පිරිහී ගිය සාරධර්ම නැවත ගොඩනැංවීමට හොඳම කාලය මෙයයි.

0
38659
help_others

සාරධර්ම යන්නට නිශ්චිත වූ නිර්වචනයක් ලබා දිය නොහැක. ආකල්ප, අගයන්, වටිනාකම් යන මේ සෑම දෙයක්ම සාරධර්ම සමඟ බැදී පවතී. ආකල්ප යනු ඕනෑම පුද්ගලයකුගේ සිතෙහි ඇති වන හොඳ හෝ නරක සිතුවිල්ලකි. එම සිතුවිලි වලට වටිනාකමක් මෙන්ම අගයක් ලබා දීම අපට සිදු කළ හැකිය. කෙසේ වෙතත් තවත් කෙනෙකුන් වෙනුවෙන් සිදු කරන ඕනෑම හොඳ, සත් ක්‍රියාවක් සාරධර්ම වලට අයත් වේ. සාරධර්ම නම් සදාචාරයයි. මිනිසාගේ හැසිරීම, ගමන බිමන, කතාබහ, ක්‍රියාකලාපය මේ  සෑම දෙයක්ම සාරධර්ම හා බැදි පවතී.

ඇත්තටම කිවහොත් අද සමාජය දෙස බැලූ කළ සාරධර්ම විනාශයට පත්ව ඇත. දරුවන් හ‍ට දෙමාපියන් , දෙමාපියන් හට දරුවන්  නොමැති යුගයක් උදාවී ඇත. එමෙන්ම පාසල තුල ද මෙය මේ ලෙසටම සිදු වේ. ගුරු ගෞරවය ,සිසු විනය,   අද වන විට කෙමෙන් කෙමෙන් විනාශයට පත්ව යන ආකාරයක් දැක ගැනීමට හැකිය . ඉතින් මෙන්න මේ තත්වය නිසාම Womanly.lk තුලින් පිරිහී යන සාරධර්ම ගොඩනැංවීම උදෙසා ඔබ සැම දැනුවත් කිරීමට අපි  හිතුවා.

අවංකකම
ඉවසීම
කරුණාව
දයාව
ගෞරව කිරීම
හොඳ වචන කතා කිරීම
යහපත් දෑ සිදු කිරීම
වැඩිහිටියන්ට සැලකීම
පොදු දේපල සුරකීම

යන මෙම සියල්ල සාරධර්ම ලෙස හදුන්වා දිය හැකිය.

ඇත්තටම සාරධර්ම ගොඩනැංවීමට හොඳම නවාතැන තමයි පාසල කියන්නෙ. ඔබ ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු , පාසල් යන දරුවන් සිටින දෙමාපියකු වෙන්න පුළුවන් ඉතින් එහෙනම් සමාජයේ සිටින වගකීමක් ඇති පුරවැසියකු ලෙස ඔයාටත් පුළුවන්  ඉදිරි අනාගතයේ බිහිවන්නා වූ අපේ දරුවන් උදෙසාවත්  ගිලිහි ගිය සාරධර්ම ගොඩනැංවීමට දායක වන්න.

වර්තමාන පාසල් පද්ධතිය දෙස බලන කල සාරධර්ම සඳහා ප්‍රබල අභියෝගයක් පාසල් පද්ධතිය තුල එල්ල වී අැත. කෙසේ වෙතත් ගුරුවරයකු , විදුහල්පතිවරයෙකු හා දෙමාපියකු ලෙස විනය ගරුක සිසු දරු කැලැක් බිහි කිරීමේ  වගකීම අප සැමටම ඇත. අද සමාජයේ සාරධර්ම පිරිහීමට මූලිකවම බලපා ඇත්තේ ජනමාධ්‍යයයි. රූපවාහිනිය තුලින් විකාශය වන මෙගා ටෙලි නාට්‍යය තුලින් පවා සාරධර්ම  පිරිහී යෑමට හේතු වී ඇත. එමගින් දැන් සිටින තරුණ පිරිස සදාචාරය වැරදි ලෙස හැසිරවීමට පණිවිඩ ලබා ගනී.  දෙමාපියන් ලෙස ඔබටද වගකීමක් ඇත. අධ්‍යාපනය ලබන සිසු දරුවන් සිටින ඔබගේ නිවසේ රූපවාහිනිය නැරඹුවද දෙමාපියන් ලෙස ඔබ දරුවන්ටත් ගැලපෙන වැඩසටහන් , ටෙලිනාට්‍ය නැරඹීමට වග බලා ගත යුතුය.

තවද පාසල තුල පැවති සාරධර්ම වලට එල්ල වන බලපෑම් හා අභියෝග ජය ගැනීමට සුදුසු      ක්‍රියාමාර්ග ගැනීමට වැඩිහිටියන් ලෙස අපට පුළුවන. ඒ අනුව
සිසුන් හට උගන්වනු ලබන විෂය  කරුණු වලට අමතරව ඒ සඳහා අනුගාමී උපමා කතා, චරිත කතා අනුසාරයෙන් සිසුන්ට සදාචාරය ගැන දැනුමක් ලබා දිමට හැකිය.  එමෙන්ම  සිංහල සාහිත්‍ය තරඟ, ඉංග්‍රීසි දින තරඟ, කලා උළෙල, ක්‍රිඩා උත්සව වැනි අවස්ථා යොදා ගනිමින් සිසුන් හට විධිමත් හැසිරීම් රටාවක් හුරු කල යුතුය.  කණ්ඩායම් හැගීම් තුලින් එකමුතුව, සහයෝගය, සහෝදරත්වය යන දෑ මනා ලෙස  කියා දීමට හැකිය . පාසල තුලින් සියලුම සිසු දරුවන් හට නායකත්වය ලබා දිය යුතුය. නායකත්වය මගින් දරුවන්ට සාමූහිකත්වය පුරුදු කළ හැකිය.  එමෙන්ම පංතිකාමරය තුලින් දරුවන් හට ලබා දෙන  පොත පතේ දැනුමට අමතරව තවත් බොහෝමයක් දෑ ජීවිතයට ලබා දිය හැකිය.  පාසල් පද්ධතියේ බලවත් ලෙස සාරධර්ම පිරිහී යාම නිසා ඇති වන ගැටලු අවම  කර ගැනීමට  ගුරුවරුන් , දෙමාපියන්, සිසුන් යන මේ සෑම දෙනාම එකට එක්ව පලදායි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය. එමෙන්ම දෙමාපියන් , වැඩිහිටියන් ලෙස තම දරුවන් හරි මාර්ගයට ගෙන    හරි දේ පමණක් කිරීමට යොමු කිරීම මෙන්ම හොඳ නරක දරුවන්ට කියා දී තම දරුවන් යහපත් පුරවැසියකු ලෙස සමාජයට දායාද කිරීමට උත්සහා විය යුතුය  . සාරධර්ම මග යමින් සමාජයටත් රටටත් ඔබටත් කරදරයක් නැති දරු  පරපුරක් බිහි කිරීමට වැඩිහිටි අපත් අද සිට මේ නැති වී ගිය සාරධර්ම  රැක ගැනීමට අධිඨන් කර ගනිමු.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here