පෙර පාසල් විය ගත කරන ඔබේ සිඟිත්තාගේ ගුණාත්මක බව වැඩි කරන්න මෙම ක්‍රියාකාරකම් වලට හුරු කරන්න

0
7402

වයස අවුරුදු 3න් පටන් ගන්නා අපේ සියලුම සිඟිති දරුවන් ඉතා ජව සම්පන්න අයයි. බොහෝ දුරට  වයස අවුරුදු 3-6ත් අතර දරුවන්  ගොඩක් දුරට අළුත් අළුත් දේවල් වලට නැඹුරුවක් දක්වනවා. ඉතින් ඒ නැඹුරුව එම දරුවන්ගේ මනසට වගේම එම දරුවන්ගේ  ජීවිතයටද ගුණාත්මක බවක් එක් කරනු ලබනවා. මේ ඇතැම් ක්‍රියාකාරකම් වලින් දෙමාපිය දූ දරු සම්බන්ධය  වගේම ඔබේ සිඟිත්තාට ජීවිතයට අමතක නොවන අත්දැකීම් හා වටිනා ඉගෙනුම් ක්‍රම කියා දීමට සමත් වෙනවා.  ඉතින් ඔබේ සිඟිති දරුවාගේ මනස වයස අවුරුදු 3 – 4 සිටම ක්‍රියා කරවීම මගින් ඔබේ දරුවාගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු වලටද මනා පිටුවහලක් වනු බව නම් විශ්වාසයි.
ඉතින් මොනවද මේ පෙර පාසල් දරුවන්ට තම ගුණාත්මක බව වැඩි දියුණු කර ගන්න පුළුවන් ක්‍රියාකාරකම්. එහෙනම් ඔබත් ඔබේ සිඟිත්තන් සමඟ එකතුව මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමට ඔබේ සිඟිත්තා සහාය වන්න.

  • සෙල්ලම් ගෙයක්
    ඇත්තටම කුඩා දරුවන් තම සෙල්ලම් වයස් සීමාවේදි සෙල්ලම් ගෙවල් සාදා තමන්ගේම ලෝකයක ජීවත් වන්නට වෙර දරන බව අපි හැමෝටම නොරහසක් නොවෙයි. අපේ ඇතැම් කුඩා දරුවන් ගෙදර කුෂන් පුටු සෙටි එකේ කුෂන් කොට්ට ටික එකතු කරලා සෙල්ලම් ගෙවල් තමන්ම හදා ගන්නවා. ඇත්තටම එය දරුවාගේ මනස අළුත් දෙයක් සිදු කිරීමට යොමු වීමේ පළමු පියවර විය හැකියි. කෙසේ වෙතත් ඔබට හැකියි ඔබේ නිවස තිබෙන ආසන්නයේ ඔබේ දරුවාටත්  පොල් අතු හෝ කාඩ්බෝඩ් සෙවිලි කර නව සෙල්ලම් නිවහනක් අටවා දෙන්න. ඔබේ නිවස තුල  ඉවත ලන ද්‍රව්‍ය හා  දරුවාගේ සෙල්ලම් බඩු එහි අසුරා දරුවාට එහි සෙල්ලම් කිරීමට ඉඩ ලබා දෙන්න. එමෙන්ම මෙම ක්‍රියාකාරකම් සඳහා ඔබත් හැකි අයුරින් දරුවාට සහාය දී ඔවුන්ව වැඩි වැඩියෙන් දිරි ගන්වා ඔවුන් තුල ඇති සබකෝලත්වය මඟ හැර ගැනීමට ඔවුනට උදව් වන්න.
  • මුහුදු වෙරළට ගොස් දරුවන් සමඟ කෙළි දෙළියේ යෙදීමට උත්සහා ගන්න.
    සති අන්තයේ වත් ඔබ දරුවන් සමඟ වැඩි වෙලා රැදෙන්න පුළුවන් පරිදි මුහුදු වෙරළට යන්න. ඒ ගිහින් ඔබත් දරුවන් සමඟ එකතු වී වැලි ගෙවල් සාදන්න, රැල්ල පාගන්න, බෝලයක් ගෙන ගොස් දරුවන් සමඟ බෝල් පාස් කරන්න වගේ ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න.  ඔබට හැකි නම් මාසෙට දෙවරක් වත් දරුවන් සමඟ එකතු වී මුහුදෙ නාන්න යන්න. මෙම ක්‍රියාකාරකම් තුළින් පවා ඔබට ඔබේ දරුවාගේ ගුණාත්මක බව වර්ධනය කිරීමට හැකි වන අතර ඔබගේ දරුවාගේ මානසික  තෘප්තිය ද ඉහල මට්ටමක පවත්වා ගැනීමට හැකිය.
  • වැලි සෙල්ලම්, මැටි සෙල්ලම්
    අපේ සමහර වැඩිහිටි උදවිය කුඩා දරුවන්ට වැලි, මැටි අත ගාන්න දෙන්නෙ නෑ. නමුත් ඇත්තටම කුඩා දරුවන්ට මෙවැනි දේවල් යොදා ගෙන  සෙල්ලම් කිරීමට ඉඩ දිය යුතු අතර, එමගින්  දරුවන්ගේ  ස්ව හැකියා වර්ධනය කර ගැනීමට පුළුවන. තවද මෙම ක්‍රියාකාරකම් දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනික ක්‍රමය තුලද භාවිතා කරන අතර  දරුවන්ට බියෙන් සැකෙන් තොරව එම ක්‍රියාකාරකම් මෙහෙය වීමට මෙය මහගු අවස්ථාවකි.
  • ළමා ගීත, ළමා කතා
    වයස අවුරුදු 3ත් 4ත් අතර දරුවන් සමඟ ඔබට හැකි වෙලාවට ළමා ගීත ගායනා කරන්න, දරුවන් නින්දට යන  විට දරුවන් හට ළමා කතා, සුරංගනා කතා ආදිය කියා දෙන්න.  ඒ තුලින් දරුවන්ට පරිසරය, ජීවත් වන වටපිටාව පිළිබඳ යම් චිත්‍රයක් මවා ගැනීමටත් එමගින් ළමා විනොදාස්වාදය වර්ධනය කර ගැනීමටත් හැකිය.
  • යහපත් පුරුදු
    ඔබේ දරුවන් යහපත් ගුණ ගරුක අය බවට පත් කිරීමට කුඩා වියෙහි පටන්ම ගුණාත්මක යහපත් පුරුදු වලට හුරු කිරීමට වැඩිහිටි ඔබ වග බලා ගත යුතුයි. ගමනක් බිමනක් යන වි‍ට වැඩිහිටියන් වන්දනා කිරීම , දිනකට දෙවරක් දත් මැදීම, නින්දට පෙර මාපිය නමස්කාරය, වැඩිහිටියන්ට ගරු කිරීම වැනි පුරුදු  ඔබේ දරුවාටත්     හුරු කිරීම  මගින් දරුවාගේ ගුණාත්මක බව වර්ධනය වීමට ඉඩ ඇත.

ඉතින් මෙන්න මේ සඳහන් කරපු ගුණාත්මක පුරුදු වලට හා ක්‍රියාකාරකම් වලට ඔබත් ඔබේ දරුවන්ව හුරු කරවන්න, සහභාගි කරවන්න එමගින් ඔබේ දරුවන්ගේ අනාගතය ගුණාත්මක බවින්     පිරි එකක් කර ගැනීමට හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here