ආදරණීය සහකාරියක් සොයා දීම සඳහා …

Amy_Krouse_Rosenthal

ආදරය කියන්නේ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන ඉතාම සංවේදී හැඟිමක්. මේ නිසාම ආදරය ඉදිරියේ අපි ආත්මාර්ථකාමි වෙනවා විතරක් ‍නොවෙයි, අපේ සමීපතයන් ඉතා දැඩිව ග්‍රහනය කර ගැනීමටත් විශාල ප්‍රයත්නයක් දරනවා. ඒත් අපි ඇත්තටම හදවතේ බන්ධනයකින් ආදරය කරනවා නම් වඩාත් ඉස්මතුව තිබිය යුත්තේ සහකරුගේ ජීවිතයට  ආලෝකයක් හා ශක්තියක්  ලබා දීමයි.

පසුගිය දිනක ඩේලි මේල් පුවත්පතේ සඳහන් මෙම සිදුවීමට අනුව ආදරය වෙනුවෙන් වූ පරිත්‍යාගයේ වටිනාකම ඔබටත් ප්‍රත්‍යක්ෂ වෙනු ඇත.

පිලිකාව කියන්නේ මරණ සහතිකයේ පෙර නිමිත්තක්. තමා පිලිකාවෙන් ශාරිරිකව පීඩා විදින අතරවාරයේත් ඇයට අවශ්‍ය වුනේ තමාගේ මරණයෙන් පසුව ස්වාමිපරුෂයා වෙනුවෙන් ඔහුගේ ජීවිතයට අත්වැලක් සපයන්නේ  වෙන්නේ කවුද යන ගැටළුවයි. ආදරය වෙනුවෙන් ඇගේ හදවත ඒ තරමටම පරිත්‍යාගශීලි වුණා.

ඇගේ නම එම්. ක්‍රවුස්  රෝසන්කල් (Amy Krouse Rosenthal ). පිලිකාව නිසා තමාගේ මරණය සහතික බව ඇය දැන ගත්තා. ඇගේ ස්වාමිපුරුෂයා වූ ජේසන් තම බිරිඳ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වී සිටියා. මම මියගියාට පසුව ඔයා හොඳට නැවත විවාහයක් කර ගෙන ඉඳිවි යැයි ඇය කිසිම දිනක ස්වාමිපුරුෂයා ඉදිරියේ අ‍ඳෝනා නැගුවේවත් පසුතැවිලි වුනේවත්  නැහැ. ඇයට අවශ්‍ය වුනේ තමාගේ ඇවෑමෙන් පසුව  ඔහුට ජීවිතයේ ශක්තිය ලබා දෙන තැනැත්තියකගේ ආශ්‍රය තමා ජීවත්ව සිටියදීම ලබා දීමටයි. ජීවිතය ඉතාම අවිනිශ්චිත නිසා ඇය මේ තීරණය ගත්තේ ඉතාම සතුටින්.  මම මියගියත් මගේ නාමයෙන් ඔහු සදාකල් තනිව ජීවත්විය යුතුය යන සංකල්ප ඇගේ හිතේ යාන්තමින්වත් ගෑවිලා තිබුනේ නැහැ. මේ නිසාම රෝසන්කල් ඔහු වෙනුවෙන් වූ සහකාරියක් තෝරා දීමේ වගකීම භාරගත්තා.

1965 වසරේ අප්‍රේල් 29 වැනි දින උපත ලද එමි රොසන්හිල් ඇමරිකානු ජාතික කාන්තාවක්. ඇය වඩාත් ප්‍රසිද්ධ වුනේ ලේඛිකාවක් විදිහටයි. 2005-2017 දක්වා කාලය තුළ ඇය ළමා පොත් තිහක් පමණ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 1991 වසරේදී ජේසන් සමග විවාහ වුන ඇය ජස්ටින් ( 24 ), මයිල්ස් ( 22 ) සහ පාරිස් ( 19 ) යන දරුවන් තුන් දෙනා වෙනුවෙන් ආදරණීය අම්මා වූවාය. තමා පිලිකා රෝගියෙක්ය යන සහතිකය ඇයට ලැබුනේ පසුගිය සැප්තැම්බර් මාසයේදි.

ජේසන් ඒ කියන්නේ ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා. තමාගේ ස්වාමිපුරුෂයාගේ තිබෙන හොඳ ගතිගුණ සියල්ලම අඩංගු කර ගෙන ඔහු වෙනුවෙන් ගිණුමක් ආරම්භ කලා. ඒ ගිණුම ආරම්භ කරන ලද ඩේටින් සයිට් ( dating site ) වෙබ් අඩවිය මගින් අලුත් හිතවතුන් හදුනා ගැනීමේ කාර්යය සිදු කෙරුනා. ඇය තමාගේ ඉල්ලීම ” ආදරණීය සහකාරියක් සොයා දීම සඳහා ” යනුවෙන් නම් කලා. බිරිඳක් විසින් කරනු ලබන මේ ඉල්ලීම දෙස හැමදෙනාම බැලුවේ ඉතා සංවේදී සිතින්. ඇගේ සටහන තැබුනේ මේ විදිහටයි. ” මම ඔහු සමග දින 9,490 ක් ජීවත් වුනා. යැයි ආරම්භ කළ මේ සටහනේ ඔහු සමග එකම වහලක් යට ගෙවන ලද ජීවිතයේ  සුන්දර අත්දැකිම් ඉස්මතු කර දක්වමින් ඒ මිහිරි අතීතයට දායකත්වය ලබා දුන් ජේසන් හෙවත් ඇගේ ස්වාමිපුරුෂයාට ස්තුති කරන ලදී. මේ දෙදෙනාට වැඩුන දරුවන් සිටින අතර රෝසන්කල් ඒ ගැනත් මෙම ගිණුමේ සටහන් තබා ඇත. ඔවුන්ගේ විවාහ ජීවිතයට වසර තිහක් පමණ කාලයක් දැන් ගෙවී ඇත. ඔවුන්ගේ ආදරය තවමත් තරුණය.. මේ නිසාම ඔවුන්ගේ දරුවන් දැන් ස්වාධීන ජිවිතයක ගෙවන්නට තරම් ශක්තිමත් පිරිසක් වී ඇත.

ඇය කඩදාසියේ සුදු පැහැති තීරුවක් ඉතිරි කර තබා ඇත. ඒ ජේසන්ට හමු වෙන අනාගත සහකාරියට සටහන් තබන්නටය.මේ හැසිරීම ඇත්තටම එතරම් පහසු නැහැ. ඒ වුනත් තමාගේ සහකරු වෙනුවෙන් ඒ තරමටම හිතන්නට බලන්නට වගේම මරණයට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ඇති කාන්තාවන්ද නැතුවාම නොවෙයි.

ඇය මෙම ” ආදරණීය සහකාරියක් සොයා දීම සඳහා ” යන සටහන තැබුවේ 2017 වසරේ ආදරවන්තයන්ගේ දිනය දවසේය. ඇය මාර්තු 13 වැනි දින ජීවිතයෙන් සමුගත්තේ ඇගේ හිස්තැන ආදරණීය හදවතක් විසින් පුරවනු ඇතැයි වූ බලාපොරොත්තුව හිතේ තබා ගෙනය. මේ නිසාම ඇය තමාගේ ජීවිත ගමනෙන් නික්ම ගොස් සාමදානයෙන් සැතැපෙන්නට ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here