ඔබේ නිවසේ දියුණුවට බලපාන මෙම වාස්තුවිද්‍යාත්මක කරුණු ගැන ඔබ දැන සිටියාද

0
10071
sweet_home

බොහොමයක් දෙනා තම නිවසේ දියුණුවට යම් යම් දේවල් සිදු කරනු ලබනවා. ඇත්තටම වැඩි වශයෙන්ම මේ දේවල් වලට නැඹුරුව කටයුතු කරන්නෙ අපේ ගම් පළාත් වල උදවිය. සමහර අයට නම් හිතේවි මේ මොන මනස්ගාත ද කියලා.  නමුත් ශක්තිමත් පවුලක් විදියට ජීවිතයේ ඉදිරියට යන්න ඔබට ඔබේ නිවසේ දියුණුව  ගැන නම් හිතන්නම වෙනවා. ඉතින් ඔබේ නිවසේ දියුණුවට බලපාන කරුණු අතර මම අද කියන්න යන මෙම   කරුණුත් තිබෙනවා . බලන්න ඔබ එතරම් දුරට නොසිතන මෙම දේවල් ඔබේ දියුණුව නිසැකවම ඔබට ළගා කර දේවි. එසේ නම් ඔබගේ නිවසේ දියුණුවට බලපාන මෙම හේතු කාරණාවන්ද හොඳින් දැන සිටීම පවුලේ දියුණුව  වාසනාව, සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන ඔබටත් වැදගත් වේවි.

දවසට තුන් හතර වරක් වත් ගේ පිහිදනවද ?

ඇත්තටම ගෙදර දියුණුව බලපාන වාස්තුවිද්‍යාත්මක කාරණාවන් අතර   මෙම කරුණ ඉතා වැදගත්. ඔබ දන්නවාද දිනකට දෙපාරකට වඩා ගෙදර  අතු ගෑම නුසුදුසු බව. දිනකට තුන් හතර වරක් ගෙදර දොර අතු ගෑමෙන් වන්නේ ඔබේ ධනය හානි වීම එසේත් නොමැති නම් ගෙදර දියුණුව  අතු ගෑවී යෑම වගේ අසුභ දෙයක්.  ඉතින් ඔබත් ඔබේ නිවසේ දියුණුව ප්‍රාර්ථනා කරන අයෙක් නම් දිනකට දෙපාරකට වඩා  ගෙදර දොර අතු ගාන්න එපා.

ඒ වගේම තමයි කවදාවත් ඔබ නිවස පිහිදා එකතු වන කුණු දූවිලි නිවසේ ඉදිරි දොරින් එළියට දාන්න යන්න එපා. ඔබට පුළුවන් ඔබ ගෙදර අතු ගෑවට පසුව එම කුණු දූවිලි නිවසේ පසු පස දොරෙන් එලිය‍ට දමන්න. නිවසක ඉදිරි දොරකඩින් කවදාවත් කුණු  එළියට දාන්න එපා.මොකද නිවසක ශ්‍රියා කාන්තාව, ලක්ෂ්මී දේවිය නිවසෙහි වැඩ සිටින්නේ ඔබේ ඉදිරි දොර අසල. ඒ නිසා නිවසෙහි ඉදිරි පිට ගොඩක් පිරිසිදුව තබා ගත යුුතුයි.

නිවසක ඉදිරි දොරින් මෙම දේවල් නිවස ඇතුලට ගැනීමෙන් වළකින්න

ඔබ දන්නවද ගෙදරක දියුණුවට බලපාන කරුණු අතර තිබෙන තවත් එක් ප්‍රධාන වාස්තුවිද්‍යාත්මක කාරණාවන් වන්නේ  නිවසේ ඉදිරි දොරින් මාළු, පිළී ගෙතුලට ගැනීම නුසුදුසු බවයි. මොකද කියනවා නම් ඕනම ගෙදරක  බුදු හිමි පුදන බුදු පහණ තියෙන්නෙ ගෙදර ඉදිරි දොර එල්ලේම. ඉතින් බුදුන් පුදන පහන අසලින් මාළු පිලී ගෙතුලට ගැනීම ඔබේ නිවසට ඒ තරම් යහපත් වන්නේ නෑ.

ඒ වගේම තමයි කවදාවත් ගෙදර ඉදිරි දොරෙන් කැති, පිහි, මන්න වගේ දේවල් ගෙතුලට ගන්න එපා. එයත් නිවසේ දියුණුවට හානි වන තවත් එක් කාරණාවක්.

නිවසේ කැඩුන බඩු මුට්ටු තියේද?

ඔබගේ නිවසේ  කැඩුන බිඳුන බඩු භාහිරාදිය තියෙනවද? මම  කිව්වෙ වේලාව යන්නෙ නැති බිත්ති ඔරලෝසු, ගැටි කැඩුන වීදුරු කෝප්ප, පිඟන්, බිඳුන මල් බඳුන්.. මේ වගේ දේවල් විසි කරන්න ලෝභකමේ ගෙයි ගොඩ ගහලා තියාගෙන ඉන්නවද?. එහෙනම් දැන්ම ඒ වගේ පලිඳු වුන බඩු තියේනම් බලලා ගෙයින් අයින් කරන්න.මොකද නිවසක දියුණුවට ඉරි තැලිලා කැඩුන බිඳුන බඩු මුට්ටු  බලපානවා. තමන්ගෙ දියුණුවත් ඔය ගේ ඇතුලෙ ගොඩ ගහන් ඉන්න ඉරි තැලුන බඩු  වගේම ඉරි තලලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා වත් තමන්ගෙ නිවසේ දියුණුව ගැන හිතන කෙනෙක් නම් කැඩිලා බිදිලා ගිය දේවල් ගේ ඇතුලෙ තියන් ඉන්න එපා.

වහපු කරාමෙන් වතුර බින්දු කාන්දු වෙනවද ?

ඔබේ නිවසෙත් තියෙන ජල කරාම වල ඒවා වහපු වෙලාවටත් වතුර බිංදු බිංදු කාන්දු වෙනවද?  ඔබ දන්නවද එය අසුභ ලක්ෂණයක් බව. නිවසට ගලා එන ධනය ඔබට නොදැනිම විය වෙලා යන්නෙත් අර ජල කරාමෙන් වතුර කාන්දු වෙනවා වගේ තමයි. ඒ නිසා එවැනි ජල කාන්දු වීම් ඇත්නම් අදම එම කරාම අලුත්වැඩියා කරන්න.

බස්නාහිර දිශාවට ගෘහ භාණ්ඩ සවි කරන්න එපා

ගෙදර තියෙන  අල්මාරිය, නිදා ගන්න ඇඳ වගේ දේවල් ගෙදර බස්නාහිර දිශාවට හසු වෙන්න තියන්න එපා. හිරු බහින්නෙ බස්නාහිර දිශාවෙන් වගේම ඔබේ නිවසේ දියුණුවත් බහින්න වැඩි කල් යන එකක් නෑ. විශේෂයෙන්ම අල්මාරිය කියන්නෙ සල්ලි, රන් රත්තරං ආරක්ෂාවට තියන එක තැනක්, ඉතින් ඔබ අල්මාරියෙ තැන්පත් කරන ධනය හිරු බසින ලෙසටම අඩු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා නිවසක ගෘහ භාණ්ඩ හසුරවද්දි දිශාව ගැනත් විමසිල්ලෙන් ඉන්න.

ඉහත සඳහන් කල කරුණු කාරණාවන් ඔබ ඒ තරම් සැලකිල්ලට ගන්නෙ නැති වෙන්න පුළුවන්.නමුත් ඔබ මෙම වැරදි සිදු කරනවා නම් ටිකක් මේ කියපු දේවල් පිළිබඳවත් සැලකිලිමත්ව කටයුතු කරලා බලන්න. ඔබේ දියුණුව ඔබ අතේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here