විවාහයට පෙර අනිවාර්යයෙන් පොරොන්දම් ගැලපීම සිදු කළ යුතුය

0
27323

ජෝතිෂ්‍යයට අනුව කේන්දරය යනු පුද්ගලයකුගේ ජීවිතයේ සියල්ල තීරණය කරන ප්‍රධාන සාධකයකි. ඒ අනුව දෙදෙනකුගේ විවාහායේදී කෙන්දරය සසඳා  බැලීම අප සමාජයේ  තවමත් සිදු කරන දෙයකි. නමුත්  කෙන්දරය මත සියල්ල තීරණය කිරීම  බොහොමයක් දෙනා අනුමත නොකරන අතර නමුත්  විවාහායේදී පොරොන්දම ගැලපීම ඉදිරි ජීවිතයේදි සිදු වන සියල්ල නිර්ණය කිරීමට මඟක් ලෙස ඇතැමුන් දකිති.

පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ හඳහනේ ඇති ග්‍රහ පිහීටීම් අනුව ඒ දෙදෙනාගේ ගැලපීම එකේ සිට තුන දක්වා (හෝ එකේ සිට පහ දක්වා) පරිමාණයකට සංඛ්‍යාත්මකව ගනනය කිරීමයි. අවසානයේදී බලනු ලබන පොරොන්දම් වල ගැලපීම එකතු කර පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනු ලැබේ. මෙය බොහෝ විට ප්‍රතිශතයක් ලෙසද දක්වයි. සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි. පොරොන්දම විස්සක් ඇති අතර ඒ අනුව,

  • නක්ශත්‍ර පොරොන්දම
  • ගන පොරොන්දම
  • මහේන්ද්‍ර පොරොන්දම
  • ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
  • යෝනි පොරොන්දම
  • රාශි පොරොන්දම
  • රාශ්‍යාධිපති පොරොන්දම
  • වශ්‍ය පොරොන්දම
  • රජ්ජු පොරොන්දම
  • වේධ පොරොන්දම
  • වෘක්ශ පොරොන්දම
  • ආයුශ පොරොන්දම
  • පක්ශි පොරොන්දම
  • භූත පොරොන්දම
  • ගෝත්‍ර පොරොන්දම
  • වර්ණ පොරොන්දම
  • ලිංග පොරොන්දම
  • නාඩි පොරොන්දම
  • දින පොරොන්දම
  • ග්‍රහ පොරොන්දම

නම්  වෙයි. මෙම පොරොන්දම් වලට අනුව  යෝනි නි,ආයුෂ, වෘක්ෂ  හා ග්‍රහ යෝනි වල ගැලපීම අනිවාර්යයෙන්  තිබිය යුතුය.  පොරොන්දම බැලීමේදි විසි පොරොන්දම දස පොරොන්දම අෂ්ටකූටය, පාපාංශක භෞමී දෝෂ පිළිබඳ සලකා බැලීම සිදු කරයි. ඒ අනුව විවාහා ජීවිතයේ  පැවැත්ම , සාමය, සැප සම්පත්, වාසනාව, දරු පල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.

පොරොන්දම් බැලීමේදි ආයුෂ පොරොන්දම ප්‍රධාන තැනක් හිමි කර ගනී. මෙහිදී  දෙදෙනාගේ ගැලපීම අනුව දෙදෙනාගේම ආයුෂ පිළිබඳව  තීරණය කර ගත හැක. තවද වෘක්ෂ පොරොන්දම යටතේ දෙදෙනාගේ කායික ශක්තිය දරුඵල පිළිබඳ බල දුබලතා මෙමගින් හෙළි වෙයි. දෙදෙනාටම කිරි වෘක්ෂ වූවද දරුඵල යහපත් වෙයි. දෙදෙනකුගේ බාහිර ජීවිතය හා අභ්‍යන්තර ජීවිතය ගැන අවබෝධයක් ලබා ගැනීම පොරොන්දම ගැලපීම තුළින් බලා ගත හැකිය.

නක්ශත්‍ර පොරොන්දම

පුද්ගල සබඳතා, ජීවිත අරමුනු සහ ආකල්ප ගැන කියැවෙයි.අස්විද බෙරණ කැති රෙහෙන මුවසිරස අද පුනාවස පුෂ අස්ලිස මා පුවපල් උත්‍රපල් හත සිත සා විසා අනුර දෙට මූල පුවසල උතුරුසල සුවන දෙනට සියාවස පුවපුටුප උත්‍රපුටුප රේවතී යන නැකත් 27 න් ජන්මියා උපන් නැකත පළමු නැකත ලෙස සලකා එම නැකතේ සිට පිළිවෙලින් 2 4 6 8 9 11 13 15 17 18 20 22 24 26 27 යන නැකත් වලට වැටේ නම් ශුභය

ගන පොරොන්දම

පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය ගැන කියැවෙයි.ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී

  • දේව ගණය
  • මනුෂ්‍ය ගණය  
  • රාක්‌ෂ ගණය

වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක්‌ පිළිබඳ කතා කරයි.

  • දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි.
  • දේව – මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.
  • දේව – රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි
  • මනුෂ්‍ය – රාක්‌ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි
  • ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇතිවේ.
  • ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් ඉතාම අශූභයි.
යෝනි පොරොන්දම

ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න ගැන කියයි.ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබේ

මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

රාශි පොරොන්දම

මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක්‌ ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය. දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි.

ලිංග පොරොන්දම

වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස සැලකේ. පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම සූදුසූ වේ.දෙදෙනාගේම ලිංග ස්ත්‍රී ලිංග වුවද ශුභය දෙදෙනාම පුරුෂ ලිංග නම් අශුභය දෙදනාම නපුංශකනම් ඒත් අශුභය මෙම පොරොන්දමෙන් ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන කියැවේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here