එංගලන්ත රජ පවුලට තව පුරුකක්…

0
3960
prince-harry-and-princess-Meghan

හැරී සහ මේගන් යුවලටත් දරු සුරතල් විදින වාසනාවන්ත අවස්ථාව එළැඹෙන ගිම්හානයේදී ලැබෙන බවට නිල ආරංචි මාර්ග මගින් ලෝකයටම දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වෙන විට මේගන් සති දොළහක ගැබිනියක්. ඇය ගැබ්ගත් පුවත මුලින්ම දැණුම් දී තිබෙන්නේ එලිසබෙත් මහරැජිනටයි.

ඔක්තෝබර් 12 වැනි දා එලිසබෙත් රැජිනගේ බාල පුත් ඇන්ඩෘ කුමරුගේ දියණිය “යූජින්” කුමරියගේ විවාහය එංගලන්තයේ වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැති අතර එහිදී මේගන්ගේ උදර ප්‍රදේශය සාමාන්‍ය විශාල ගතියක් තිබුනා. බොහෝ දෙනාට මේ ගැන සැක ඇති වුනත් ඇගේ උත්සව ඇදුම නිසා වෙන්නට ඇතැයි බොහෝ දෙනා හිතුවා. ඒ සිද්ධිය එතැනින් අවසාන වුනා. මේ අතර මේගන් තමාගේ සුන්දර නිමිත්ත මහරැජිනට දන්වා සිටියා. කෙන්ග්සින්ටන් මාලිගය විසින් මෙම වාසනාවන්ත පුවත් නිල වශයෙන් දැණුම් දී තිබෙනවා.

හැරීට දාව මේගන්ට උපත ලබන දරුවා රජ පවුලේ හත්වැනි උරුමක්කාරයා බවට පත් වෙනවා. චාල්ස් කුමරුගෙන් පසුව විලියම් කුමරුටත් , එතැනින් ජෝර්ජ් කුමරුටත්, ඔහුට දරුවන් නොසිටියොත් චාර්ලට් කුමරියටත් ලැබෙන රජකමට මේ බිලින්දාත් රජ පුරුකේ පෝලිමට එකතු වෙනවා.

යූජින් කුමරියත් අලුත් දෙයක් කළා…

යූජින් කුමරියගේ විවාහ මංගල්‍යයේදීත් ඇය ලෝකයට අපුරු සිද්ධියක් වාර්තා කලා. රජ උරුමයේ නව වැන්නේ පසුවන ඇය විවාහ වූයේ, දිගු කලක් සිය පෙම්වතා වූ “ජැක් බෲක්ස්බෑන්ක්” සමගයි. එලිසබෙත් මහ රැජිණ, පිලිප් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් සමග නළු, නිළියන්, ගායක, ගායිකාවන් ඇතුළු ආරාධිතයින් 850 දෙනෙක් මෙම උත්සවයට සහභාගි වූණා.

යුජින් කුමරියගේ මංගල ඇඳුම කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ, ඇය සුවිශේෂී අරමුණක් වෙනුවෙන් එය නිර්මාණය කිරීම හේතුවෙනි.

එම මංගල ඇඳුම ඇගේ කොඳු ඇට පෙළ හොඳින් පෙනෙන පරිදි සකස් කර තිබූ අතර ඇය පැවසුවේ, “මම අවුරුදු 12 දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. බාලකාලයේදී පැතිකුද‍ය වෙනුවෙන් ශල්‍ය කර්මයක් මට සිදු කළා. ඒ  වෙලාවේ මට උදව් කරපු සියලු දෙනාට කළගුණ සැලකීමක් ලෙසයි මම මේ ඇඳුම නිර්මාණය කළේ” යනුවෙනි. ඇගේ බාල කාලයේදී සිදු වුන මෙම ශල්‍ය කර්මයේදී අගල් අටක් දිග “ටයිටේනියම්” ඇණ කොඳුඇට පෙළට එක් කර තිබෙනවා. අඟල් එකහමාරේ ඇණ ගෙල ප්‍රදේශයටත්, ඇතුලු කළ අතර දින තුනක් දැඩි සත්කාර ඒකකයේද, සතියක් වාට්ටුවේ සහ දින හයක් රෝද පුටුවේද සිටි බවත් ඇය සදහන් කරනවා.

මේගන් හැරීගේ පළමු විදේශ සංචාරය…

මේ අතර රාජකීය විවාහයෙන් පසුව මේගන් හැරීගේ පළමු විදේශ සංචාරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ “සිඩ්නි” නගරය තෝරා ගත්තා. ඇය ගැබ්ගත් පුවත් සැල වූ නිසාම ඔස්ට්‍රේලියානු රජය මේ දෙදෙනා වෙනුවෙන් ආරක්ෂාවටත් වඩා ආදරය සෙනෙහසින් සංග්‍රහ කලා. පැන්ඩාවන් නැරඹීමට මේ දෙදෙනාම සහභාගී වූ අතර මේ වෙන විට පැවැති නියං කාලය අවසාන වී වැසි ඇද හැලෙන කාලය පැමිණ තිබුනා. ඔවුන් දෙදෙනා සංචාරය කරන විට වැසි ඇද හැලුන අතර හැරී කුමරා මහජනයා හමු වෙද්දී මේගන් කුඩයක් ඉහලා ඔහු නොතෙමෙන සේ ආවරනය ලබා දුන්නා.

harry-and-megan

හැරී කුමරු 2003 වසරේ “නිව් සවුත් වේල්ස්” හි ගොවිපොලක සේවය කර තිබුනා. ඒ ගොවිපොල නැරඹීමටද මේ දෙදෙනා ගිය අතර සිකා වෛරස පවතින කාලයන්හි  මේගන් සංචාරය නොකලත් හැරී කුමරු මේ වෙන විට සැලසුම් කරන ලද සංචාරයන් අවලංගු කර නැහැ. මේගන්ගේ ගැබ් ගත් පුවත අසා ඇගේ මේගන් මාකල්ගේ මව ඩොරියා රැග්ලන්ඩ් ඉතා සතුටට පත් වී ඇත. “මේ පුවත ඇසීමෙන් මම ඉතා සතුටට පත් වුණා. මගේ පළමු මිනිබිරිය දැකීමට ආසාවෙන් බලාගෙන ඉන්නවා…” ඇය සඳහන් කළා.

දරු ප්‍රසුතිය සිදු වෙන්නේ …..

මේගන්ගේ දරු ප්‍රසුතිය එලැඹෙන වසන්ත සෘතුවේදී සිදු වෙන අතර ඒ වෙනුවෙන් තෝරා ගෙන ඇත්තේ “ශාන්ත මරියා” රෝහලයි. කේට්ගේ දරුවන් උපත ලැබුවේත් මේ රෝහලේදී වීම විශේෂයක්. කේට්ගේ සහෝදරිය “පිපා මිඩ්ල්ටන්” මේ වෙන විට දරු ප්‍රසුතියට සූදානමින් සිටින අතර ඇය තෝරා ගෙන ඇත්තේද ශාන්ත මරියා රෝහල වීම විශේෂයක්. ඒත් මේ දරුවන් කුමරු සහ කුමරිය ලෙසින් නොව හදුන්වනු ලබන්නේ ලෝඩ් සහ ලේඩි යනුවෙන්ය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here