ආයුර්වේද ගුණ රැගත් හෙළ ඔසු කෝමාරිකා

0
7443
girl_Alovera

Alovera නම් උද්භිද නාමයෙන් හදුන්වනු ලබන ඖෂධීය ගුණ රැගත් වටිනා ඔසු  පැළෑටියක්  ලෙස කෝමාරිකා ශාකය  හැදින්විය හැකිය. බොහෝමයක් දෙනා කෝමාරිකා කියූ සැනින් රූපලාවණ්‍යය කාරකයක් ලෙස මෙය  හදුනා ගත්තද රෝග රැසකට කෝමාරිකා ශාකය විසඳුමක් ලෙස සොයා ගෙන ඇත. දේශීය මෙන්ම විදේශීය රටවල් වලද කෝමාරිකා ශාකයට ඉහල වටිනාකමක් හිමිව අැත.  කෝමාරිකා ශාකය පිළිබඳව ඔබ දැන සිටියද එහි නොදත් පැතිකඩ පිළිබඳව අද Womanly.lk මගින් අප ඔබ වෙතට ගෙන එන්නෙමු.

කෝමාරිකා ශාකයෙහි රෝග සඳහා වූ ප්‍රතිකාරීය දායකත්වය : 

මා කලින් සදහන් කල පරිදි කෝමාරිකා ශාකය රෝග කිහිපයකටම විසදුම් ලබා දී ඇත. ඒ අනුව,

බඩ පපුව දැවිල්ල සඳහා 

කෝමාරිකා ශාකයෙහි සාරය ගෙන හොඳින් ගසා ගන්න. පසුව එයට මීපැණි හෝ සීනි ස්වල්පයක් එක් කොට  උදෑසන හිස්බඩ  නොකඩවා සතියක් යනතුරු පානය කරන්න.

මුත්‍ර දැවිල්ලට 

තැඔිලි වතුර කෝපය භාගයක් පමණ ගෙන එයට කෝමාරිකා යුෂ එක්කොට වීදුරුවක බහා ශීතකරණයේ තබා පසුව දා උදෑසන හිස්බඩ එය පෙරා පානය කරන්න.

අර්ශස් රෝගීන් සඳහා

සූරා ගත් කෝමාරිකා යුෂ ස්වල්පයකට බිත්තර සුදු මඳය එක්කොට මීපැණි හා දෙහි යුෂ ස්වල්පයක් එක් කර උදෑසන හිස්බඩ  සතියට දින  හතරක් වත් මාසයක් යනතුරු පානය කරන්න.

ආහාර ජීර්ණය පහසු කරවීම සඳහා

ඇතැම් වයස් ගත උදවියට මෙන්ම කුඩා දරුවන්  හට ද සමහර අවස්ථා වලදී ආහාර ජීර්ණ ගැටලු මතුවේ. එවැනි අවස්ථා වලදි  කෝමාරිකා යුෂ ස්වල්පයක්   දෙහි යුෂ පමණක් එක් කොට තේ හැදි භාගයක ප්‍රමාණයක් වත් එම ආහාර ජීර්ණ ගැටලු පවතින පුද්ගලයන් සඳහා ලබා දෙන්න.

ඉහත සඳහන් කල අයුරින් රෝග තත්වයන් කිහිපයක් සඳහාම කෝමාරිකා ශාකය ප්‍රයෝජනයට ගත හැකිය.
තවද බොහෝ දෙනා දන්නා ලෙස කෝමාරිකා යනු රූපලාවණ්‍ය සත්කාර ශාක වර්ගයකි. බොහෝමයක් වෙළඳපොළ ආලේපන වර්ග සඳහා අමුද්‍රව්‍යයක් ලෙස කෝමාරිකා බහුලව භාවිතා කරන අතර ඔබටද නිවසේ සිටම කෝමාරිකා ශාකය යොදා ගනිමින් ඔබගේ රූපලාවණ්‍ය කටයුතු කර ගැනීමට හැකිය

රූපලාවණ්‍ය කටයුතු සඳහා කෝමාරිකා ශාකයෙහි දායකත්වය.

සමෙහි දුර්වර්ණ බව මඟ හරවා ගැනීමට කෝමාරිකා ජෙල් ඔබට නිවසේ සිටම සාදාගත හැකිය.  ඒ සඳහා පහත පියවර  අනුගමනය කරන්න

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කෝමාරිකා සාරය කෝප්ප භාගයක්
  • අමු කහ කැබැල්ලක්
  • ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් හෝ ඔලිව් ඔයිල් ස්වල්පයක්
  • ඇල් වතුර කෝප්ප කාලක්

සාදාගත හැකි ක්‍රමය:

කෝමාරිකා සාරය කෝප භාගය සමඟ අමු කහ කැබැල්ල හා ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් එක් කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එයට ඇල් වූ ජලය මේස හැදි කිහිපයක් එක් කර නැවතත් වාරයක් බ්ලෙන්ඩර් කර  එම ද්‍රාවණය  පිරිසිදු වීදුරු  කෝප්පයකට දමා  සුළන් නොවදින  සේ වසා තියන්න.
ඉහත ආකාරයට සාදාගත් කෝමාරිකා ජෙල් එක උදේ හවස ශරීරයේ අවපැහැ වූ ස්ථාන වල  ගා හොඳින් අතුල්ලන්න.

එමෙන්ම ඔබ උදේ සවස මුහුණ සේදීමට, නෑමට පෙර කෝමාරිකා ශාක සාරය ගෙන ඔබෙ ශරීරයේහි හොඳින් අතුල්ලා පසුව සෝදා හරින්න. දීප්තිමත් දිදුලන සමක් ලබා ගැනීම සඳහා මෙය ඔබට නිවසේ සිටම කල හැකි ස්වභාවික රූපලාවණ්‍ය  සත්කාර ක්‍රමයකි.

ඉතින් මෙතෙක් කෝමාරිකා ශාකය පිළිබඳව ඔබ නොදැන සිටි ආයුර්වේද ක්‍රම කිහිපයක්ම මෙම ලිපිය හරහා දැන ගැනීමට ඔබට අවස්ථාව ලැබුනේ යැයි මා සිතනවා. තවත් කෙනෙක් දැනුවත් කිරීමට ඔබත් මේ ලිපිය මිතුරන් අතරේ Share කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here