ශාරීරික ව්‍යායාම නිසාවෙන් ඔබට අත් වන වාසි ගැන දැන සිටියාද?

0
8106

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙවීම සඳහා ශාරීරික ව්‍යායාමයෙහි වැදගත්කම මින් පෙර කිසිදාකට වඩා වර්තමානයේ ඉස්මත්තට පැමිණ ඇත. අද ජනතාව අතරින් සෑම ස්තරයකම පිරිස් මේ බව වටහාගෙන සිටිති. මහළු සහ මැදිවයස් පිරිස් පමණක් නොව තරුණ කොට්ඨාශයද බහුලව ඊට යොමු වෙති. ව්‍යායාම කිරීම පිණිස  වෙනමම පිහිටවූ ස්ථාන සෑම තැනකම පාහේ දක්නට ඇත. යෝග්‍යතා මධ්‍යස්ථාන (fitness centers) හා ශාරීරික ව්‍යායාම යන්ත්‍ර හා මෙවලම් බහුලය. ස්ථුලබව අඩුකරගැනීමට මෙන්ම දිය වැඩියාව, ක්ලොරොස්ටෝල් බහුලතාව අඩු කර ගැනීම පිණිස ශාරීරික ව්‍යායාමයෙහි ඇති වැදගත්කම වෛද්‍යවරුන් පමණක් නොව මාධ්‍ය මගින්ද නිතර හුවා දැක්වූවත් මේ කාර්යයට යොමු වීම කම්මැළි බවක් දක්වන්නන්ද අඩුවක් නැත. සමහරුන්ට ඒ සඳහා  අවශ්‍ය වේලාව සොයා ගත නො හැකිය. තවත් සමහරු ව්‍යායාම් කිරීම සඳහා කායිකව සහ හෝ මානසිකව සුදුසු නැත.

ඉතින් අද සමාජයේ කාර්යබහුල ජීවන රටාවත් සමග ඔබේ සුවතාවය පිරිහීමට ඕනෑවටත් වඩා අවස්ථා තිබෙන බව රහසක් නොවේ. නමුත් අපි හැමෝම දන්නවා ලෙඩ රෝග වලින් වැලකී සිටින මවකට තම දරුවන්වත් ලෙඩ රෝග වලින් වලක්වා ගැනීමේ හැකියාව වැඩි බව… ඉතින් තරුණියක් වන ඔබ අද සිටම නිසි ශාරීරික ව්‍යායාම අනුගමනය කලොත් ගර්භණී සමයේත් ඉන් පසුවත් ගැටළු අවම කර ගත හැකි වේවි.

වෘත්තියමය ක්‍රීඩිකාවක් හැරුණ විට සාමාන්‍ය රැකියාවක නියුතු හෝ නිවසේ සිටින තරුණියකට අවශ්‍ය වන්නේ ඉතා සරල ව්‍යායාම පෙළක් පමණයි. එය මුලික වශයෙන් සිරුරේ මේද දහනය, හදවතේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වා ගැනීම, නම්‍යතාව වැඩි කර ගැනීම සහ අනාගතයේදී දරුවකු බිහි කිරීමේදී අවශ්‍ය දරා සිටීමේ හැකියාව වැඩි කර ගැනීම ආදිය සඳහා විය යුතුය. එනිසා ඔබත් ව්‍යායාම වල නිරත වීම ඔබගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින්ම වාසි දායක වේවි.

ව්‍යායාම මගින් පුද්ගලයෙතකුගේ ඥානාත්මක ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගත හැකි අතර එය සිදු වනුයේ මොළයෙහි හිපොකැම්පස් නම් ප්‍රදේශය මගින් සිදු කරන අවකාශය පිළිබද අධ්‍යයනය මගින් සහ උපාගමයන්හි සුවිකාර්යතාවය හා ස්නායු ජනනය වැඩිදියුණු කිරීම මගිනි. මීට අමතරව ශාරීරික ක්‍රියාකාරම් මගින් බෙහෝ ස්නායු අකර්මණ්‍ය වීමේ සහ වෙනත් ස්නායු රෝග සදහා ආරක්ෂාවක් ලබාදෙන බවට පෙන්නුම් කර ඇත. උදාහරණයක් වශයෙන් එමගින් අමතක වීම ඇති වීමේ අවධානම අඩු වේ. තවද වෙනත් සාක්ෂි මගින් පෙනී යන්නේ නිරතුරුවම සිදු කරන ව්‍යායාම් මගින් මධ්‍යසාර හේතුවෙන් මොළයට සිදු වූ හානි නැවත යථාතත්ත්වයට පත් කළ හැකිය බවයි.

ශාරීරික ක්‍රියාකාරකම් මගින් පුද්ගලයෙකුගේ ඥානාත්මක හැකියාවන් කෙරෙහි වාසි සහගත බලපෑම් එල්ල කර ඇති අතර එය සිදු වනුයේ ව්‍යායාම මගින් ස්නායු වර්ධනය සදහා අවශ්‍ය සාධකයන් ඉහළ නංවන බැවින් හා එමගින් ස්නායු සෛලවල වර්ධනය හා ආයු කාලය වැඩි වන බැවිනි.

ව්‍යායාම වල නිරත වීම තුලින් ඔබේ හදවතේ මනා ක්‍රියාකාරීතත්වයක් ඇතිවී ශරීරයේ රුධිර ගමනාගමනය මනා ලෙස සිදුවනු ඇත. ව්‍යායාම නිසා ශරීරයේ ඇති අනවශ්‍ය මේද දහනය වන අතර ස්ථුලතාවය නැතිවී සුන්දර සිරුරක්ද උරුම කර දෙයි. ඒ සමගම ඔබ PCOS නම් තත්වයෙන් පීඩා විඳින්නේ නම් එහි ඇති බලපෑම ව්‍යායාම වල නිරතවන කාන්තාවන්ට අඩු බව නිරීක්ෂණය කර ඇත. මේ සියල්ලත් සමග ඔබේ මානසිකත්වයද ව්‍යායාම් කරන විට ඉතා යහපත් තත්වයකට හැරෙන අතර, අඹු සැමියන් ලෙස ඔබේ සම්බන්ධතාවය මනා ලෙස පවත්වා ගෙන යෑමටද එය ඉවහල් වේ.

ව්‍යායාම තෝරා ගන්න විට ඔබේ කැමැත්ත වැඩි ව්‍යායාම පෙළක් තෝරා ගැනීම ඉතා සුදුසුයි. තමා කැමති එකම ව්‍යායාමයක් නොව කිහිපයක් තෝරාගෙන මාරුවෙන් මාරුවට එහි නිරත වන්න. එකම දෙය නිතර නිතර කරන විට ඔබට එය එපා වීම පුදුමයක් නොවේ. එය ව්‍යායාම වලටත් බලපානවා. සමහර ව්‍යායාම ඔබට තනිවම සිතමින් අවධානය යොමු කරමින් කරන්න පුළුවන්. ඔබ ව්‍යායාම සහ ක්‍රීඩා පිලිබඳ වැඩි අත්දැකීමක් නොමැති නම් ඉතා ප්‍රවේසම් වන්න. එක වරම අධික තීව්රතාවයකින් යුතු ව්‍යායාම අනුගමනය කිරීමෙන් වලකින්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here