නූඩ්ල්ස් වල ඉතිහාසය

0
4169
history-of-noddles

අම්මලා විදිහට අපිට පහසුවෙන් පිලියෙල කරගන්න වගේම පෝෂණ ගුණය ආරක්ෂා වෙන විදිහට දරුවන්ගේ රාත්‍රි හෝ උදය වේලට ගැලපෙනම ආහාරයක් විදිහට නූඩ්ල්ස් ඉතාම ජනප්‍රියයි. මිලියන 270 ක් පමණ ක්ෂණික නූඩ්ල්ස් ලොව පුරා දිනකදී ආහාරයට ගන්නවා.වාර්ෂිකව නම් එය ලොව ජීවත් වන සෑම කෙනෙක් ම නූඩ්ල්ස් පිඟන් 16 ක් හෝ 17 ක් පමණ ආහාරයට ගන්නවා.පසුගිය වසරේ පමණක් ලෝක වැසියන් බිලියන 100කට වඩා ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගෙන තිබෙනවා. නූඩ්ල්ස් වෙනුවෙන් නම් දරා සිටින රාජ්‍යක් විදිහට චීනය ඉතාම ප්‍රසිද්ධයි. ඉහත දැක්වෙන බිලියන සියය අතරින් එයින් බිලියන 38 ක් චීනයේ නූඩ්ල්ස් පරිභෝජකයන් වීමත් විශේෂයක්.

ක්ෂණික නූඩ්ල්ස් වුනත් රසකාරක සහ වෙනත් රසායන අතිරේක නැතුව හොදින් එලවලු , බිත්තර, මස් සහ මාලු වැනි දෙයක් එක් කර ගෙන සකස් කරගන්න පුලුවනි. ඒ වගේම නූඩ්ල්ස් වල අතීතය ගැනත් අපි ටිකක් දැනගත්තොත් වඩාත් හොදයි නේද….?

නූඩ්ල්ස් ඉතිහාසය…

2002 වසරේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව නූඩ්ල්ස්වල ඉතිහාසය අවුරුදු 4000 ක් පමණ පැරණියැයි විශ්වාස කළ නූඩ්ල්ස් බඳුනක් චීනයේ චින්හායි (Qinghai) පළාතේ කැණීමකින් සොයා ගත්තා. කැණීමෙන් මතු කරගත් භාජනය සහ ඒ තුළ ආරක්‍ෂා වී තිබූ ද්‍රව්‍ය රොන් මඩවලින් මීටර් 3 ක් යටට වැළලී තිබුණා. එය සිදුවී තිබුණේ සහශ්‍රක හතරකට පමණ කලින් ලජියා (Lajia) නම් ස්ථානයේ සිදුවූ විනාශකාරී නාය යාමක් හේතුවෙන්.මේ අනාවරනයට මත්තෙන්  නූඩ්ල්ස් පිළිබඳ සඳහන් වෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 22 ත් 220 ත් අතර පැවති නැගෙනහිර චීනයේ හාන් (Han) රාජ වංශය සමයේ ලියවුණු පොතකින්.

ක්ෂණික නූඩ්ල්ස් ඇති වුනේ මෙහෙමයි..

දෙවන ලෝක සංග්‍රාමයෙන් ජපානය පරාද වීමෙන් අනතුරුව ආහාර සැපයුම හිඟ වූ අතර ජනයා ඇමරිකානු ආධාර මත යැපෙන්නට වුණා. යුද්ධයෙන් අනතුරුව කුසගින්නෙන් පෙළුණු ජපාන වැසියන් එයින් මුදවා ගැනීමට තායිවාන සහ ජපාන ව්‍යාපාරික මොමොෆුකු ඔන්ඩෝ (Momofuku Ando) උත්සාහයක් කළා.ඉතින් ඔහු වසරක් පුරා ම ඔසාකාහි ගෙවත්තක පිහිටි මඩුවක වෙහෙස නොබලා වරද්ද වරද්දා කළ උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට කුකුළන්ගේ කොටස් යොදාගෙන නිෂ්පාදනය කළ ලොව වඩාත් සාර්ථක ව්‍යාපාරික ආහාරය ලෙස ක්ෂණික නූඩ්ල්ස් බිහි වුණා.

ක්ෂණික නූඩ්ල්ස් මුලින් ම වෙළඳපොළට පැමිණියේ 1958දී ඒ කියන්නේ දැන් අවුරුදු 60 ක පරිණත තත්වයක්. 20 වන සියවසේ ඔවුන් විසින් සොයා ගත් හොඳම නිෂ්පාදනය ක්ෂණික නූඩ්ල්ස් බව ජපානය සඳහන් කරනවා.එදා සිට වෙනසකට භාජනය වුණා නම් ඒ ඉතා සුළුවෙන්.

ජපානයට ගියොත් මේ විදිහට කන්න…

ඔබ ජපානයට ගියොත් නම් මේ විදිහට නූඩ්ල්ස් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ඒ මොකද කියනවා නම් අපේ රටේ තලු ගැසීම අශීලාචාර ආහාර පුරුද්දක් වුනත් ජපන් ජාතිකයන් සුප් පානයේදී සහ නූඩ්ල්ස් ආහාරයට ගැනීමේදී තලු ගැසීම සිරිතක්. ඒ අරමුනු දෙකක් නිසා එක් අතකින් මේ ආහාරයේ රසය ඉස්මතු වෙන බවත් අනිත් පැත්තෙන් කෘතවේදීත්වය දැක්වීමක් විදිහටත් තලු ගැසීම අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. ජපානයේ නූඩ්ල්ස් කෞතුගාර තුනකුත් තිබෙනවා. එයින් යෝකෝහාමා කෞතුකාගාරය කප් නූඩ්ල්ස් වෙනුවෙන් ප්‍රසිද්ධයි.

මේ විදිහටත් නූඩ්ල්ස් පිලියෙල කරගන්න පුලුවනි…

කුකුල් මස කැබලි වලට කපා ඒ භාජනයටම කැරට්, අල, සුදුළූණු, රතුළූණු , ඉඟුරු, සහ ලුණු එක් කර හොදින් තම්බා ගන්න. දැන් මස් වල කටුවලින් මස් සිහින් කැබලි සේ ගලවා පැත්තකින් තබන්න. කුකුල්මස් තැම්බූ වතුරෙන්ම නූඩ්ල්ස් දමා ඉදෙන තුරු රත් කරන්න. දැන් තම්බා ගත් එළවළු සහ මස් නූඩ්ල්ස් සමග හොදින් කලවම් කර ගම්මිරිස් කුඩු ටිකක් ඉසින්න. කැමැති නම් තෙම්පරාදු කර ගත්තාට වරදක් නැහැ. පාස්ලි, තක්කාලි පෙති වලින් සරසා ගන්න.

නූඩ්ල්ස් සහ අල තම්බාගෙන පොඩි කරන්න. කට්ලට්වලට මෙන් ගම්මිරිස් , ලුනු, අමුමිරිස්, රතුලුනු, කරපිංචා ආදිය එක් කරල පැතැලි බෝල තනා ගෙන බිස්කට් කුඩු මිශ්‍රණයේ දමා සමාන්‍ය කට්ලට් ආකාරයට බැදගන්න.

කට සැරට ඕන නම් මේ විදිහට පුලුවනි…

නූඩ්ල්ස් තම්බා ගන්න. දැන් තෙල් ලිප තබා එයට කරල් මිරිස් කීපයක්, ඉඟුරු, සුදුළූණු, ආදිය දමා එලවලු එක් කරන්න. නූඩ්ල්ස්ද මේ තෙම්පරාදුවට දමා පසෙකින් තබන්න. දැන් කටට සැර අවශ්‍ය අයට ඔබ විසින්ම පිලියෙල කර ගත් මේ සෝස් එක එකතු කරන්න පුලුවනි. සෝස් එක සාදා ගන්නේ මෙහෙමයි. කරල් මිරිස් 20 ක් උනුවතුරේ දමා විනාඩි 20 ක් තබන්න.එයටම සුදුළූණු, බික් 10 ක්ද එක් කරන්න. දැන් මේ මිරිස් සහ සුදුළූණු බ්ලෙන්ඩ් කර ගන්න. ලුණු ටිකක් එකතු කරන්න. කට සැරට අවශ්‍ය නම් මුලින් සාදා ගත් නූඩ්ල්ස්වලට මේ සෝස් එකතු කර ගෙන කලවම් කරන්න. සැර පාටට පෙනේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here