටම පිං නෑ. ඒ ලැබුන වටිනා අවස්ථාවෙන් උපරිම ඵල  නෙලා ගන්න ඕන කියන හැගීම ඔයාලා තුල නැද්ද?.

” විදින්න දුන් ජීවිතය අරං මම විඳවන්නෙම් මේ භවය පුරා ”  මේ විදියට ඔබත් විදින්න තියෙන වටිනා ජීවිතය මියෙන තුරු විදවන්න උත්සහා දරනවා නම් එය ඔබේ සිතේ ඇති අධෛර්යමත් බවයි. ඇත්තටම මොහොතක් සිතන්න යම් දෙයකින් සිත් තැවුලට පත් වන ඔබ ඇයි නොවටිනා කෙනෙක් නොවටිනා දෙයක් වෙනුවෙන් වටිනා ඔබේ ජීවිතය අහිමි කර ගන්නෙ. කවදා හරි ඔබත් මේ සමාජයට වැඩදායි පුරවැසියෙක් වෙන්න ඇයි  වැරදුන තැන ඉදන් ජීවිතය පටන් ගන්න බැරි.  හිතට ගන්න මගේ ජීවිතය මට, මගේ මාපියන්ට ,මගේ සහෝදර සහෝදරියන්ට වගේම මේ සමාජෙට වටිනවා කියලා. අද ඔයාව එපා කියලා ඔයාගෙන් වැඩක් නෑ කියලා ඔයාව අතහැර දාලා යන කෙනා කවදා හරි ඔයාව හොයා ගෙන එනවා. එදාට මේ මම අතහැරලා ගිය කෙනාද කියලා එයාට හිතේවි අන්න ඒ නිසා උත්සහා     කරන්න. ජීවිතය නැති කර ගන්න නෙවෙයි ජීවිතය ජීවත් කරන්න. කෙනෙක් ඔයාව එපා කියපු පලියට ඔයාට ඔයාව  එපා වෙන්න පුළුවන් කමක්  නෑ . ඔයාව එපා කියන්නෙ එක්කෙනයි ඒත් මතක තියා ගන්න ඔයාව ඕන තව ගොඩක් අය ඔයා එක්ක ඔයා ළඟ ඉන්නවා කියලා.

තමන් තමන්ට ආදරේ   වෙන්න. තමන්ගේ ආත්මයට ආදරේ වෙන්න ජීවිතේ දිහා ගැඹුරින් බලන්න. ඔයාගේ ජීවිතේට ආදරේ  කරන්න ගත්ත දවසට අනිත්  හැමෝමත් ඔයාට  ආදරේ කරාවි. ඔයාට  ඔයාව ඕන කරපු දවසට අනිත් අයටත්  ඔයාව ඕන කරාවි. ආඩම්බර වෙන්න ඔයා ඔයා ගැනම. කවදාවත් ඔබ ඔබ ගැනම අවතක්සේරුවෙන් හිතන්න  එපා.  මේ ලෝකෙට එන අපි   හැමෝටම මොකක් හරි දක්ෂතාවක් තියෙනවා.හදුනා ගන්න එය පුළුවන් ඔබට ලෝකයක් සනසන්න. හදවතින් කවදාවත් වැටෙන්න    එපා.

මේ ජීවිතේ අයිති  ඔයාට. ඒ  ජීවිතේ විදවන්න එපා. දෙවියො දීපු තෑග්ග ආරක්ෂා කර ගන්න. විදින්න ඔබට ලැබුන මේ     සුන්දර ලෝකය. බලන්න විනිවිඳව ඔබේ ජීවිතය දෙස. අත්හරින්න වැඩකට නැති සියලු  දේවල්. එක් කරන්න ගුණ සුවද  ඔබේ ජීවිතයට.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here