ඔබගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතද?

0
3046
ඔබගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතද?

අද වන විට ලෝකයේ ඉතා වේගයෙන් ප්‍රචලිත වී ඇති මිතුරු සමාජ වෙබ් අඩවියක් වන ෆේස්බුක් වෙබ්අඩවිය ඔස්සේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා සමග සම්බන්ධ වීමටත්, නව මිතුරන් ඇති කර ගැනීමටත් හැකියාව ලැබී ඇත. ලොව ඕනෑම අයෙකුට ෆේස්බුක් සමග සම්බන්ධ වී තමන්ගේ නමින් හෝ වෙනත් නමකින් ගිණුමක් ආරම්භ කිරීමට පුළුවනි. ඇසුරු සැනින් මිතුරු මිතුරියන් එක් කර ගත හැකිය. තමා කැමති මිතුරන්ගේ හෝ මිතුරියන්ගේ ජයාරූප, විස්තර, මිනිත්තු කිහිපයකින් කියවීමට හැකිය. එක් පැත්තකින් ෆේස්බුක් හරහා තමාගේ පුද්ගලික දෑ ලෝකයාටම හෙළිදරවු කල හැකිය. මේ නිසාම සමාජ ප්‍රශ්න ගණනාවක් ලෝකය තුල හට ගෙන ඇත. මේ නිසා තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් ෆේස්බුක් ගිණුම පවත්වා ගෙන යන අකාරය පිලිබදව දැනුවත්ව සිටීම වැදගත්.

පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සදහා විවිධ ක්‍රමවේදයන්  සමාජ ජාල සතු වේ. එනම් ෆේස්බුක් තුලින් තම විස්තර ක්‍රියාකාරකම් දිස් විය යුත්තේ කවර පුද්ගලයන්ට ද යන්න තෝරා ගැනීමට අවකාශය සලසා ඇත.

Friends only, Custom, Everyone

ෆේස්බුක් ගිණුම හරහා පුද්ගලිකත්වය ලෝකයට අනාවරණය කල ද මින් ඇති වන ප්‍රථිපල ඉතාමත් භයානකය. ඉන් මිදීමට ඇති හොදම ක්‍රමවේදය වන්නේ අරාක්ෂාක ව්ධි විධාන යටතේ තම ගිණුම පවත්වා ගෙන යෑමයි. (Privercy)

face book, friend list එක තුළ මිතුරන් වර්ග කොට දක්වා තිබීම වැදගත්. ඒ ඒ list එක සදහා ක්‍රියා කල යුතු ආරක්ෂක මට්ටම් දැක්වීමෙන් තෝරාගත් අයට සීමා භාවිතා කොට තොරතුරු ආරක්ෂා කර ගැනීමට පුළුවනි. list කිහිපයක් වුව ද ගිණුම තුල නිර්මාණය කර ගත හැකිය. එම list සදහා මිතුරන් එකතු කර ගැනීමට මෙන්ම ඉවත් කර ගැනීමට ද හැකියාව පවතී. ඒ සදහා වම්පස ඇති list තිරයෙන් කලින් සෑදු list එක මත click කොට Edit List ගොස් edit name යොදා ගෙන list name වෙනස් කිරීමේ හැකියාව ඇත. අවශ්‍ය මිතුරන් පමණක් ගිණුම තුල රදවා ගෙන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට අවස්ථාව ඇත. එමෙන්ම ෆේස්බුක් ගිණුමක් ආරක්ෂිතව පවත්වා ගෙන යාම පිලිබදව අවධානය යොමු කිරීමේ දී තෝරා ගත පිරිසකට පමණක් ජායාරූප පෙන්වීමට ඉඩ සැලැස්වීම වැදගත්ය. ඒ සදහා photo tab එක මත privacy ආධාරයෙන් Album එකට ගොස් ” who can this ” ලෙස සටහන් වන ප්‍රශ්නයට Every one, Only Friend, Friends of friends  යන options වලින් එකක් තෝරා ගැනීමේ පහසුකම් පවතී. එසේත් නැත්නම් Customize තෝරා ලැබෙන තිරයේ  some Friends යන්න තෝරා තමන් විසින් සකස් කල Friend List අතරින් කැමති  list වලට පමණක්  Album නැරඹිමේ පහසුකම් සකස් කල හැකිය. ඒ අනුව අනෙක් මිතුරන් හෝ සෙසු පාර්ශ්වයන්ට ජායාරූප නැරඹ්මේ අවස්තාව  අහිමි වේ.

photo සහ video තම මිතුරන් අතර  tag කිරීමෙන් හුවමාරු කර ගත හැකිය. එක් අයෙකුගේ කිහිප දෙනෙක් මෙසේ tag කිරීමේ කාර්ය්‍යයට දායක වීමට පුළුවන. කෙසේ වුවත් ෆේස්බුක් ආරක්‍ෂිත පියවරක් ලෙස untag කිරීමේ අවස්ථාව ද පවතී. එනම් යමෙකු තමන් සතු  photo එකක් වෙනත් අයෙකුට tag කොට ඇත්නම් ඕනෑම මොහොතක එම tag කිරීමේ අවලංගු කිරීමේ හැකියාව හිමිකරුට පවතී. එසේම අවශ්‍ය නම් තම  photoes  නොපෙනෙන පරිදි සකස් කිරීමේ හැකියාව ද පවතී. එමෙන්ම Remove tag නම් link එක මත click කිරීමෙන් අවශ්‍ය නම් තමාට  එක ඉවත කල හැකිය. ෆේස්බුක් තුල හමු වන Privacy setting ඉතා වැදගත් වේ.

Contace Information යටතේ  Mobile No, Phone No, Current Address, Web site, Email Address ආදිය දර්ශනය වීමේදී සීමාවන් පැනවීම ද අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් Dafault Setting  ලෙස පවතින්නේ  Search Visibility = Everyone යන්නයි. මෙය වෙනස් කිරීම මගින් කිසිවෙකු තමන්ව සොයා ගන්නේ නම් ඔහු තමාගේ  profile, Friend List ආදී තොරතුරු වලින් යම් යම් දේවල් පෙන්විය යුතුද නැද්ද යන්න සීමා පැනවිය හැකිය.

Block List වූ කලී ෆේස්බුක් තුල ඇති ඉතා වැදගත් ආරක්‍ෂිත ක්‍රමවේදයකි. යම් පුද්ගලයෙකු සමග සම්බන්දතා නවතා දැමිය යුතු නම් ඔහුව Block List  තුළට ඇතුල් කල හැකිය. ඒ අනුව අදාල තැනැත්තාට හෝ එම තැනැත්තාට ආදී දෙපාර්ශවයටම තම ගිණුම දර්ශනය වීම වලකිනු ලබයි.

මෙකි ක්‍රම පිලිබදව අවබෝධය ඉතා වැදගත් වේ. බොහෝ දුරට පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වයන්ට මෙකි අවබෝධය අඩුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here