ආහාර කල්තබා ගැනීමට

0
10702
Preserving_food

කාන්තාවක් වුනාම අරපරිස්සමින් ගෙදරදොර වැඩ කටයුතු කරන්න ඕන බව අතීතයේ පටන්ම පිලිගැනුන තත්වයක්. එක රැයකින් එලිය වැටෙන්නේ නැහැ වගේම අපිටත් හෙටක් කියල දවසක් තිබෙනවා. ඒ නිසා අද දවස විතරක් නොවෙයි, හෙට  වෙනුවෙනුත් අපේ සම්පත් පිරිමැස්මෙන් තබා ගන්න ඕන. ඉවුම් පිහුම් කටයුතුවලදිත් මේ සංකල්පයේ පිහිටා අපි වැඩ කටයුතු කිරීම අවශ්‍යයි.

ඒ නිසා ආහාර කල් තබා ගැනීමේ විවිධ ක්‍රම ගැන එදා පටන්ම අපේ ගෘහණියන් දැන සිටියා. අමුමිරිස් සහ රතුළූණු වැනි දේ ඇතැම් කාලවලදී සුලබයි. ඒවා හෙට වෙනුවෙන් කල් තබා ගැනීමට නම් අච්චාරු විදිහට පිලියෙල කර ගන්න පුලුවනි.

මුලින්ම අමුමිරිස් හෝ රතුළූණු ගැඹුරු තෙලෙන් බැද ගන්න. එය විනාඩියක් පමණ වේලාවක් බැද ගත්තාම ඇති. මේ බැද ගත් අමුමුරිස් සහ රතුළූණු තෙලෙන් ඉවතට ගෙන තෙල් බේරා ගන්න. දැන් අබ සහ සූදුරු විනාකිරිවලින් අඹරා ගන්න. විනාකිරි මැටි භාජනයක ලිප තබා එයටම අඹරා ගත් අබ ,සූදුරු මිශ්‍රණය දමන්න. දැන් ඔබ වෙත තිබෙන බැදගත් අමුමුරිස් හෝ රතුළූණු මේ භාජනයට දමා හොදින් කලවම් කර ගෙන බෝතලයක අසුරා ගන්න. සුළං නොවදින සේ වසා ගැනීමට වගේම නිතරම වියළි හැන්දක් පාවිච්චි කිරීමට මතක තබා ගන්න.

බටු මෝජු පිලියෙල කිරීමට අපි තෙලෙන් බටු බැද ගන්නවා. ඒත් මිළ ඉහල කාලයට නම් මෝජු හදාගන්න වියදම ඉහලයි. ඒත් බටු ලාබ කාලයේදී මේ විදිහට සකස් කරල අනාගතය වෙනුවෙන් තියා ගැනීමට පුලුවනි. බටු තීරුවලට කපා ගෙන ගැඹුරු තෙලෙන් බැදල තෙල් ඉවත් කර ගන්න. මාලුමිරිස් කල් තබා ගැනීමට අවශ්‍ය නම් එහි පොත්ත ඉවත් කරන්න. සුදුළූණුත් මේ විදිහටම බැද ගෙන කල් තබා ගන්න පුලුවනි. දැන් ඔලිව් තෙල් කෝප්ප දෙකකට විනාකිරි මේස හැන්දක්, ලුනු , කෑලි මිරිස්  එකතු කරන්න. හොදින් වියලා ගත් බෝතලයකට ඔබට අවශ්‍ය පරිදි කල් තබා ගැනීමට අවශ්‍ය ‍ බැදගත්, බටු, මාලුමිරිස් හෝ සුදුළූණු ඔලිව්තෙල් වල බහා බෝතලයක දමාගෙන අනාගත පරිභෝජනයට තබා ගන්න පුලුවන්.

කරපිංචා වගේ දේවල් සුදු කඩදාසියක එහෙම නැත්නම් බන්දේසියක අතුරා ඒ මත දැලක් එලා වියලා ගන්න. තද අව්වේ වියලුනාට පසුව බෝතලයක අසුරා ගන්න පුලුවන්. කඩදාසියක නම් තෙතමනය ඇති නොවන සේ කඩදාසිය මාරු කරන්න.

බත් වගේ දේවල් අධිශීතකරනයේ දමා ගෙන කල් තබා ගන්න පුලුවන්. මාස ගණනාවක් නොවෙයි, දින දෙක තුනක් පරිභෝජනය වෙනුවෙන් පමණක් මෛ් විදිහට තියා  ගන්න. එහෙම නැත්නම් බත් අව්වේ වියලා එයින් පසුව අවශ්‍ය වේලාවට කබලේ බැද කුඩු කර ගෙන පොල් සහ පැණි දමා අග්ගලා විදිහට සකස් කර ගන්න පුලුවන්. පාන් වුනත් අව්වේ වියලා ගෙන කුඩු කර ගත් විට කට්ලට්, රෝල්ස් , මාළු වැනි බැදුම් වලදී දැවටුම් විදිහට යොදා ගන්න පුලුවන්.

දෙහි ගැන ආයේ කතා ඕන නැහැනේ. අපි කට්ටියම ලුනුදෙහි දමා ගන්න දන්නවානේ. අඹ, සියඹලා, තක්කාලි , ඇඹරැල්ල, කරවිල අව්වේ වියලා ගෙන කල් තබා ගන්න පුලුවන්. තක්කාලි ගෙඩිය හතරට කපල ඇට ඉවත් කර ගෙන ලුණු කැට ඇතුලු කරන්න. දින හතරක් පමණ අව්වේ වියලා ගන්න. අඹ ඇටය ඉවත් කර කැබැලි වලට කපන්න. දැන් ලුනු කැට දවටා අව්වේ වියලා ගන්න. සියඹලාත් පොතු ඉවත් කරල ලුණු කැට දවටාගෙන අව්වේ වියලා ගන්න. කරවිල පෙති කපලා ලුනු දවටන්න. ඇඹරැල්ලා නම් අඹ විදිහටම තීරු කපා ගන්න. දැන් ලුණු කැට දවටා ගන්න.

ආහාර කල් තබා ගැනීමෙන් ඔබට ලැබෙන වාසි මොනවාද…?

වාරයේදී අපතේ යන දෙය අවාරයට කල් තබා ගන්න පුලුවන්. ඒ නිසා අවාරයේදී මිළ ඉහල යන සහ හිගයක් ඇති වෙන විට ඔබට කිසිම ගැටලුවක් නැහැ. ඇයි රැස්කර ගත් දේ ඔබේ මුලුතැන්ගෙයි තියෙනවානේ…

වෙනස් විදිහකට කන්න පුලුවන් :

හැමදාම ව්‍යංජනයට එකතු කරන දෙහි ලුණු දෙහි විදිහටත්, පළතුරක් විදිහට ආහාරයට ගන්නා අඹ ලුණු අඹ වෙලා ව්‍යංජනයක් විදිහටත් පිලියෙල කරගන්න පුලුවන්.

ආහාර නරක් වීම වලක්වා ගැනීම :

ආහාර නරක් වීමට බොහෝ විට බලපාන්නේ එහි තිබෙන තෙතමනයයි. ඒත් මේ ආහාරවල තිබෙන තෙතමනය ඉවත් වෙලා විජලන තත්වයට පත් වුනාම නරක්වීමට තිබෙන හැකියාව අඩුයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here