ඔබ මවන සිහින සැබෑ කර ගන්නේ කෙසේද?

0
4209
ඔබ මවන සිහින සැබෑ කර ගන්නේ කෙසේද?

” මිනිසෙකුගේ ගැඹුරෙහි කිමිදී – සැග වී ඇති අසීමිත ඒ බලය ඔහු මවිත කරයි. කිසි දෙනෙක් ඔහු එය අත්පත් කර ගැනීමට සිහින නොදකියි. ඒ සදහා විප්ලවීය බලයක් යෙදු විට ඔහුගේ ජීවිතය පුබුදු වී ක්‍රියාත්මක වේ. ” ( ඔරියස් ස්වීට් මාර්ඕන් )

අප සෑමවිටම සිහින මවන්නේය. ඇතමුන්ගේ මෙම සිහින ව්‍සාර්ථක වන්නේය. තවත් පිරිසකගේ අසාර්ථක වන්නේය. සාර්ථක වූ පිරිස් කෝටිපතියෙකු වි නැවතීමට පුළුවනි. මේ සදහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔබේ මනසයි. ඔබ සෑම විටම ඔබේ ජිවිතයේ වර්තමානය ගැන සිතන්න. ඔබේ සිහින කරා යාමට ඇති බාධක වැලකි අසීමිත සතුටක් දැනෙනු ඇත. තමාගේ සිහිනය ඉටු කර ගැනීමට ඇති බාධක අභියෝග ලෙස සිතිය යුතුය. ඍණාත්මක අවස්තාවක් යනුවෙන් දෙයක් නැත. එවැනි අවස්ථා උදා වෙන්නේ ඔබට යමක් ඉගෙනීමටය. ජිවිතයේ වැරදීම් පැරදීම් සිදු විය හැකිය. ඒ සියල්ලෙන්ම ඔබට ඔබ පිලිබදව ඉගෙන ගනිමින් ඉහලට යා හැකිය. ඔබත් පහත ආකාරයට ඍණාත්මක සිතුවිල්ලෙන් පසු වන්නේ දැයි බලන්න.

” කෝටිපතියෙක් වෙන්න මම තාම ළාබාල වැඩියි.”

” ලෝක නායකයෙක් වෙන්න තරම් ශක්තියක් මට නෑ ”

මෙවැනි සිතුවිලි ඔබ නැවත ඔබේ ජිවිතයේ ආපස්සට ගෙන යයි. දුර්වල, සිහින් සිරුරක් හිමි මහත්මා ගාන්ධි අනුගාමිකයන් කෝටි ගණනක් පුබුදුවා අධිරාජ්‍යයක් දන ගැසුවේය. ඔහු ජීවිතය ආරම්භ කලේ සාමාන්‍ය නිතීවරයෙකු ලෙසය. දකුණු අප්‍රිකාවට ගිය ගාන්ධි එහි නිතිය පිලිබදව තරමක පුහුණුවක් ලැබුවේය. ඔහුගේ සිතේ අධිෂ්ඨානය හට ගත්තේ ඔහුට ඇති වූ අසාධාරණකම් නිසාය. අවසානයේ දී ඔහු මුළු ලෝකයටම ආදර්ශ මිනිසෙක් බවට පත් විය.

නැපොලියන් හිල් තම ” සිතා පොහොසත් වන්න” නමැති පොතේ මෙසේ සටහන් කරයි.

” තමනට අත්පත් කර ගත හැකි යැයි මිනිසෙකුගේ මනසෙයි පිළිසිද එසේ විශ්වාස කරන ඕනෑම දෙයක් ඔහුට දිනා ගත හැකිය. ”

ඔබට ඇති ක්ෂණික අභියෝගය නම් අද සිට අසීමිතව සිතීමේ නව පුරුද්දක් ඇති කර ගැනීමයි. අප ගත කරන සෑම මිනිත්තුවකටම සිතන සෑම සිතුවිල්ලකටම අප වගකිය යුතුය. ඔබ ඒ සිතුවිලි වලට අකමැති නම් ඒවා වෙනස් කිරීමේ ශක්තිය ද ඇත්තේ ද තමාටමය. අසීමිතව සිතීම , විශාල ලෙස සිතීම නිසා ඔබ කරන ක්‍රියාවන් පිලිබදව ඔබට විශාල ලෙස සතුටක් ලැබිය හැකිය. ධනාත්මක චින්තනය අතිශය වැදගත්. එලෙස සිතීම පහසු නැත. ඔබේ මනස නමැති ගෙවත්තේ වල් පැල ඔබ විසින්ම උදුරා දැමිය යුතුය. ඉන් පසු මනා ලෙස වැඩුණු පැල වැවීම ඔබ සතු දෙයකි.

විශිෂ්ඨත්වය සදහා  නිසි ලෙස පුරුදු කර ගතහොත් මිනිස් මොලය සහ ආත්මයට හාස්කම් සිදු කල හැකිය. තවමත් බොහෝ මිනිස් මොළ නොවැඩුණු, ගවේෂණය නොකළ, අභියෝග නොකළ මොළයන්ය. දිනකට සාමාන්‍යයෙන් මිනිසෙකු 60,000ක් පමණ සිතුවිලි උපදවයි. මින් 95%ක් පමණ සිතුවිලි රටා බිදහෙළිය යුතු අතර ඔබේ පුදුමාකාර මනසෙයි ශක්තියෙන් අසීමිත ලෙස සිතීමේ පුරුද්ද වර්ධනය කර ගත යුතුය. පැරණි හණමිටි, දුර්වල සිතුම් රටාවන් විසි කර දමන්න. ඔබේ සිතුවිලි ඔබේ ලෝකය නිර්මාණය කරන අතර අඩු තරමේ එක ඍණාත්මක සිතුවිල්ලක් නිසා ඔබ සොයන සාර්ථකත්වය සොයා ගත නොහැකි වීමට පුළුවනි. ඔබේ පිටත ලෝකය තැනි ඇත්තේ ඇතුලත ලෝකයෙනි. සෑම තනි සිතුවිල්ලක්ම පිරිපුන් ජීවිතයකට පාර පෙන්විය හැකි සිතුවිල්ලක් විය යුතුය. ඔබේ සිතුවිලි වලින් ඉන්ද්‍රජාල මැවිය හැකි අතර ඔබට අවශ්‍ය සෑම දෙයක්ම දිනා ගත හැකිය. අද ඔබ සිතන සිතුවිලි හෙට සිහින තනයි.

සෑමවිටම සිහින මවන්න. ඉන් පසු ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබ මනසෙයි පින්තුරයක් සකසා ගන්න. ඔබ සදාකාලික දකින සිහින සත්‍ය ලෙස ඔබේ මනසින් දකින්න. එවිට ඔබ නොසිතන මොහොතක ඔබේ සිහිනය සැබෑ වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here