ඇගේ වටින කියන අදහසට ගරුකරන්න ඔබ නිහතමානී විය යුත්තේ මේ නිසයි

0
2776

ගල් පර තැනිතලා මතින් ගලා යන ගංඟාවක් වෙලාවකට පෙණ විසිරිලා හරිම ලස්සනයි. ඒත් වෙලාවකට භයංකරයි. ඒ වගේම තවත් විටෙක දුෂ්කරයි. මේ කොයි බාධක අතර වුණත් ගංඟාවක් ගලා ගෙන යනවා. නවතින්නේ නෑ. ජීවිතෙත් ඒ වගෙයි. වෙලාවකට සුන්දරයි. වෙලාවකට දුෂ්කරයි. ඒත් අපට නරත වෙන්න නම් බෑ.

මේ දිලිනිගේ කතාව..

එදා දිලිනිගේ හදිසි අවශ්‍යතාවයකට සල්ලි සොයාගන්න හිතවත් කීපදෙනෙක් ළඟටම ගියා. හැමෝගෙන්ම දිලිනිට යොමු වුනේ ප්‍රශ්න.

ඇයි අනේ… අපි ළඟ කොහෙන්ද සල්ලි..?

දෙන්න නම් පුලූවන්… ඒත් කවදද ආපහු දෙන්න පුළුවන් ?

මගේ අතෙන් නම් සත පහක්වත් නෑ.. අනේ තරහ වෙන්න එපා….

අන්තිමට දිලිනිට විශ්වවිද්‍යාලයේ ඇගේ හොඳම යෙහෙළිය මතක් වුණා. දිලිනිගේ හිතට ලොකු සහනයක් දැනුනත් එක එක්කෙනා දීපු උත්තරත් එක්ක ඇයගෙන් උනත් අහන්න හිත දුන්නේ නෑ. ඒත් අන්තිමට දිලිනි ඇයව මුණ ගැහෙන්න ඇගේ නිවසට ගියා.

මධූකා : එන්න එන්න… මට හරි සතුටු හිතුනා ඔයා එනවා කිව්වම.

දිලිනි : අනේ ඔව්.. මට පොඩි හදිස්සියක් වෙලා. ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ..

මධූකා : කියන්න දිලිනි, මොකද්ද ප්‍රශ්නේ?

දිලිනි : මට පොඩි සල්ලි හදිස්සියක්..

මධූකා : කීයක් විතරද?

මධූකා දිලිනිට අවශ්‍ය මුදල ලබාදීමට දෙවරක් හිතුවෙ නෑ. දිලිනිට ඒ ගැන සතුටක් වගේම ඇය ළඟ මෙසේ මුදල් තිඛෙන්නේ කෙසේද යන ගැටළුව ද ඇති වුණා. දිලිනි ඒ ගැන මධූකාගෙන් ඇහුවා. දිලිනිට ජීවිතයේ වැදගත්ම පාඩමක් එදා මධූකා ඉගැන්නුවා.

දිලිනි, අපි ජීවිතේ ඕනෑම දේකට සූදානමින් ඉන්න ඕනේ. ඔයා අහපු නිසයි මම කියන්නේ. බය නැතිව ජීවිතේට මුහුණ දෙන්න අවශ්‍ය වටපිටාව සැලසුම් කරගන්න ඕනේ අපිමයි. කාන්තාවන් විදියට හැම පැත්තෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ. අපේ මුළු ජීවිතේම අපි කැප කරන්නේ අපේ පවුල, දරුවෝ, සහෝදරයෝ, දෙමාපියෝ වෙනුවෙන්.

එහෙම කියලා අපි, අපි ගැන අවධානය යොමු නොකර හිටියොත් කවදාහරි දවසක අපි අසරණ වෙන්න බැරි නෑ. ඉතිං අන්න එදාට අපි ගැන බලන්න කෙනෙක් ඉන්නම ඕනේ. මම පුළුවන් හැම වෙලාවකට පුංචි ගාණක් හරි ඉතුරු කරන්න පෙළඹුණා. ඔයාට උදව් කරන්න වුනත් මට පුළුවන් වුනේ ඒ නිසානෙ.

දිලිනි : ඒත් මධූකා…

මධූකා : ඒත් කියන්න එපා.. මම ඔයාට අවශ්‍ය හැම තොරතුරක්ම කියන්නම්. මුලින්ම අපි තෝරගන්න බැංකු මොකද්ද කියලා තීරණය කරන්න ඕනේ. ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය හා බලපත්‍ර සහිත බැංකුවක් වීම තමයි වැදගත් මුල්ම කාරණය. ඒ වගේම හැම සතයකටම නියම වටිනාකමක් ලැඛෙන්නත් ඕනේ. තව ලැඛෙන පොලිය, ප්‍රතිලාභ බැංකුව හරහා අපට ලැඛෙන පහසුකම් ගැනත් හිතන්න ඕනේ. ඉන්ටර්නෙට් එකෙන් ෆෝන් එකෙන් බැංකු කටයුතු කරන්න පහසුකම් තියෙනවා නම් බොහොම වටිනවා. ඒ වගේම ATM කාඩ් එකත් ලොකු පහසුවක්.

දිලිනි : ඉතිං මධුකා ඔයාගේ තේරීම ගැන මට කියන්නකෝ.

මධූකා : දිලිනි… ගැහැණු අපි හැමකෙනෙක්ටම අපේ යුතුකම් ඉටුකරනවා. අපිට අපි ගැන බලාගන්න උනන්දුවක් නෑ. ඒත් මගේ ඉතුරුම් ගිණුම නිසා දැන් මම ගැන බලන්නත් විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අරලිය. NDB බැංකුවේ අරලිය කාන්තා ඉතුරුම් ගිණුම. අපිටත් වඩා අපි ගැන හිතන නිසාම අපිට වගේ අපේ මුළු පවුලටමත් නොමිලේම රක්ෂණාවරණයකුත් ලබාදෙනවා.

දිලිනි : ඇත්තටම… අපි හැමෝටම රක්ෂණාවරණයක් නොමිලේම ලැඛෙන එක කොයි තරම් වාසනාවක්ද? අරලිය කියන්නේ අපි ගැන වගේම අපි ආදරය කරන අය ගැනත් හිතන බැංකු ගිණුමක්.

ඒත් …. අරලිය ගිණුමක් ආරම්භ කරන්න ලොකු මුදලක් යනවා ඇති නේද?

මධූකා : අනේ නෑ… රුපියල් 1000ක් වගේ අවම මුදලකින් ගිණුම ආරම්භ කරන්නත් පුළුවන්. ඒ වගේම 3%ක හොඳ පොලියකුත් අපේ මුදලට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, රක්ෂණාවරණ, උපන්දින තෑගි, ඩෙබිට් කාඩ්වලට වට්ටම්, නොමිලේ ඉන්ටනෙට් බෑන්කින් වගේ තවත් ගොඩක් පහසුකම් මට ලැබුණේ NDB බැංකුවේ අරලිය කාන්තා ඉතුරුම් ගිණුම නිසයි.

මම විශ්වාසයෙන් ඉතුරු කරන්නෙත් NDB අරලිය කාන්තා ඉතුරුම් ගිණුම නිසයි.

දිලිනි : මමත් අදම NDB අරලිය කාන්තා ගිණුමක් ආරම්භ කරනවා.

මධූකාගේ මේ ඉතුරුම් පුරුද්ද දිලිනිට වගේම දවසක ඔයාටත් ජීවිතය පහසු කරයි.

වැඩි විස්තර සඳහා මෙම වෙබ් ලිපිනයට පිවිසෙන්න.

NDB අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here