පිරිමින්ගෙන් බේරා ගෙන පිරිමින්ටම පුදන ගැහැනුන් සතු ලෝකයේ උතුම්ම් තෑග්ග

0
5945
පිරිමින්ගෙන් බේරා ගෙන පිරිමින්ටම පුදන ගැහැනුන් සතු ලෝකයේ උතුම්ම් තෑග්ග

කන්‍යාපටලය යනු ස්වාභාවිකම යෝනි මාර්ගයට ඇතුල් වන ස්ථානයේම තිබෙන සියුම් පටලයකි.මෙය විවිධ අයගේ විවිධ ස්වාභාවයෙන් දැක ගත හැකි වන අතර ඇතැම් අයගේ උපතින්ම නොපිහිටන අවස්ථාද පවතී.කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය සංස්කෘතිය අනුව නම් කන්‍යාභාවය අනිවාර්ය සාධකයක් බවට පත් වී ඇත.

කෙසේ වෙතත් ලේ බිංදුවක් මගින් කාන්තාවකගේ චරිත ස්වභාවය මුළුමනින්ම තීරණ කිරීම කොතරම් දුරට ප්‍රායෝගික දැයි සිතිය යුත්තකි.ඊට හේතුව ඇතැම් විට කන්‍යාභාවය පිලිබදව ගැටලුවකට මුහුණ දුන් කාන්තාවක් කිසිම දිනෙක (තමාගේ ස්වාමියා හැර) ලිංගිකව සම්බන්ධ නොවුණු,යම් ස්වභාවිකව හේතුවක් මත කන්‍යාභාවය තහවුරු කිරීමට නොහැකි වූ අයෙක් විය හැකිය.එවැනි අවස්තාවක තම ස්වාමියාට එය ගැටළුවක් නොවුන ද සැමියාගේ මව එසේත් නොමැති නම් නැන්දම්මා ඒ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවකි.එවැනි අවස්ථාවක කාන්තාවකට තමා මිට පෙර කිසිවෙකු සමග ලිංගිකව එකට නොසිටියේ නම් ඒ මොහොතේ වෛද්‍යවරයෙකු  හමුවට ගොස් තම නිවැරදි භාවය ඔප්පු කල හැකිය.

නැන්දම්මා බිරිදගේ කන්‍යාභාවය පිලිබදව සොයා බැලීමට මෙතරම් උනන්දු වන්නේ ඇයි යන්න කෙනෙකුගේ සිතේ ගැටළුවක් ඇති විය හැකිය.මව්වරුන් බොහෝ විට තමාගේ පුතාගේ ආදරය තමාට හිමි විය යුතු යැයි සිතීම මේ ගැටලුවට මුලික වශයෙන් බල පා තිබේ.ඒ නිසා තමාගේ පුතා හා විවාහ වූ කාන්තාවගේ සුළු හෝ අඩු පාඩුවක් විශාල ලෙස මවා පෑමට උත්සාහ කරයි.නමුත් තමන්ගේ මව කොතරම් වැරදි තීරණ ගත්ත ද පුතෙකුට එම තීරණ වලට බුද්ධිමත් ලෙස මුහුණ දීමට නොහැකි නම් එම තැනැත්තා සැබවින්ම දුර්වල පුද්ගලයෙකි.

එමෙන්ම එම විවාහය යෝජිත මත සිදු වූ විවාහයක් නම් එහි දී කාන්තාවකගේ  කන්‍යාභාවය පිලිබදව යම් ගැටළුවක් ඇති වුවහොත් තමන්ගේ මවට ඒ පිලිබදව චෝදනා කල හැකිය.ඒ තුලින් අදාළ පුද්ගලයා තමා තුළ පවතින යම් යම් අඩු පාඩු වසා ගැනීමට උත්සහා කරයි.

කොතරම් ගැටළු ඇති වුවත් මෙහිදී වඩා වැදගත් වන්නේ දෙදෙනා අතර පවතින අවබෝධයයි.ඇත්තෙන්ම විවාහය තුල වැදගත් වන්නේ ලිංගිකත්වය කන්‍යාභාවය හෝ  මත ගොඩ නැගුනු සම්බන්ධතාවයකට වඩා විශ්වාසය මත ගොඩ නැගුනු එකකි. ඒ වගේම විවාහයකදී නිතරම වර්තමානය හා අනාගතය මත ලබා ගන්නා තීරණ හැරුනු කොට අතීත සිදුවීම් මතින් එළබෙන තීරණ එතරම් සාර්ථක නොවන බව අප මතක තබා ගත යුතුය.ඒ අනුව සැමියා හා බිරිද අතර පවතින සම්බන්දතාවයේ වැදගත් වන්නේ අද සිට ඉදිරියට පවතින විශ්වාසයයි.

කෙසේ වෙතත් බිරිදකට තම කන්‍යාභාවය  ඔප්පු කර ගත නොහැකි වුවහොත් එම සිදුවීම් මුල් දින කිහිපය දී සැමියා විසින් අමතක කල ද පසුව දරුවන් සිටින කාල වලදී ඔහු නැවත නැවත ඒවා මතක් කරමින් පවුල් ප්‍රශ්න ඇති කර ගැනීමේ අවකාශය වැඩිය.මේ තත්වය දිගින් දිගටම පවතිනවා නම් එම කාන්තාව මානසික වශයෙන් දැඩි අපහසුතාවයකට මුහුණ දේ.මෙය කාන්තාවකට පමණක් බලපාන තත්වයක් නිසා ඇතැම් පුර්යන්ට ඒ පිලිබදව තැකීමක් නැත.

ඇය නිර්දෝෂී වුවත් කන්‍යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වීම විශාල ලෙස ලැජ්ජාවට පත් වීමට හේතුවක් ලෙසින් ඔවුන් සලකයි.ස්වාමියා ඒ මත පදනම් වෙමින් බිරිද සමග ආරවුල් ඇති කර ගැනීම පදනම් විරහිත කරුණකි.

ඇතැම් කාන්තාවන් තම පෙම්වතාට පවතින දැඩි ආදරය,ලෙන්ගතුකම නිසා ද විවාහයට පෙර ලිංගිකව සිටින අතර පසුව ඔහුම ඇයට අනාචාරයේ හැසිරුනා යැයි චෝදනා කරන අවස්තා ද පවතී.මෙවැනි සිදුවීම් අද සමාජයේ අනන්තවත් සිදු වේ.එම නිසා විවාහ වන තෙක්ම ඔබේ කන්‍යාභාවය රැක ගන්න.හැගීම් වලට වහල් වී තීරණ ගතහොත් ජිවිත කාලය පුරාම ඔබට විදවීමට සිදු විය හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here