ඔබේ සමටත් මනා පෝෂණයක් සමගින් පැහැපත් බවක් ලබාගන්න

0
15607
honey-and-yoget

තමා උපතින්ම රැගෙන ආ සුන්දරත්වය තව තවත් වැඩි කර ගන්න ඕනෑම කාන්තාවක් කැමතියි. අද වෙන විට කාන්තාවෝ වැඩි පිරිසක් ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් නිවසේදීම තම රූපලාවන්‍ය කටයුතු කරගැනීමට උත්සාහ කරති. පුද්ගලයාගෙන් පුද්ගලයාට සමේ ස්වභාවය වෙනස් වන අතරම, සම මත ඇති කුණු දූවිලි නිසියාකාරව ඉවත් නොවීම, අවිවේකී බව, නිදී මැරීම වැනි දේ සම අවපැහැ ගැන්වීමට බලපාන හේතු ලෙස දැක්විය හැකියි. අන්න ඒ නිසාම වඩා වැදගත් වන්නේ ඔබේ සම සැමවිටම පිරිසිදුව තබා ගැනීමයි.

සමේ පිරිසිදු බව පවත්වා ගැනීමට නම් රැකියාවක නියුතු කාන්තාවක වුවද නිවසේ රැඳෙන කාන්තාවක වුවද දහවල් කාලයේදීත් තම මුහුණ පමණක් හෝ පිරිසිදු කළ යුතුය. එසේම සිරුරට අවශ්‍ය පමණ ජලය පානය කිරීම මගින් කොරල, දුගඳ, රැලි වැටීම වැනි ආසාදන වළක්වා ගැනීමේ හැකියාව ඔබට ලැබේ. උදෑසන අවදි වූ විට වතුර වීදුරුවක් පානය කර වැඩ කටයුතුවල නිරත වීමට ඔබට හැකි නම් අපේ සුන්දරත්වයට ද වඩාත් වැදගත් වේ- එසේම ක්‍රියාශීලී දිවිපෙවෙතක් ගත කිරීම ද ඔබ තුළ වූ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවීමට සමත්ය. ඔබේ සමේ සුන්දරත්වය රැකගන්න සැමවිටම උනන්දුවන්න.

සමේ අඳුරු ලප ඉවත් කර තෙතමනය රැක දෙමින් සමට අවශ්‍ය පෝෂණය සපයන්න වඩාත් සුදුසු මොන වගේ ෆේස් පැක් එකක් ද කියලත් ඔබ කල්පනා කරනවා ඇති. මේ තමයි ඔබේ ගැටලුවට හොඳම විසඳුම, සම පිරිසිදුව තබාගැනීමට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිවසේදීම සකස් කරගත හැකි ඉතා පහසු ෆේස් පැක් එකක් ඔබට හඳුන්වා දෙන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • යෝගට් මේස හැඳි 1
  • මී පැණි තේ හැඳි 1
  • කුරුඳු සහ සාදික්කා කුඩු ස්වල්පය බැගින්

කුඩා භාජනයකට මේ සියලු ද්‍රව්‍ය එක් කොට හොඳින් කලවම් කරගන්න. එම මිශ්‍රණය මුහුණේ ආලේප  කොට විනාඩි 8ක් 10ක් තියෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මේ මිශ්‍රණය මගින් සමට හිමි වන වාසි :

යෝගට්වල ඇති ලැක්ටික් අම්ලය මැරුණු සම ඉවත් කර සම දීප්තිමත් කරවයි. එසේම යෝගට්වල ප්‍රෝබයෝටික්ස් අඩංගු නිසා සම මත ඇති කැළැල් සුවපත් වේ. ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන මී පැණි, සමේ තෙතමනය රැකදෙන අතරම ක්‍ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරමින් සම රැකගනී. විෂහරණය කිරීමේ හැකියාව සතු කුරුඳු, සම මත ඇති බැක්ටීරියා විනාශ කර දමයි. ඒ වගේම සාදික්කා මගින් සමේ රැලි වැටෙන ස්වභාවය ඉවත් කර පෘෂ්ඨිමත් කරවයි.

නිවසේ සිටම ඔබට තනිව සකසා ගත හැකි මෙම ෆේස් පැක් එක ඔබත් අදම අත්හදා බලන්න.

About The Author

Previous articleඔබේ බිරිද, ඔබේ ලෝකයේ රැජින කර ගන්න
Next articleවිනෝද චාරිකාවක් සතුට පිරුණු පවුල් ජීවිතයකට අවශ්‍යම ඇයි?
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here