රැලි වැටුනු ඔබේ සමට තරුණ පෙනුමක් ලබා දෙන නිවසේදීම සාදාගත හැකි අපූරු ආලේපනයක්

0
5309
රැලි වැටුනු ඔබේ සමට තරුණ පෙනුමක් ලබා දෙන නිවසේදීම සාදාගත හැකි අපූරු ආලේපනයක්

ඔබට සිතෙනවා ඇති “මම දැන් වයසට ගිහින් ”  සමත් රැලි වැටිලා කියලා. කැඩපත ළගට යන හැම වාරෙකම ඔබට ඔබේ රැලි වැටුන මුහුණ  අත ගෑවෙන්නෙ ඉබේටම වෙන්න පුළුවන්. වයසට යනවත් එක්ක සම රැලි වැටෙන එක ඉතින් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. දවසින් දවස යනවත් එක්ක අපිත් වයසට යනවා.  අද සමාජය තුල ගොඩක් දෙනෙක් කඩෙන් මිල දී ගන්න ආලේපන වර්ග පාවිච්චි කරන්නෙ ලස්සන වෙන්න තරුණ පෙනුම රැක ගන්න කියලා හිතාගෙන. ඔය ආලේපන බොහොමයකට  වඩා  හොදට සමේ රැලි බව ඉවත් කරන්න පුළුවන් කදිම ආලේපනයක්  අපට නිවසේදීම හදා ගන්න පුළුවන්. මෙම ආලේපනය පාවිච්චි කරලා රැලි ගතිය අඩු කර ගන්න වගේම වයසට යෑමත් පාලනය කර ගන්න පුළුවන්. මෙය තනිකර ස්වාභාවික  ද්‍රව්‍ය භාවිතා කරලා  හදන ආලේපනයක්. ඔබේ සම වියළි උනත් තෙල් සහිත සමක් උනත් මේ ප්‍රතිකාරය හොද ප්‍රයෝජනවත් ප්‍රතිකාරයක් වෙන බව නිසැකයි.
දවස් 7ක් නොකඩවා මෙම ආලේපනය පාවිච්චි කරලා ඔබට අත්දුටු  සුවයක් ලබා ගන්න පුළුවන්. කරන්න තියෙන එකම දේ මෙම අවශ්‍ය දේවල් ටික එකතු කරගෙන ආලේපනය සාදා ගැනීම පමණයි. ඔබට මෙම  ආලේපනය කෙලින්ම භාවිතයට ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ආමන්ඩ් හෝ ඔලිව් තෙල් මේස හැන්දක්.
බිත්තර කහ මදයක්.
මී පැණි තේ හැන්දක් .
වැස්ලින් ක්‍රීම් තේ හැදි දෙකක්. ( මෙයට කිරි හෝ කෝමාරිකා අඩංගු වැස්ලින්  යොදා ගැනීමට හැකි නම් වඩාත් හොදයි)

හදා ගන්නා ආකාරය

මුලින්ම වැස්ලින් ක්‍රීම් ටික පිරිසිදු භාජනයකට දාන්න. වතුර  භාජනයක් උණු වෙන්න තියන්න. එහි හුමාලය පිට වීමට ගත් විට වැස්ලින් දා ගත් භාජනය එයට ඉහලින් අල්ලන්න. ටික වේලාවකින් වැස්ලින් ක්‍රීම් ටික දිය වේවි. පසුව එයට බිත්තර කහ මද සාරය, මී පැණි හා ආමන්ඩ්  හෝ ඔලිව් තෙල් දමා  හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුලින් දියාරුවට තිබුනද සීතල වෙනවාත් එක්ක ඝන වී ක්‍රීම් එකක් බවට පත් වෙනවා.එතෙක් හොඳින් මිශ්‍ර කරන්න. දැන් අපි අපේ ආලේපනය හදාගෙන අවසන්. අපි හැබැයි මෙයට කල් තියා ගන්න රසායනික ද්‍රව්‍ය නොදැම්ම නිසා මෙය ගොඩක් දවස් තියාගෙන පාවිච්චි කරන්න අමාරුයි. මේ නිසා මෙය හදා ගත්තට පස්සෙ. ශීතකරණයක දා තැබීම  අවශ්‍යයි. ඇගේ කෙමිකල් උලා ගෙන ලෙඩ වෙනවට වඩා හොදයි නේද ශීතකරණයක බහා තබන එක. දැන් ඉතින් තියෙන්නේ හැමදාම රෑට  නිදා ගන්න යන්න පැය දෙකකට වගේ කලින් මෙම ආලේපනයෙන් ප්‍රමාණයක් ගෙන රැලි වැටුන තැන් වල ආලේප කිරීම ව්තරයි. මතක තියා ගන්න ඉතිරි ආලේපනය ශීතකරණයක  තියන්න ඕන කියලා. එය ආලේපනය කරද්දී  රළු විදියට සම්බාහනය කරන්න යන්න එපා. ඉතාම මුදු  ආකාරයෙන් සම්බාහනය කරන්න. සතියක් නොකඩවා මෙම ආලේපනය ඒ විදියටම ආලේප කරන්න. ඔබට පුදුමාකාර වෙනසක් දැනේවි. ඔබේ සම තරුණ වෙන්න පටන් ගනීවි.

මේ ලිපිය අකාලේ වයසට ගිය ඔබ සියලු දෙනාට හොද පණිවිඩයක් වේවි. බොහෝ ප්‍රතිඵලදායක මෙම ක්‍රමය ඔබට ඔබගේ නැති වුන  තරුණ පෙනුම නැවත ලබා ගන්න අත් වැලක් වන බව නිසැකයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here