ආපදා තත්වය හේතුවෙන් ඔබට අහිමිව ගිය ඔබගේ අධ්‍යාපන සහතික නැවත ලබා ගැනීමට හැකි මඟක්

ආපදා තත්වය හේතුවෙන් ඔබට අහිමිව ගිය ඔබගේ අධ්‍යාපන සහතික නැවත ලබා ගැනීමට හැකි මඟක්

ඇතතෙන්ම අද සමාජෙ තියෙන තත්වයත් එක්ක රැකියාවකට යන්න තියෙන ලොකුම සුදුසුකම වෙන්‍ෙ අධ්‍යාපන සහතික හා වෘත්තීය සහතික ටික. ඉතින් අද වන විට ඒ තිබුන සුදුසුකමත් අහිමිව ගිය පුද්ගලයින් අපේ රටේ අඩා වැලපෙමින් දිවි ගෙවන්නෙ පසුගිය දින වලදි ඇති වුන නායයෑම් හා ගංවතුර තත්වය නිසා. ඉතින් මේ ආපදා තත්වය නිසා අහිමිව ගිය අධ්‍යාපන සහතික නැවතත් ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.පසුගිය දිනයන්හි සකල ශ්‍රී ලංකා වාසීන් අසරණ කරමින් ඒ  ඇඳහැලුන මහා වර්ෂාව නිසාවෙන් ඇති වුන ගංවතුර තත්වය හා නායයෑම් තත්වය නිසා ඔබ සැමට අහිමිව ගිය දේ බොහෝය. ඒ අතර පාසල් යන දරුවන්ට සුදු ඇදුම,පොත් බෑගයේ සිට සියල්ල අහිමි විය. මේ අතර මෙම ආපදා තත්වය නිසා තම අධ්‍යාපන විභාග සහතික විනාශ වී ගිය සියලු දෙනා වෙනුවෙන් නැවතත් එම සහතික පත් නිකුත් කරලීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව අධ්‍යාපන සහතික පත් නිකුත් කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවයට අමතරව ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහතුන්ගේ සම්බන්ධීකරණ හරහා අදාල සහතික පත් අපේක්ෂකයන් අතට පත් කිරීමේ සැලසුමක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී.
එමෙන්ම මේ වන විටත් සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු එනම්, විභාග අංකය, ජාතික හැදුනුම් පත් අංකය, පාසල, විභාගයට පෙනී සි‍ටි වර්ෂය, උප්පැන්න සහතික, ප්‍රතිඵල සටහන් නොමැති අපේක්ෂකයන්ගේ අවශ්‍ය තොරතුරු  කීපයක් විශේෂ සෙවුම් අයදුම්පත්‍රයක් හරහා ලබා ගෙන ඒ මගින් විභාග සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද හදුන්වා දී ඇත.

ආපදා තත්වය නිසා ඔබගේත් අධ්‍යාපන සහතික හානි වීමකට ලක් වී ඇත්නම් ඔබටත් පුළුවන් ළඟම ඇති ඔබේ පාසලට අයත් කලාප කාර්යාලය වෙත ගොස් ඔබගේ අධ්‍යාපන විභාග සහතික ලබා ගැනීමට අවශ්‍ය ආදර්ශ අයදුම්පත්‍රය අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් ලබා ගෙන එය නිවැරැදිව සම්පූර්ණ කර කලාප කාර්යාලයට හෝ ඔබගේ වසමට අයත් ග්‍රාම නිලධාරි  කාර්යාලයට භාර දෙන්න. ඉන්පසුව කඩිනමින් ඔබගේ අධ්‍යාපන සහතික  ඔබ වෙත ලබා දීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරනු ඇත.

එමෙන්ම ඔබ ආපදා තත්වයට හසු වූවෙක් නම් ඔබගේ නැති වු හෝ විනාශ වූ අධ්‍යාපන සහතික පත්‍ර ලබා ගැනීම සදහා ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා හමු වී ඔහු හරහා ඔබගේ විනාශ වී ගිය විභාග සහතික පත් නැවත අයදුම් කිරීමට ඔබට පුළුවන්.

නැතිනම් ඔබේ පාසලේ විදුහල්පති මගින්ද ඔබට අහිමිව ගිය අධ්‍යාපන සහතික නැවත ලබ‍ා ගැනීමට අයදුම් කල හැකිය.ඔබගේ විදුහල්පතිට එය දැනුම් දුන් විට විදුහල්පති කලාප  කාර්යාලය හරහා ඔබගේ සහතික නැවත ලබා ගැනීමට ඔබට සහාය වේවි.

ඊට අමතරව ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය හෝ දිසාපති ලේකම් කාර්යාලයේ අධ්‍යාපන කටයුතු සම්බන්ධීකරණ නිලධාරීන් හරහා ඔබට නැවත ඔබගේ අධ්‍යාපන සහතික පත් අයදුම් කිරීමට හැකියාව ඇත.

අධ්‍යාපන ඇමතිතුමන්ගේ මඟ පෙන්වීමකට අනුව ආපදාවට ලක් වූ සියලුම ප්‍රදේශ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ  අධ්‍යාපන කටයුතු සම්බන්ධීකරණ නිලධාරීන් පත් කොට ඇති අතර එම නිලධාරීන් ඔබ ප්‍රදේශයට පැමිණිය වහාම ඔබගේ සියලු ගැටලු ඔවුනට ඉදිරිපත් කර ඔවුන් හරහා ඔබගේ අධ්‍යාපන සහතික නැවත අයදුම් කිරීමට ඔබට හැකියාව ඇත.

ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට පැමිණ හෝ 011-2785141 යන දුරකථන අංකය අමතා වැඩිදුරටත් ඔබට තොරතුරු දැනගැනීමට හැකිය.

කාලගුණ තත්වය අපේ ජීවිත වලට මොන තරම් බලපෑම් එල්ල කරත් රටක් විදියට අපි එකා මෙන් නැගී සිටිය යුතුයි.ඉතින් අහිමිව ගිය සහතික ටික දෙස බලාගෙන කදුළු සැලූ කාලය දැන් නිමා කොට නැති වුන දේවල් නැවත හදා ගන්න ඔබට අවශ්‍ය වෙන්නෙ හිතේ හයිය විතරයි. අසරණ වුන ඔබට පිහිටක් වෙන්න හැමදාමත්wamanly.lk අපි කැප වෙලා ඉන්නවා. ඔයාලට වටින මේ වගේ ගොඩක් කරුණු කාරනා  ඉදිරියටත් ඔබ වෙනුවෙන් ලබා දීමට අපි කැප වෙනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here