කාන්තාවන් බහුල ලෙස නොදැනුවත්ව සිදු කරන මේ වැරදි ගැන ඔබ දැන සිටියාද ?

0
3770
girl_choosing_cloths

කාන්තා ඔබ ගෙදර දොර  දරුවන්ගේ වැඩ නිසා ගොඩක් කාර්යබහුල ජීවන රටාවකට උරුමකම් කියන පිරිසක්. ඉතින් ඔබට තියෙන වැඩ රාජකාරිත් එක්ක ඔබ ඔබ ගැන හිතන්න කාලය වැය කරන්නෙ අඩුවෙන් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම ඔබට ඔබ ගැනත් මොහොතක් නතර වී සිතීමට හොඳම කාලය මෙය කිව්වොත් මම හිතනවා ඔබ ඔබ ගැනත් සිතාවී යැයි කියලා. ඇත්තටම මම හිතුවා අද Womanly.lk කාන්තා ඔබගේ පිටුව තුලින් ඔබ නොදැනුවත්ව සිදු කරන වැරදි කිහිපයක් ඔබට පෙන්වා දෙන්න. සමහර විට ඔබ මෙම දේවල් ඔබගේ කාර්යබහුලත්වය, ඔබගේ නොදැනුවත්කම  නිසා දිගින් දිගටම සිදු කරනවා වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදියට ඔබේ අනවබෝධය නිසා සිදු වෙන මේ වැරදි වලින් ඈත් වෙලා ඔබත් කාන්තාවක් ලෙස හරි දේ පමණක් සිදු කිරීමට තෝරා ගැනීමට උත්සහා දැරිය යුතුයි. ඇත්තටම මොනවාද ඔබ අතින් මේ සිදුවෙන වැරදි දේවල්.

• ඇදුම් පැළඳුම් 

ඔබ අඳින්න ගන්න ඇදුම් සදහා නයිලෝන් සායවල්, නයිලෝන් යට කලිසම් කාන්තා ඔබට කොහෙත්ම සුදුසු නෑ.  ඒ වගේම තමයි කාන්තා ඔබ යට ඇඳුම් තෝරා ගැනීමේදී ගොඩක් කල්පනාකාරී විය යුුතුයි. මොකඳ ලස්සනට රැවටිලා ඇඳුම් තෝරා ගත්තට මදි  නේද ඒවා සෞඛ්‍ය ආරක්ෂිත නැත්නම්. අද වන විට වෙළඳපොලේ බහුල ලෙස නයිලෝන් රෙදි වලින් මසා නිම කළ යට කලිසම්, යට සායවල් විකිණීමට තිබුණත් මේවාට යොදා ගෙන තිබෙන ඇතැම් රෙදි වර්ග ආසාත්මිකතා  ඇති කරනවා. කැසීම් , වැනි දේ නිසා ඉකිළි ආශ්‍රිතව තුවාල වීම වගේම කුෂ්ඨ රෝග පවා ඇති වෙන්න  ඉඩ තියෙනවා.
ඒ වගේම යට කලිසම් , යට සායවල් තෝරා ගනිද්දි ඒවායේ ඉණට යොදා ඇති ඉලාස්ටික් තදට තියෙනවා නම් ඒ වගේ යට ඇඳුම් මිලදී ගන්න යන්න එපා. මොකද ඉලාස්ටික් පටි ඉණට ගොඩක් තද වුනොත් ලේ ගමනය පවා අවහිර වෙලා ඉණ පෙදෙස තුවාල වෙන්න වුනත් ඉඩ තියෙනවා.ඒ නිසා ඔබ යට ඇදුම් තෝරා ගනිද්දි ඒවා ඔබේ ශරීරයට කොතරම් පහසුවක් ඇති කරයිද කියලා බලලා ගන්න අමතක කරන්න එපා.
ඔබ යටට අඳින්න යට ඇඳුම් ගනිද්දි කපු රෙද්දෙන් නිම කළ යට ඇදුම් තෝරා ගන්න කල්පනාකාරී වෙන්න. මොකද කාර්යබහුලත්වය එක්ක කපු රෙදි දහඩියට පවා හොඳට ඔරොත්තු දෙනවා. ඔබ සාප්පුවලින් යට ඇඳුම් ගෙනාවට පසුව ඒවා හොඳින් සෝදලා තද අව්වේ වේලලා අඳින්න ගන්නවා නම් ගොඩක් හොඳයි.

• පාවහන්

කාන්තාවන් ලෙස ඔබ ඔබගේ පවුලේ අනික් සාමාජිකයන්ගේ යහපත නීරෝගී බව ප්‍රාර්ථනා කරනවා වගේම ඔවුන් බලාගන්න ඉන්න ඔබගේ යහපත ගැනත් සිතිය යුතුමයි. ඉතින් ඒ නිසා ඔබ ගෙදර දොර වැඩ කරද්දි ගෙදරට පාවාහන් දෙකක් පළදිනවා නම් ගොඩක් හොඳයි. ගෙදර තුල වැඩ කරද්දී නම් පාවාහන් පැළදිය යුතු නැහැ. නමුත් ගෙදරින් පිට ගෙමිදුලේ , ඔබේ ගෙවත්තෙ වැඩ කරනවා නම් අනිවාර්යයෙන් ඔබ පාවාහන් යුගලයක් පලදින්න අමතක කරන්න එපා. ගෙමිදුල අතුගාන විටදි, තණ කොළ ගලවන විටදි, කුණු ගොඩවල් පුළුස්සන විටදි වගේම අහල පහල ගෙදරකට උවමනාවකට ගියත් පාවාහන් යුගලයක් පලදින්න. ඒක ඔයාගෙ සෞඛ්‍ය ආරක්ෂාවට ගොඩක් හිතකරයි. ඇත්තටම කාන්තා අය බොහෝමයක් දෙනා මේ වගේ සුලු දේවල් ගැන තැකීමක් කරන්නෙ නැති වුනත් ඔබ ඔබගේ ආරක්ෂාව සලසා ගත යුතුයි.
ඒ වගේම කාන්තා ඔබ කොන්ද අමාරු , කකුල් වේදනා, විලුඹ පැලීම් , රක්ත වාත අමාරු  ඇති අයෙක් නම් කිසිවිටකත් අඩි උස් පාවාහන් පාවිච්චි කරන්න එපා. මොකද ඒ වගේ ශරීර අමාරු ඇති අයට අඩි උස් පාවාහන් කොටින්ම සුදුසු නෑ. ඒකෙන් වෙන්නෙ ඔයා තවත් රෝගියෙක් කරන එක විතරයි.ඒ නිසා ලස්සන , විලාසිතාව, නවීන තාලය ගැන මදක් අමතක කරලා ඔබ ඔබේ ආරක්ෂාව ඔබේ සුව දිවිය වෙනුවෙන් කල්පනාකාරී වන්න.

• ඉවුම් පිහුම්

ඇත්තටම අපේ කාන්තාවන් උයන්න පිහන්න ගියාම ගොඩක් දෙනා ගොඩක් දුරට ගුණය ගැනත් වඩා රසය ගැන තමයි උනන්දු වෙන්නෙ. ඉතින් ඒ නිසාම මොනවා හැදුවත් කටට රසට කන්න ඔබ හදන ආහාර වලට  රස කාරක, සුප් කැට වගේ දේවලුත් එක් කරනවා. ඔබ දන්නවාද රසයට එහා ගිය ලොකු විනාශයක් මෙම රසකාරක නිසා  ඔබේ ශරීරයට සිදු වෙන්න පුළුවන් කියලා. ඇත්තටම එදා අපේ ගමේ ගෙවල් වල අපේ අම්මලා උයද්දි අනෙත් ගෙදරට ඒ උයන එකේ සුවඳ ගැහුවෙ රසකාරක එකතු කරලා නම් නෙවෙයි. ගමේ විදියට සේරම කුළු බඩු ගෙදරම තියන් හදා ගෙන ඒවා කෑම වලට ගැලපෙන විදියට එකතු කරලා රසට උයන්න ඔබටත් පුළුවන්. ඉතින් වෙළඳපොලේ තියෙන එක එක රසකාරක වලට හසු නොවී ශරීරය ඉක්මනින් දිරව ගන්නෙ නැතිව ගෙදර උදවිය වගේම ඒ කෑම හදලා දෙන ඔයත් රෝගියෙක් නොවී තවත් කාලයක් නීරෝගීව ජීවත්  වෙන්න නම් කවදාවත් රසකාරක වර්ග ආහාරයට එක්කර ගන්න එපා.
ඒ වගේම  අපේ කාන්තාවන් කරන තව වැරදි දෙයක් තමයි උයන්න ගියාම අවශ්‍ය දේට වගේම අනවශ්‍ය දේටත් රසය ගන්න කියලා තක්කාලි එකතු කරනවා. ඇත්තටම ඒක ගොඩක් වැරදියි. මොකද සමහර ආහාර වලට තක්කාලි එකතු   කිරීම නිසා එය ඔබගේ වගේම ගෙදර අනෙක් අයගේ ශරීරයටත් විෂ සහිත වෙන්න පුළුවන්. විශෙශ්ෂයෙන්ම , බල කරවල,මෝර කරවල,ඉස්සො,දැල්ලො,අඟුළුවා කරවල,කරවිල වගේ ආහාර   වල රසය පවත්වා ගැනීමට තක්කාලි එක් කිරීමෙන් වැළකී සිටින්න . මොකද ඇසිටික් අම්ලය  බහුල තක්කාලි  මම ඒ කියපු  ආහාර වර්ග වලට එක් කිරීම මගින් ශරීරයේ ලේ විෂ වීම් පවා ඇති  කල හැකියි . අජීර්ණ , රතල ගෙඩි, කට , තොල් පැළීම් වගේම ඇලජික් පවා ඇති වෙන්න ඉඩ තිබෙනවා…..

• කුඩා  දරුවන් 

අපේ සමහර අම්මලා ගෙදර දොර තියෙන වැඩ රාජකාරිත් එක්ක කුඩා දරුවන් එහෙම ඉන්නවා නම් සෙල්ලම් බඩු ටිකක් පැදුරකට දාලා දීලා දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ තියලා දරුවන් තනි කරලා ගිහින් ගෙදර වැඩ ටික ඉවර කර ගන්න තමයි උත්සහා කරන්නෙ. ඇත්තටම දණ ගාන, පයින් යන්න වාරු  ගන්න වයසෙ    දරුවන් කවදාවත් සෙල්ලම් බඩු  පැදුරකට සීමා කරලා තියලා  තනි කරලා යන්න එපා. මොකද  ඒ  වයස්  සීමාවන් වල පසුවන දරුවන් ඇහැක් වගේ බලා ගත යුතුමයි. අහුවෙන  ඕනම දෙයක්  අල්ලන්න කටේ දමා  ගන්න ඒ වයසෙ දරුවන් පෙළෙඹෙනවා වැඩියි.. ඉතින් සතෙක්  සර්පයෙක්ගෙන් වුනත් අනතුරු වෙන්න ඒ  වගේ අවස්ථා වලදි වැඩි වෙලා යන්නෙ නෑ.  අතට අසුවෙන දේවල් කටේ දමා ගෙන සිරවීමෙන් ජීවිතය පවා  අවධානමට ලක් වෙන්න ඉඩ   තියෙනවා. ඒ නිසා දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්  ඉන්න   ඇස්    මානෙන් ඔබේ     කුඩා දරුවන් රඳවා තබන්න වග  බලා ගන්න.
ඒ විතරක්ම නෙවෙයි කවදාවත් දරුවන්ව නාවන්න  ඇඟ සෝදන්න  එළියට  ගන්නවා  නම් දරුවන් කවදාවත් වතුර බේසමට දාලා මොහොතකට  වත් දරුවා  තනි කර දමා  එහාට  මෙහාට යන්න නම් තියා ගන්න එපා. නොතේරෙන දරුවන් බැරි වෙලාවත් වතුර බේසම  තුල ඔළුව ගිල්වා ගත්තොත් තත්පරයත් ඇති මල් කැකුළක්  බිලි  ගන්න.

ඉතින් කාන්තා ඔබ වැඩිපුර නොහිතා  කරන මේ  වැරදි නිසා ඔබටම  පසුතැවිලි වෙන්න  අවස්ථා උදා කර ගන්නේ නැතිව ඔබත් මෙතැන් පටන් කල්පනාකාරී දුර දිග සිතා බලන කාන්තාවක් ලෙස ලොව ජය ගන්න.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here